රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක්
රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක්
: ලේක්හවුස් මන්සංදියේ සිට කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් මාර්ග සිට උද්ඝෝෂණ ව්‍යාපාරයේ නියෙළන බව වාරතාවෙි
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් මේ වන විට ජල ප්‍රහාරයක් එල්ල කර ඇත
කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් මේ වන විට කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.
ලෝටස් වටරවුම ආසන්නයේ දී මෙම ජල ප්‍රහාරය එල්ල කර ඇත.
මේ වන විට 2012 සිට 2017 දක්වා වසර 6 තුළ පමණක් විරැකියාවෙන් සිටින උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 57,000 ඉක්මවා ඇති බවත්, තවමත් ඔවුන්ට වගකිව යුතු බලධාරීන් විසින් රැකියා ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් සකසා නොමැති බවට උද්ඝෝෂකයින් චෝදනා කරයි.
මේ සඳහා ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව දන්වමින් හා මෙවන් තත්ත්වයක් තුළ සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
දෙරණ