රා …. දොස්තරාලගේ සූර් නොවු කතාව

ගුවනේ සිට මල්තලා කඳුළු තනන අපේ රටේ මල් දොස්තරාලා

ආරාලයි ගල් අරනනේ ලගින්නේ

තොරාලයි ඇගේ වරලස බදින්නේ

මෝරාලයි දරුවන් බඩ බදින්නේ

තෝරාලයි එතැනින් නැගිට යන්නේ

යනුවෙන් කිතුල් ශාකය කාන්තාවකට සමාන කර ඇති ආකාරය කිය වෙන අපේ පැරණි කවියකි.

නාලාගිරි ඇතාට රා පොවා බුදුන් නැසීමට තැත් කළ ඉතිහාස කතාන්දරය අප දනිමු. ඒ අනුව සඳහන් කරන විට කිතුල් කර්මාන්තයේ ඉතිහාසය ගැන සඳහන් කළ හැකි ඉපැරණි බවයි.

රා යනු, තල්, රටඉඳි, සහ පොල් වැනි විවිධ තාල වර්ගයෙහි ගස් වල යුෂය වෙතින් තැනෙන මද්‍යසාරයමය පානයකි. කෘත්‍රීම රා වලට වැට.කිතුල්වලට ලයිසන් එපා,පොල් තල් ඕනෑ. රා මැඳීමට යොදගනු ලබන පොල් හා තල් ගස් සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත. එහෙත් කිතුල් ගස් සඳහා බලපත්‍ර ගැනීමට අවශ්‍ය නොවේ.

කෘත්‍රීම රා ඇතුළු අනෙකුත් නීති විරෝධී රා නිෂ්පාදන වැළැක්වීම සඳහා සකස් කොට ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ඉදිරිපත් වූ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

වර්ථමානයේ දී කිතුල්, තල් සහ පොල් යන ගස්වලින් රා බැඳීම් හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතු නොවේ. මේ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්,බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමේ ගැටලුවක් මතු වී ඇත.

එය කෘතීම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදන ඉහළ යාමට හේතු වී තිබේ. ඒ අනුව මෙම රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින් මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ලංකාවේ ඈත අතීතයේ සිටම   රා ගැන කතා වෙන්නෙ හරි ඉහළින්ය. රා කිව්වහම තල් රා, කිතුල් රා වගේ විවිධාකාර රා වර්ග ලංකාවේ පැවතුනත් පොල් රා වලට ඒ අතරින් විශේෂ තැනක් හිමි වේ. අන්දරේ රා බීපු කතාවෙ ඉඳල  ජනකතා, ගැමි කතා, කෙටි කතා වගේ එක එක ජාතියෙ කතාවල විතරක් නෙමෙයි, කවි සින්දුවල පවා මේ පොල් රා වල රස-ගුණ ගැන හරි හරියට කතා දැකිය හැකිය.

අපේ ආදි කාලයේ දී  අපේ මුතුන් මිත්තන්ට රට වයින්, බීර තිබුනෙ නෑනේ. ඉතින් හේනෙ පැලේ ගෙවෙන ජීවිතේ කාන්සිය-මහන්සිය එහෙම මකාගන්න කෝකටත් තෛලය වගේ පිහිටට හිටියෙ රා කැටේ තමයි. ඒත් දැන් දැන් වෙද්දි මේ පාරම්පරික කර්මාන්තය විවිධ හේතු සාධක නිසා කිසියම් පසුබෑමකට ලක් වෙලා තිබුණත් අතීතයෙදි නම් මේ පොල් රා කර්මාන්තය ලංකාවේ ජනසමාජය තුලට කිඳා බැස ගියපු ප්‍රධාන පෙළේ ජීවිකාවක් වූහ. දන් ඉතං රා අතහිත දෙන්නට යහපාලන ආන්ඩුවේ සිතයොව ඇති බවක් පෙනේ.

පොල් රා කර්මාන්තය ගැන කතා කරද්දී ඒත් එක්කම හෙවනැල්ල වගේ එන අනිත් වචනය තමයි “අතුර”. රා මදින්නෙක් වත්තක රා මදිද්දී ගහෙන් ගහට නගින්න ගියොත් කල්පෙකට මේ රාජකාරිය කරගන්න බැරිවේ. අන්න ඒ ගැටළුවට පිළිතුරක් විදියට පොල් ගස් මුදුන් යාකරල ශක්තිමත් ලණුවලින් ගස් අතරෙ එහාමෙහා යන්නට හැකි වෙන්න බඳින වියමනකට අපි අතුර කියති. රා මදින්නන් ගහෙන් ගහට මාරු වෙන්නෙ මේ අතුර දිගේ. හැම ගහක්ම යාකරල අතුර බැන්දට අතුරට නගින්න හැම ගහකින්ම බැහැ. මැදීමේ කටයුතු වලට පහසු වෙන විදියට සුදුසු එක ගහක් තෝරාගෙන ඒ ගහට විතරක් නගින්න පඩි බදිනවා. “හැර” ගහ කියන්නේ අන්න ඒ ගහට.

සත්තකින්ම  අතුරෙ යනව කියන එකනම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. පළපුරුදු මදින්නො පවා අතුරෙ අඩිය තියන්නෙ සීරුවට. අඩිය වැරදිලා බොහෝ අය ජීවිතෙන් සමුගත්ත අවස්ථා පවා එමටයි. කවුරු හරි කෙනෙක් භයානක, අනතුරුදායක කටයුත්තක් කරද්දි “මේකත් හරියට අතුරෙ යනව වගේ වැඩක්” කියල ගැමියෝ අදටද කියති. සමහරවිට අපේ ජන වහරට ඒ වගේ කතාවක් එකතු වෙන්න ඇත්තෙත් මේ රාජකාරියෙ තියෙන අවදානම් බව නිසාම වෙන්නැති.

රා මදින්න තෝරාගත් ගහක මුලින්ම සිදුකල යුතු කාර්යය තමයි මල වෙලීම. මදිද්දී මල පුපුරන එකෙන් වළක්වාගන්න තමයි මෙහෙම කරන්නේ. ඉස්සර නම් මේ සදහා භාවිතා කරල තියෙන්නෙ ගොක්කොළ උනත් අද නම් භාවිතා කරන්නෙ කොහු ලණු ආදිය වේ.

