රුපියල තවත් පහලට

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය. ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින්  තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.

මේ වසරේ ජනවාරි 1 වැනි දා ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *