රුපියල් කෝටි තුනක දුම්වැටි විනාශ කරයි
රුපියල් කෝටි තුනක දුම්වැටි විනාශ කරයි
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි තුනකට අධික
වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් රේගුව විනාශ කර තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළඹ පිහිටි දුම්කොළ
සමාගම් පරිශ්‍රයේ දී මෙම දුම්වැටි තොගය විනාශ කළ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය පසුගිය වසරේ
අගෝස්තු මස කොළඹ වරායට ගෙනැවිත් තිබුණා.ප්ලාස්ටික් අමුද්‍රව්‍ය
ආනයනය කරන මුවාවෙන් මෙම දුම්වැටි තොගය ගෙන්වා තිබෙන අතර
දුම්වැටි 650,000 ක් එහි දී රේගු භාරයට ගැණුනා.