ලංකාවේ ආසාදිතයින් ගණන 295 ක් වෙයි
ලංකාවේ ආසාදිතයින් ගණන 295 ක් වෙයි–කොළඹ 12, බණ්ඩාරනායකපුර නිරෝධායනයට ලක් වෙමින් සිටි.කොරෝනා ආසාදිතයින් 24 ක්
අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි.
අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.
මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.