රා මැදීමේ දී භාවිතා කරන සුවිශේෂී ආයුධ බහාලීමට ලී වලින් සකස් කරන ලද කුඩා පෙට්ටිය “මදින පෙට්ටිය” නමින් හදුන්වේ. මල්තැලුම, මදින පිහි කට්ටලය ආදී මල් මැදීමට විශේෂයෙන්ම සකස් කරන ලද ආයුධ ආම්පන්න සියල්ලම මේ මදින පෙට්ටියේ දාගෙන තමයි මල් මදින්නන් තම රාජකාරියට යෑම දැකිය හැකිය.

ගහින් ගහට මාරුවෙවී මල් තලල, මල අගින් සැලකිය යුතු මට්ටමේ කොටසක් ඉවත් කරල, කෙළවරින් පොඩි මුට්ටියක් බඳිනවා. ඒ මුට්ටියට තමයි මලෙන් බේරෙන රා ටික එකතුවෙන්නේ. ඒ විදියට එකතුවෙන රා ඔක්කොම එක්තු කරල ගහෙන් බිමට බාන්නෙ, “රා ලබ්බ” කියල හදුන්වන ලබු කැටයක හැඩයක් ඇති බහාලුමකින්.ලබ්බ විවිධ දේ සඳහා යොදවා ග්නා ආකාරය සිංහල ගැමි සමාජයේ දැකිය හැකිය.

සාමාන්‍යයෙන් මේ වගේ රා මැදීමේ කටයුතු සිද්ධ වෙන තැන්වල “වාඩිය” නමින් හදුන්වන ස්ථානයක් ඇත.බර් කියලා කිව්වම අපේ ඇත්තන්ට මෙය වැටහේවි. ගමේ නම් අපියන්නේ රා පොලටනේ ආයුබොවන්.. එතන තමයි රා මදින්නන් එකතු කරගත්ත රා ටික රාජ්‍ය ස්කාගාර සංස්ථාවට සහ විනාකිරි නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා ලබාදෙන තෙක්  තාවකාලිකව ගබඩා කරල තියන්නෙ. ඒ විතරක් නෙමේ වෙහෙස උනාම පොඩි නින්දක් දාන්න,බඩගිනි උනාම බත් ටිකක් උයා පිහාගෙන බඩ පුරව ගන්න උනත් මේ මිනිස්සුන්ට හෙවන දෙන්නෙ මේ වාඩිය කියන තැන තමයි.කුරුඳු වාඩිය, මැණික් වාඩිය, මාළු වාඩිය ගැන මතකයට ගත්තාම රා වාඩිය ගැන අවබෝධ වනු ඇත.

රා වාඩියේ  නීති රීති රාමුව ගැන සදහන් කලොත් රා මදින්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් අදාළ බලපත්‍ර ලබා ගත යුතු වේ. මැදීමේ රාස්සාවට යද්දි මේ බලපත්‍රයත් අදාල වසමේ ග්‍රාම නිලධාරී තුමන්ගෙන් ලබාගත් ග්‍රාම නිලධාරී සහතිකයත් අනිවාර්යයෙන්ම ළඟ තබා ගත යුතු එකළ තිබු නීතිය වේ.

මේ රස්සාව කරද්දි රා මදින්නන් මුණ දෙන ගැටලු නම් එමටයි. වැහි කාල වලදි ඉඩම් මඩ වීමත් එක්ක මඩේ එරි එරී තමයි ඔවුන්ට රාජකාරි කරන්න වෙන්නේ. නිතර මඩේ ගැවසීම නිසා කකුල්වල හට ගන්න තුවාල පැතිරුනොත් ආයෙත් සති ගානකට ජීවිකාව කරගන්න වෙන්නෙ නම් නැහැ. ඒ නිසා මේ වගේ වෙලාවට කහතෙල් හරි කවිප්පු වලට පොල් කිරි එකතු කරල සාදාගන්න මිශ්‍රණය වගේ මොනවහරි ගොඩ වෙදකමක් කරල ඔවුන් ඒ වගේ සෞඛ්‍යමය ගැටලු මග හරවා ගනිති.

වසරේ හැමදාම පොල් මල් පීදෙන්නෙ නෑ. පොල් අවාරෙකුත් එනවා. ඒ වගේ කාලවලට මේ මල් මදින්නන්ට ජීව්තය ගෙනියන්න නම් වෙන මොනව හරි රස්සාවක් කරන්න මල්තලන දොස්තරා සිදුකරයි. නැතහොත් රාමදින්නා සිදුකරනු ලබයි. මේ වගේ කාලවලට මදින්නන් කරන්නෙ පොල් ගස් අතරෙ තියෙන පොඩි ඉඩේ සුළු බෝග වගා කරන එක. ආයේ පොල් ගස් වල මල් පීදිලා පොල් වාරෙ එනකන් ඔවුන්ගේ ජීවිතය ගැට ගහගන්න උදවු වෙන්නෙ මේ වගේ තැනින් තැන වගා කරන සුලු භෝග ඵලදාව තමයි.

රා මදින්නන් බොහෝ දෙනෙක් මේ රස්සාවට එන්නෙ පරම්පරාවෙන්. ඔවුන් කියන විදියට නම් දැන් දැන් මේ පරම්පරාවෙන් ඔවුන්ට උරුම වුනු රස්සාව කරන් යන එක ගොඩක් අමාරුයිලු. ඒකට ප්‍රධානම හේතුව විදියට ඔවුන් කියන්නේ කෘතිම රා වලට රාජ්‍ය ස්කාගාර සංස්ථාව වැඩි අවධානයක් දීම සහ මේ පාරම්පරික කර්මාන්තය රැකගන්න රජයක් විදියට දක්වන දායකත්වයේ හිඟකම. ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කෘතිම රා නිෂ්පාදනයට වැඩි වැඩියෙන් බලපත්‍ර ලබා දීම නිසා මිනිස්සුන්ගෙ සෞඛ්‍ය විතරක් නෙමේ, තමන්ගේ පාරම්පරික රස්සාවත් අවධානමේ වැටිල කියලයි ඔවුන් නම් කියන්නේ. නමුත් වත්මන් ආන්ඩුව රාවට යම් තැනක් දෙන්න හැදනවා කියාලතමයි කියන්න තියෙන්නේ.

දේශීය පාරම්පරික පොල් රා කර්මාන්තය රැක ගැනීම ලාංකිකයන් විදියට අපේ වගකීමක්. මෙහි උන්නතිය සඳහා පවතින නීති රීති රාමුව ප්‍රතිශෝධනය කිරීමත් රජයේ පාර්ශවයෙන් වැඩි අවධානයක් මේ සඳහා යොමු කිරීමත් ඉතා වැදගත් වේ.

යාපනය මුල් කර ගත් උතුරු පළාතේ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික කර්මාන්තයක්ව තිබු සිය කර්මාන්තය රජයේ නිසි සහයෝගයක් නැතිකමෙන් අඩාල වෙමින් පවතින බව රා කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.රා මදින්නන් හිඟකම හේතුවෙන් ඉල්ලුමට සරිලන රා සැපයුමක් පවත්වා ගැනීමට තමන්ට නොහැකි වී තිබේ.සමස්ත ශ්‍රී ලංකාවටම පොදු කර්මාන්තයක් වූ තල්, කිතුල් හා පොල් රා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාම්ප්‍රදායික උරුමයකි.

ගංජා,අබිං,කඩු ,දුම්වැටි කරිංඥං,කේරල ගංජා, කසිප්පු තමයි අරක්කුවලට අමතරව අපි මේ වන විට බොන්නේ පානය කරති. අපේ කාලයේ අද තරුණයන්  රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා. ඒ ගැන එයාලට එහෙම දොස් කියන්නත් බෑ. මොකද අපි ලියාපදිංචි රා නිෂ්පාදනය කරන්නන් වෙලා අපේ දරුවන් මේකට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒකත් මේ අභියෝගවලට තවත් හේතුවක් වේ.

රා යනු එක් අතකින් මත්පැන් වර්ගයක් වශයෙන් හැඳින්වුවද දේශීය විදේශීය මත්පැන් හා රා අතර වෙනස හැදෙන්නේ මෙසේයි. රා යනු ස්වභාවිකවම නිපදවනු ලබන්නකි. රා-වල බොහෝ කොටස් විවිධාකාරයෙන් ඖෂධ වශයෙන්ද ආහාරමය වශයෙන්ද භාවිතයට ගැනේ. මත්භාවය සිහිබුද්ධිය සිඳෙන තරමට අවදානමක්ද නැත.

රා හැඳින්වෙන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කෙරෙන මත්පන් වර්ගයක් වශයෙනි. යාපනය දකුණු පළාතේ ද ඇතුළු උතුරුකරයේ අනන්‍යතාවක් වශයෙන් හැඳින්වෙන තල් ගස යනු එම ප්‍රදේශ පෝෂණය කරන කප් රුකක් බවයි එම ප්‍රදේශවල ජනතාව පවසයි. දකුණේපොල් ගසටද ඇත්තේ එවැනිම ස්ථානයකි.

යාපනයේ මත්පැන් ප්‍රවර්ධනය කෙතරම් සාර්ථකව සිදු වන්නේද යන්න සනාථ කරන්නේ ඒ ආශ්‍රිත රාත්‍රී අවන්හල් සංස්කෘතිය දැකිය හැකිය. ලංකාවේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය පානය කරන්නේ යාපනයේය. ලංකාවේ අප ලොකයෙන් තෙවන ස්ථානය හිමිකරගත්තේ පසුගිය කාලයේය.

රටේ ආර්ථිකය ඉහළ දැමීම ගැන සාකච්ඡා කරන විට තල් වගාව යනු ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයක් කළ හැකි කර්මාන්තයක් වන අතර තල් අරක්කු සහ රා බෝතල් කිරීම ඉනුදු ප්‍රමුඛ කර්මාන්ත වනවා මෙන්ම පැසුණු තල් රා යනු තල් අරක්කු නිෂ්පාදනයට කදිම ලෙස ගැලපේ.

දිස්ත්‍රික්කය පුරා විහිද යන ලෙස රා කර්මාන්තය පැතිර තිබීම

තල් වුව ද පොල් වුව ද   වුල් උවද  රා අගනේය. රා කර්මාන්තය කෙරෙන ප්‍රදේශ අතරින් කළුතර දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුහුදු බඩ ප්‍රදේශද ඇතුළත්ව දිස්ත්‍රික්කය පුරා විහිද යන ලෙස රා කර්මාන්තය පැතිර තිබීම ඊට හේතුවයි. කළුතර, කටුකුරුන්ද, මුහුදු බඩ සීමාවන් ඇතුළත පොල් රා කර්මාන්තය බහුල ලෙස සිදු කෙරෙන අතර, බොන්දු පිටිය, කැප්පෙට්ටියා ගහ ලන්ද, පාදුගොඩ, පිංහේන හා මාලවන්ගොඩ යන ප්‍රදේශවලද මේ කර්මාන්තය දිගු කලක සිට පවතී. පාරම්පරිකව පැවැත එන මේ කර්මාන්තය උසස් මට්ටමේ ආදායම් ලබන සොබා දහමේ ප්‍රතිඵලයට ආර්ථික වටිනාකමක් ලැබෙන එකකි. එහෙත් එදා සිට අද දක්වා බලධාරීන්ගේ දෑස් පොල් රා කර්මාන්තය කෙරෙහි යොමු නොවීම නිසා විනාශයට පත්වෙමින් තිබෙන රැකියා කිහිපය අතරට මේ කර්මාන්තයද යොමු වෙමින් පවතී.

රා කර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිස් පවසන්නේ රජයට විශාල ආදායමක් ලබා ගත හැකි මේ කර්මාන්තයට කිසිවකුගේත් බැල්ම නොලැබෙන බවය. එනිසා වෘත්තීය මට්ටමේ රා කර්මාන්තකරුවන් හා රා මදින්නන් ගේ රැකියා අවදානමක පවතී.

වසර ගණනාවක සිට රා මදින්නකු ලෙස කටයුතු කරන පිරිස් මෙසේ පවසති.

අපි රා මදින්නෙ වසර ගණනාවක සිටයි. මේක ඉතා අවදානම් රැකියාවක්. පොඩ්ඩ වැරදුණොත් මරණය. ආණ්ඩුවට විශාල ආදායමක් ලැබෙන කර්මාන්තයක් මේක. රා කර්මාන්තෙ මිනිස්සු කරනවාද කියලවත් සමහරු දන්නෙ නැහැ. අපි එක ගහකින් ගොඩ වුණහම බහින්නෙ ගස් මුදුන් කීයක් පහු කරලද. පහළ ඉඳන් බලන් ඉන්න අයට අපි අතුරෙ යනවා ලස්සන ඇති. ඒත් අපේ ජීවිත එච්චර ලස්සන නැහැ. ඒ ඔවුනගේ අදහස්යි.

සත්තකින්ම, රා කර්මාන්තෙ කරන විශාල පිරිසක් මේ පළාත් වල ඉන්නවා. ඒ මිනිස්සු හරි කනගාටුවෙන් ඉන්නෙ. දීර්ඝ ඉතිහාසයක් තියෙන රැකියාවකට මොකක්ද මේ වෙන්න යන්නෙ දැන් ආන්ඩුව රාකරිමාන්තය ගැන මොනවද කරනවාලු ඔව්වත් කතාන්දරයක් පමණක් වෙන්න හැකියි මහත්යෝ……..?

රා කර්මාන්තය විනාශ වී යාමට හේතුව රා මදින්නන්ට තියෙන ප්‍රශ්න නිසයි. අද රා මදින්න තරුණ පරපුරට ගස් නගින්න බැහැ. පුළුවන් වුණත් ඒ අයට ලැජ්ජයි. ලැබෙන්නෙ සුළු මුදලක් නිසා ඊට යොමු වෙන්නෙත් නැහැ. මේ තත්ත්වය රේන්ද රාලලාටත් ගැටලු සහිතයි. පොල් ගහක් කුලියට ගන්න කොට රුපියල් එක්දහස් පන්සීයක් විතර වෙනවා. රා ලීටරයකට මදින අයට ලැබෙන්නෙ රුපියල් හතයි. ඒක හොඳටම මදි. ඒක වැඩි කරන්න ඕනෑ. රා මදින අය පුරුදු කරන්න අවශ්‍යයි. ඒ අයට ආරක්ෂණයක් ලබාදීම ඉතා වැදගත් වෙ බවයි රා මදින දොස්තරවරැන්ගේ අදහස වී ඇත්තේ.

රා කර්මාන්තයේ ඉදිරිය සැකැසී ඇත්තේ රා මදින්නන්ගේ කැපවීම මතයි. මේ පිළිබඳ පුහුණුව ලැබූ විශේෂිත පිරිසක් විසින් මේ කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතුය. එසේ නම් මේ සමාජ ක්‍රමයේම ජීවත්වන රා මදින්නන් හා ව්‍යාපාරයේ නියුතු සියලු අය පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතුව තිබේ.

කිරි පැණි ගැන අප දනිමු. කිරි සමඟ පැණි අගනා රසයක්‌ ගෙන දේ. මී පැණි ඖෂධයකි. මී මැස්‌සා බඹරා දඬුවැල් මැස්‌සා අපට මී පැණි සකසා දෙන ස්‌වභාව ධර්මයේ අගනා සත්වයෝය. මෙහි දි කිතුල් රා ද වැදගත් වන්නේය. කිතුල් ශාකයේ (CARYOTA URENS) තෙලිදිය වලින් රා සකස් කරණු ඇත.

නාලාගිරි ඇතාට රා පොවා බුදුන් නැසීමට තැත් කළ ඉතිහාස කතාන්දරය අප දනිමු. ඒ අනුව සඳහන් කරන විට කිතුල් කර්මාන්තයේ ඉතිහාසය ගැන සඳහන් කළ හැකි ඉපැරණි බවයි.

හිමාලයේ බුදුන් වඩින විට ජල පිපාසයට විසඳුමක්‌ වශයෙන් ශක්‍රයා ලේනකුගේ වෙස්‌ ගෙන පාත්‍රය පිරෙන්නට කිතුල් මලක්‌ කපා තෙලිදිය වලින් කළ සත්කාරය ද බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව ඇත. කුම්භ ජාතකය, නිගන්දුටීකාව, ශබ්ද නීතිය, වැනි පොත්වලද කිතුල් ගැන කිතුල් පැණි ගැන සඳහන්ය. පාලි භාෂාවෙන් හීන්තාල යනු කිතුල්වලට කියන නාමයයි. කිතුල් යනුවෙන් ද සඳහන් වන්නේ කිතුල්ය. කිතුලට ඇත්තේ කි. පූ 116 දක්‌වා වූ ඉතිහාසයකි.ඒ තරමටම රාවලට ද ඉතිහාසයක් ඇත.

පෙර අප රජවරු යුද ජයග්‍රහණයෙන් පසුව කිතුල් පත්‍ර පැළඳ සිටිය බවටද තොරතුරු ඇත. මහා පරාක්‍රමබාහු රජුගේ උයන්වල කිතුල් ගස්‌ වවා තිබිණි. කිතුල් අරක්‌කු කෑගල්ලේ රඹුක්‌කන පරපේ සුන්දර ගමෙහි එදා නිපදවූ බව සඳහන්ය. ඒ අනුව පුස්‌සැල්ලේ මහා ගබඩා නිලමේ විසින් අප සිංහලයේ අවසන් රජුට ද කිතුල් අරක්‌කු සැපයූ බව පොතපත සාක්‍ෂි දරයි. මී මුර ගම්වැසියෝ උත්සව අවස්‌ථාවල දී කිතුල් රා කළගෙඩි ගෙනවිත් පානය කළ බව සඳහන්ය. පෙර රජ දවස කිතුල්වලට ගිජු වූ රජවරු ද සිටි අතර එවක සමාජයේ රා පානයට ඇබ්බැහි වූයේ කුල හීනයන් බවට සමාජ සම්මතයක්‌ තිබිණි.

කිතුල් තාල වර්ගයට අයත් ශාකයකි. තල් පොල් කිතුල් තාල වර්ගයේ ගස්‌ බව විද්‍යා පොත් පත්වල සඳහන් වේ. පැණි වරකාවට හෙන ගසන කතාවක්‌ද කිතුල් ගස්‌වලට වැඩිපුර හෙණ පතති වන බවද සමාජයේ ඇති කියමනකි.

ගලගෙදර සිට කොබ්බෑකඩුව දක්‌වා ගම්මානවල කිතුල් කර්මාන්තය සරුවට තිබිණි. කිතුල් පැණි ලබු කැටවලට දමා ඒ වෙනුවට වී ලබා ගත් ජනතාවද එහි ජීවත්ව සිටියහ. අලින්ගේ මොණරුන්ගේ හැඩයට සැකසු මහා විශාල අච්චුවල සකසන ලද හකුරු ප්‍රභූවරුන් බැහැ දැකීම සඳහා අප පැරණි සිංහලයෝ රැගෙන ගියහ. හම්බන්තොට කටුවන ප්‍රදේශයේ කඩපොලවලට හකුරු රාත්තල ශත 40 ට විකුණා ඇති බව ඒ ගම්මානවල ජනතාව අදටද කියති.

ජන කවි තේරවිලිවලද කිතුල් ගැන කියවේ. දීග දෙන වයසේ සිටින දියණියන් දීග තල දෙන්නට තරම් කිතුල් ගසක්‌ ආර්ථික අතින් පොහොසත්වය. කාන්තාවගේ කොණ්‌ඩය කිතුල් රෑන්වලට සමාන කොට ඇත.

වරදක්‌ නැතිව බැම්මක්‌ බඳිනවා දුටුමි

ලෙඩක්‌ නැතුව බෙහෙතක්‌ කවනවා දුටුමි

දුකක්‌ නැතුව කදුලක්‌ වැටෙනවා දුටුමි

කලයක්‌ අරන් ජලයක්‌ බානවා දුටුමි

මල් බෙහෙත් කිතුල් මලකට තබා පදම් කරගෙන තෙලිදිය ගන්නා ආකාරය මින් කිය වේ. තෙලිදිය අගනා පානයකි.

ආරාලයි ගල් අරනනේ ලගින්නේ

තොරාලයි ඇගේ වරලස බදින්නේ

මෝරාලයි දරුවන් බඩ බදින්නේ

තෝරාලයි එතැනින් නැගිට යන්නේ

යනුවෙන් කිතුල් ශාකය කාන්තාවකට සමාන කර ඇති ආකාරය කිය වෙන අපේ පැරණි කවියකි.

1898 දී කෙහෙල්පන්නල නැමැති අයකු විසින් ලියන ලද ලිපියකට අනුව ලංකාවේ කිතුල් අක්‌කර 30 000 ක්‌ තිබූ බව සඳහන්වේ. 1963 දී 21623 ක්‌ ලංකාවේ කිතුල් ගස්‌ තිබු බවට සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කිතුල් වැඩිපුරම ඇත්තේ මහනුවර මාතර කෑගල්ල කුරුණෑගල බදුල්ල ගාල්ල මාතලේ නුවරඑළිය වැනි දිස්‌ත්‍රික්‌කවලය.

1860 ගණන්වල කිතුල් හකුරු හා කිතුල් කෙඳි අපනයනය කළ බවට සඳහන්ය. එක්‌සත් රාජධානිය ඉන්දියාව බෙල්ජියම ජර්මනිය ඕස්‌ටේලියාව ප්‍රංශය නෙදර්ලන්තය එකී රටවල් කිතුල් කෙඳි නැංගුරම් හා බුරුසු සැකසීමට භාවිතා කර ඇත.

දැනට රටපුරා කිතුල් මල් මදින්නන්ගේ අඩුවක්‌ ඇති අතර ඒ සඳහා මල් තැලුම් කරුවන්ගේ දරුවන් රස්‌සාවට සහභාගි නොවේ. නීතිමය හා සමාජයමය හේතු නිසා මෙම තත්ත්වය ඇති වී ඇති අතර ඒ සඳහා විසඳුම් ලබා දෙන්නට දැනට ආණ්‌ඩුව පියවර ගෙන ඇත.

මල් කැපුම්කරුවන් පුහුණු කිරීම ඒ අයට යම් දීමනාවක්‌ද ලබා දීමද සිදු කෙරේ. දැනට කිතුල් ගස්‌ මැදීමෙන් ආදායම අඩු බවද කර්මාන්ත කරුවෝ පවසති. ගස්‌වල හිඟයක්‌ද දැනට ඇති වී ඇත්තේ කිතුල් මල් කැපීම නිසාය. මල් මැදීම සඳහා බලපත්‍ර ලබාදීම. ඒ සඳහා අය කිරීම් වැඩි කිරීම කර්මාන්ත කරුවන්ට වැහි කබා ලබාදීම මල්පිහි තාච්චි පැණි එකතු කිරීමේ භාජන ලබා දීමටද පියවර ගෙන ඇති නමුත්, මෙම කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීමක්‌ අධීක්‌ෂණයක්‌ සිදු නොවේ.

තල් සංවර්ධන මණ්‌ඩලය වැවිලි කෘෂි හා පශු සම්පත් අමාත්‍යාංශ කිතුල් අධිකාරිය ගෙන ඇති පියවර රැසකි. නමුත් සිදුවන සේවය මතට තිත මෙන් බිංදුවකි. මතට තිත තබා කිතුලට අත තබන්නට ආණ්‌ඩුවට හැකි නම් එය අගනේය.එය යහපාලනයෙන් සිදුකරන්නේ නම් වැදගත්ය.

කිතුල් කර්මාන්තයේ හකුරු කර්මාන්තය ද දැනට සිදුවේ. තෙලිදිය බෝතලයක්‌ මිල රුපියල් 40 ක්‌ 50 ක්‌ වේ. අදවන විට රා ලීටරයේ බෝතලයක්‌ රුපියල් දෙසීයකි. තෙලිදිය මගින් රා සකසන අතර සීනි කලවම් කිරීම නිසා ගුණාත්මක භාවය අඩු වී ඇත. තවද අතර මැදියන්ගේ ග්‍රහණයට වෙනත් කර්මාන්තකරුවන් මෙන් කිතුල් රස්‌සාව කරන පිරිස්‌ද සිටිති.

තෙලිදිය බෝතල් අටකින් පැණි බෝතල් එකක්‌ සකසා ගත හැකිය. වෙළෙද පොළේ අද පැණි බෝතලයක්‌ රුපියල් තුන්සිය පනහක්‌ පමණ වේ. හකුරු දිය වීම නිසා ඒ සඳහා මාත්තුවක්‌ වශයෙන් යම් සීනි ප්‍රමාණයක්‌ කලවම් කිරීම සිදු කරයි. නමුත් හකුරු දිය වෙන්නේ නැති ක්‍රමයකට අපට අවහ්‍ය ආකාරයට හකුරු නිපදවන මලිදුවේ විජය කුමාර මහතා කදිම තාක්‌ෂණයක්‌ යොදාගෙන ඇත. ලෝකයේ කෙසෙල් පරඬැල්ලෙන් දවටන ලද පැණිම පැණි කිතුල් හකුරු නිපදවන එකම තැනැත්තා වූ හෙතෙම වෙනත් රටවලට පවා මලිදුව පරඬැල් හකුරු අපනයනය කරන අපේ කාලයේ තරුණයෙකි.

කිතුල් රා වැඩිපුර පානය නොකළ යුතු අතර කිතුල් රාවලින් අරක්‌කු නිපදවිය හැකිය. ඒ සඳහා අපට ශක්‌තියක්‌ ඇත. දෙස්‌ විදෙස්‌ වෙළෙඳ පොළවල් ඒ නිපැයුම් මිලදී ගන්නට සුදානම්ය.

තායිලන්තයේ පොල් වතුරවලින් නිපදවන ජෙලි වැනි දේවල් කිතුල් තෙලිදිය මගින් නිපදවන්නට හැකි බව අප නොදන්නා රහසකි. ඒ සඳහා ශක්‌තිය ලබාදෙන්නට තවම ප්‍රමාද නොමැත. කිතුල් පැල සමග පුවක්‌ පැලද සිටුවන්නේ නම් ඉතා හොඳය. ඉඩම් මායිම්වල ගංගා ඇල දොළ අසල හා පාර දෙපස අලංකාරයටද කිතුල් පැල වගා කළ හැකිය. කිතුල් ආශ්‍රිතව නිපදවන ලද නිපැයුම් ආරම්භ කිරීමට පියවර ගත යුතුය. කිතුල් හනසු හා ඇට හා වෙනත් දැ මගින් වට්‌ටි පෙට්‌ටි බොත්තම් නිපදවා සංචාරක කර්මාන්තයටද අත්වැලක්‌ ලබාදිය හැකියාව තියනවා.

විනාකිරි සැකසීම රා මණ්‌ඩි සැකසීම හා වෙනත් ආහාර ද්‍රව්‍ය රැසක්‌ම සඳහා යොදා ගත හැකිය. කුඩා චොකලට්‌ පෙත්තක්‌ ආකාරයටද කිතුත් හකුරු සකසා සිත් ඇද ගන්නා ආකාරයේ දවටනයක්‌ද ඇතිව වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නට හැකිය. ඒ සඳහා යහපත් ඉහළ ඉල්ලුමක්‌ සුදු කළු සුද්දන්ගේ පමණක්‌ නොව රට පුරා දැවැන්ත වෙළෙඳ පොළක්‌ පවතී, කිතුල් කර්මාන්තයේ යෙදෙන පිරිස්‌ රක්‌ෂණය කිරීම ඔවුන් ඇගයීම උපදෙස්‌ හා නව පරපුර ඒ සඳහා යොමු කිරීම තුළ ගිය හකුරට ඇත්තටම නාඩන්නේ නැතුව සිටිය නොහැකි බව විජයකුමාර මහතා සඳහන් කළේය.

තාක්‌ෂණය පරිගණක ඇති අපේ කාලයේ ලංකාවේ කිතුලට වෙබ් අඩවියක්‌ ආරම්භ කර තොරතුරු ජාලයක්‌ සකසා කිතුලට කිතුල් පැණිවලට හකුරුවලට කිතුල් රා පොලි රා වලට ද පන දිය හැකිය. එවිට වක්‌කඩේ හකුරු හංගනවාට වඩා හකුරුවලටද රසම රස දිනයක්‌ උදාවනු ඇත.රාවලටද අපමන අගයක් හමිවනු ඇත.රටබීමවට වඩා ඇත්ටම රා නම් අගනේය.

අපේ කාලයේ සමහරු කිතුල් පොල්, තල් ගහට නගින්නේ ඇත්තටම තණ කොල කපන්නටය. ගහෙන් රා හදනවාට වඩා ගහ මුල රා හදන පිරිස්‌ වැඩිපුරම ලංකාවේ සිටිති. එහෙව් රටක කිතුලට, තල්ගසට, පොල් ගසට  අත තබනු යන්න රා කර්මාන්ත කරුවන්ගේ හඬ මුසුවයි.

අපේ රටේ දල්ලට කොලයට ඉත්තට අත්තට කදට පොත්තට මුලට මුදුන් මුලට මැද මුලනටද ඇමැති මැතිකම් ඇති රටක පොල් ,තල්, කිතුල් වගාවටද වගකියන මැත්තේක්‌ රාජ්‍ය ආයතනයක්‌ නමට හෝ ඇති කරන්නේ නම් රා වලට යහපත් විය හැකිය.

කිතුල් ගසෙහි තෙලිදිය උණු කර පැණි හා හකුරු නිපදවයි. තෙලිදිය වල ඇඹුල් මිශ්‍ර පැණි රසයක්‌ ඇත. ජලය සීනි ඔක්‌සිකාරක සීනි නයිට්‍රජන් පෙක්‌ටීන් මැලියම් හා ඝන ද්‍රව්‍යවලින් සමන්විතය.

ලංකාගම මාදුගැට මේදිරිපිටිය වාරුකන්දෙනිය අකුරැස්‌ස නෙළුව දෙදියගල දෙල්ලව මිල්ලව සිංහරාජ වනාන්තරයේ අවට ගම්මානවල කැලෑ ගම්මානවල තමයි. පැණි හකුරු කර්මාන්තය රා කර්මාන්තය කරන්නේ ඒ ගම්මානවලින් අරගෙන ඇවිත් පිට පළාත්වල අයත් අපි වාගේම කිතුල් හකුරු හදනවා  අප සමඟ කතා කළ විජය කුමාර මහතා කීය.

අවු. 2300 ක්‌ අඛණ්‌ඩව පවත්වාගෙන ආ රාජාවලිය අපේ රදළයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා එයින් අවසන් විය. ක්‍රි. ව. 1780 උපත ලද 1798 රාජ්‍යත්වයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ අවසානයේ කෲරතරයකු, කාමපිපාසිතයකු, බේබද්දකු ලෙස ඉතිහාසයට එකතුව එංගලන්ත ආණ්‌ඩුවේ රාජකීය සිරකරුවෙකු ලෙස වෙල්ලෝරයේදී අවුරුදු 51 ආයු වළඳා 1832 ජනවාරි 30 වනදා සිරභාරයේ සිටියදීම කළුරිය කළේය.

ඔහුට එල්ල වූ ප්‍රධානම චෝදනාව වූවේ කෲරතර පළිගැනීම සහ අධික බීමත්කමය. මත්පැන් පානය බුදුන් දවසද තිබූ අතර ඒ නිසාම පන්සිල්වලටද එය අඩංගු විය. සතුන්ට පවා මත්පැන් පොවා කළ විපත්තීන් බුද්ධ චරිතය තුළ විද්‍යමාන වේ. එහෙත් තේරවාදී බුදු දහම ඇදහූ  ලාංකික ජනතාව තුළ මත්පැන් පානය නිසා සිදු වූ විපත්තීන් ඇත්තේ එකක්‌ දෙකක්‌ පමණි. එයින් වඩාත්ම අප්‍රසන්නම අවස්‌ථාව ශ්‍රී වික්‍රම රාජසමයේදී සිදු විය.

ක්‍රි. ව. 1505 දී පෘතුගීසීන්ගේ ලංකා ආක්‍රමණය රාජවංශයක අවසානයක ආරම්භය විය. දකුණු දිග ගාල්ලේ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩබට පෘතුගීසිහු දුටු අපේ අය ‘අමුතු මිනිස්‌සු ජාතියක්‌ වරායට ඇවිත් තිරිවානා ගල් කා රතු ලේ බොන’ බව පැවසීය. ඒ වනවිට අපේ ජනයා පාන් සහ අරක්‌කු පිළිබඳව නොදැන සිටීම එයට හේතුවිය. මීට පෙරද අප ලාංකිකයා මද්‍යපානය කළද ඒ එකම පානය ‘රා’ විය. ‘රා’ කර්මාන්තය මෙන්ම ‘පැණි හකුරු’ කර්මාන්තයද ලංකාවේ තිබූ අතර ආගමික හේතු නිසා හෝ ‘රාජ භය’ නිසා හෝ එය එතරම් ප්‍රචලිත නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ‘හින්දු’ ආගමික වඩුග පරපුරට අයත් වුවද සිංහලයේ රජු බෞද්ධයෙකු විය යුතුය යන සංකල්පය මත ‘බෞද්ධයකු’ බවට පත් විය.

ඉන්දියාව ලංකාව වැනි බටහිර ආක්‍රමණවලට මුහුණ දුන් රටවල් මද්‍යපානයට බොහෝ සේ ඇබ්බැහි විය. එම රටවල බටහිර සංස්‌කෘතියට යට වූ අය සහ පහත් කුලවල අය බොහෝ සේ මත්පැනට ඇබ්බැහි වූ අතර සමහර උසස්‌ කුලවල අයද සමාජයේ කැපී පෙනීම සඳහා මත්පැන් උපයෝගී කරගත්හ. මේ අනුව 1505 සිට අප ලාංකික ජන සමාජයට මත්පැන් කළ හානිය අතිවිශාලය.

අර්ථ ශාස්‌ත්‍රයට අනුව රජය සතු ස්‌කාගාරවල මද්‍යපාන පෙරිය යුතු යෑයි කියති. හාල්වලින් පෙරන බීම (මේදක) පිටි හා කුළු බඩුවලින් පෙරන බීම (ප්‍රසන්ත), ආසව හෙවත් දිවුල්පාන, මුද්‍රික පාන ද මැත්පැන් ලෙස සැලකේ. ලංකාවේ සහ ඉන්දියාවේ කිතුල් පොල් හා තල්වලින් පෙරන ලද මද්‍යපානය’රා’ ය. අර්ථ ශාස්‌ත්‍රයට අනුව ඉන්දියාවේ සුරාබදු අධ්‍යක්‍ෂක වරයකු ද සිටි අතර මත්පැන් බීම, විකිණීම සහ පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ.

එහෙත් මත්පැන් පානයෙන් වැලකුණ සාමකාමි ජනසමාජයක්‌ ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිතව තිබිණ. එසේ තිබූ ජන සමාජය පෘතුගීසි ආක්‍රමණයත් සමඟම වෙනස්‌ විය. ඊට පසු පැමිණි ලන්දේසීන් ද පෘතුගීසීන්ගේ ක්‍රමයම ඉදිරියට ගෙන ගියහ. ලන්දේසි යුගයේ මෙරට පාලනයට නතුව සිටි (1726) දී’අත්තෝනියෝ කවි’ නමැත්තා අධික මත්පැනට ඇබ්බැහි වූ අයෙකි. කොළඹ අලුත් මාවතේ නිර්මාපකයා ද වූ ඔහු මද්‍යපානයෙන් පසු තම අරක්‌කැමියන් ලවා කුඩා ළමයින් මරා මස්‌ කෑවේ ය. කොළඹ අවට පොඩි ළමයි නැතිවීම සොයා බැලු ලන්දේසි ආණ්‌ඩුව ඒ අවට කඳු පාමුලක ළමයි මස්‌ පිණිස මරනු අසු විය. එම ප්‍රදේශය පසුව ‘රාස්‌සමූල කන්ද නමින් හැඳින්විණ. පසුව රජය මොහුට දස වද දී මරා දමනු ලැබීය.

අන්තිම සිංහල රාජ්‍ය කාලය තුළ ‘රා’ හැරෙන්නට අරක්‌කු, අබිං, ගංජා, බ්‍රැන්ඩි, ජින් පිළිබඳව කිසිවක්‌ නොදැන සිටි උඩ රැටියනට එය හඳුන්වා දුන්නේ පෘතුගීසීහුය. ආරක්‍ෂා සහිතව මහත් ආඩම්බරයකින් තම අනන්‍යතාවය රැක සිටි උඩරට රාජ්‍ය නතුකර ගැනීම සඳහා උපක්‍රමශීලීව ඔවුන් කන්ද උඩරටට ආවේ බොහෝ දුෂ්කරතා විඳිමිනි.

1820 අප්‍රේල් 25 දා තවත් නියෝගයක්‌ නිකුත්කළ එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරයා සිංහලේ රටවල්වල (දිසාවල) අරක්‌කු විකිණීමට අවසර ලබා දී ඇත. එමෙන්ම පිටපළාත්වලින් හෝ හොර අරක්‌කු විකිණීම තහනම් වේ. අවසර නොමැතිව අරක්‌කු විකිණීම, විකිණීම පිණිස ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ අනුව අරක්‌කු හෝ කොයි යම් මද්‍යපානයක්‌ නිපදවන්නට විකුණනන්ට තහනම් කළ රජයේ නියෝගය නිසා මෙතෙක්‌ කලක්‌ සම්ප්‍රදායික ලෙස කිතුල් රා පෙරීමද වරදක්‌ වූ අතර, පාන් පිළිස්‌සීමට පමණක්‌ අවශ්‍ය රා නිපදවීමට එම නියෝග අතර අවසර ලැබිණ. (උඩරට මහ කැරැල්ල – වී තෙන්නකෝන්) මෙයට හේතුව ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන ආහාරය පාන් වීමය.

ක්‍රි. ව. 1819 මැයි මස 01 ආරම්භව 1820 අප්‍රේල් 31 අවසන් වන මුදල් වර්ෂය තුළ සිංහලේ පළාත්වලින් අපේක්‍ෂිත බලපත්‍ර ගාස්‌තු අතර සබරගමුවෙන් රික්‌ස්‌ ඩොලර් 1457 ක්‌, තුන්කෝරළයෙන් රික්‌ස්‌ ඩොලර් 5000 ක්‌ , සත් කෝරළයෙන් රික්‌ස්‌ ඩොලර් 550 ක්‌ අරක්‌කු බද්ද වශයෙන් ඇස්‌තමේන්තු කර 1819 සැප්තැම්බර් 11 දා එය ඉංග්‍රීසි ආණ්‌ඩුවේ අයබදු කොමසාරිස්‌ එස්‌. සෝවර්ස්‌ ඉංග්‍රීසි රජයට ඉදිරිපත් කර ඇත. දුක්‌ ත ජීවිතයකට උඩරැටියා ඇදදමමින් 1815 උඩරට රාජ්‍ය තමනට නතු කරගත් ඉංග්‍රීසීහු උඩරට ශ්‍රෝෂ්ඨ බෞද්ධ ජනතාවට කළ හානිය සුලු පටු නොවේ. එහි අහිතකර ප්‍රතිඵල අද ද අප සමාජය අත්විඳිමින් සිටිනුයේ සදා වේදනා විඳිමිනි.

ඒ ආදි වශයෙන් යටත්විජිත අතිතයේ දී ලංකාවේ රාවලින් වු විනාශය ද දැක්විය හැකිය.

දේශීය වශයෙන් ඉතාම ප්‍රචලිත හා ජනප්‍රිය මත්ද්‍රවය වන කිතුල් රා, තල් රා සහ පොල් රා නිෂ්පාදනය නියාමනය නොකිරීම නිසා රා නිෂ්පාදනය අධික්ෂණයට ලක් විමක් සිදු නොවේ. දැනට කිතුල් රා, තල් රා සහ පොල් රා මැදිමට බලපත්‍රයක් ලබා ගත යුතු නොවේ ඒ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්, බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරිමේ ගැටලු මතු වි තිබේ. එසේම මේ නිසා කෘතිම රා ඇතුලු අනෙකුත් නීතිවිරෝධි රා නිෂ්පාදනය ඉහළ යාමටද හේතුවක් වී තිබේ. මේ අනුව රා නිෂ්පාදනය නියාමනයට හැකි වන ලෙස සුරාබදු පනත සංශෝධනය කෙරෙනු ඇත.

රජයේ බදු අදායම ඉහළ නැංවීම රජයේ අරමුණ වන අතර මේ අනුව ගෘහස්තව නිෂ්පාදනය කරන සියලුම මත්ද්‍රවය නියාමනය මගින් ඒ සදහා නියමිත බදු මුදලක් ගෙවිමට සිදුවනු ඇත. විශේෂයෙන් රා මැදිම ඉතාම දුෂ්කර කටයුත්තක් වන අතර ඇතැම් තරුණයන් ඉතාම සුලු ලාභයකට තමන්ගේ ජීවිතය ඉහළ අවදානමක හෙලනු ලැබේ.

මිට වසර කිහිපයකට පෙර  5000ක් පමණ සිටි රා මදින්නන් සංඛ්‍යාව මේ වන විට 7000ක් පමණට වැඩි වි තිබේ. වසර 6 කට පෙර කර්මාන්තය පිළිබඳ රෙගුලාසි ලිහිල් කිරීම නිසා වර්තමානයේ දි රා නිෂ්පාදනයට බලපත්‍ර ලබා ගැනිමට අවශ්‍ය නොවිම රා මදින්නන් වැඩිවිමට හේතු වි තිබේ.

මලේ කදුළු නෑ සිතේ සතුට නෑ ජීවිතයේ මේ සන්සාරේ එහෙම කියන්නෙ රා මල හඩන්නෙ නැත්නම් තම දරු පවුල රැක බලා ගන්න මුදල් රැස් කරන්නෙ කිහොමද මේ ගලා යන ජීවිතයෙ……….අපේ ගම රා මදින්නා……

One thought on “රා …. දොස්තරාලගේ සූර් නොවු කතාව

  • July 21, 2019 at 2:54 pm
    Permalink

    තල් රා මදින විදිය ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් වෙයිද මට…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *