රෑ දනියෙල් දවල් මිගෙල් වගේ පිරිසක්.

රෑ දනියෙල් දවල් මිගෙල් වගේ පිරිසක්.

උදේ කියන දේ රෑට වෙනස් වෙලා එලිවෙනකොට අලුත්ම කතාවක් කියන නායකයෙක් නිසා ජනවාරි 08 විප්ලවය හෑල්ලුවකට ලක්විම ඉතා කණගාටු දායකයි යැයි, දකුණු පාළාත් සභා එ ජ ප මන්ත්‍රි සංජිව් කරුණාතිලක මහතා පැවසිය. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ 14 රත්ගම දි පැවති ජන හමුවකට සහභාගි වෙමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, “පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු හැර සියළු දෙනා අධික්ෂන මන්ත්‍රි වරුන් උනා. ඒ කාලෙ කවුරුත් මේවට විරුද්ධ උනේ නැ.සියළුම වරදාන වරප්‍රසාද භුක්ති වින්ඳා.ඒ විතරක් නෙමෙයි. අද මේවට විරුද්ධව කතා කරන පොහොට්ටුවේ මන්ත්‍රිවරු එහෙම කතා කලාට ඒ අයගේ පෙහොට්ටුවෙම දකුණු පාළත් සභාවෙ මන්ත්‍රිවරු, පළාත් සභවෙ සියළු අමාත්‍යාංශවල අධික්ෂණ මන්ත්‍රිවරුන් විදියට කටයුතු කරමින් සියළු වරදාන වරප්‍රසාද භුක්ති විඳිනව.මේ ගොල්ලොත් හරියට රෑ දනියෙල් දවල් මිගෙල් වගේ පිරිසක්.ජනතාව ගොනාට අන්දවන්න තමයි කටයුතු කරන්නෙ. අවස්ථාවදය කොයිතරම්ද කියනවනම් කන්න ඕන උනාම මේ අයට කබර ගොයත් තලගොයා කරගන්න පුළුවන්. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා “ජාතික ආණ්ඩුවේ ඇතැමි නායකයන් කටයුතු කරන්නේ සාමුහික වගකිමක් දන්නෙ නැති ගානට.ගැලරියට කතා කරන්න ඒ අය හරිම දක්ෂයි. නමුත් එයින් රටට ජනතාවට වෙන සෙතක් නැ. නමුත් ගරු අගමැතිතුමා හැමවිටම උත්සහ කරන්නෙ, සාමුහික වගකිමක් ඇතුව ප්‍රතිපත්ති ගරුකව මේ ජාතික ආණ්ඩුවේ ජනතාවාදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට යැයි වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට රත්ගම එ ජ ප ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *