රුපියල කඩා වැටීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාවයි —හිටපු මහ බැංකු අධිපති කියයි

රුපියල කඩා වැටීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාවයි —හිටපු මහ බැංකු අධිපති කියයි

රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටීමට හේතුව වත්මන් ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

යුක්තියට හඬක් සංවිධානය අද(26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රට බාර දෙන අවස්ථාවේදී 2014 වන විට ඩොලරයේ අගය පැවතියේ රුපියල් 131.05 බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව රාජපක්ෂ පාලනසමය තුළ සෑම වසරකදීම රුපියල අවප්‍රමාණය වීම සියයට 2.8ක් බව හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

රාජපක්ෂ පාලනසමය තුළ දැවැන්ත අභියෝග රැසක් තිබුණු බවත් ඒවායේ කම්පාව ජනතාවට දැනීමට ඉඩ නොදුන් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර සියයට 9.1කින් 2015 සිට මේ දක්වා රුපියල අවප්‍රමාණය වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *