රුපියල අවප්‍රමාණය වීමට හේතුව වත්මන් ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නොතිබීමයි

රුපියල අවප්‍රමාණය වීමට හේතුව වත්මන් ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නොතිබීමයි

වර්තමානයේ රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමට හේතුව වත්මන් ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නොතිබීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නිදහස් කලා සංධානය මඟින් පිරිනැමෙන නිදහස් කලා විභූෂණ සම්මානය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහතා වෙත පිරිනැමීම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සම්මාන ප්‍රධානය පැවති දිනයේදී සිරිල් වික්‍රමගේ මහතාට සහභාගී වීමට නොහැකිවීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා එම නිවසට පැමිණ එම සම්මානය ප්‍රධානය කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉතිහාසයේ කෙදිනකවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *