රාජ්‍ය බලය දෙනවා නම් සේනා දළඹු උවදුර දින 3 න් විසඳනවා; රතන හිමි

රාජ්‍ය බලය දෙනවා නම් සේනා දළඹු උවදුර දින 3 න් විසඳනවා; රතන හිමි

රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් සේනා දළඹු උවදුරට ක්‍ෂණික පිළිතුරක් ලබා දෙන්න සූදානම් යැයි අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

සේනා දළඹු ව්‍යවසනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා රාජගිරිය පිහිටි සදහම් සෙවණෙහි ඊයේ (24 වැනිදා* සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.

රසායනික ක‍්‍රමවලින් බැහැරව මෙරට විශේෂඥයන් විසින් සකස් කළ ජෛවීය පළිබෝධක තුළින් සේනා දළඹු අර්බුදය දින තුනක් ඇතුළත විසඳිය හැකි බව ද රතන හිමියෝ පෙන්වා දුන්හ.

මෙවැනි උවදුරු ඉදිරියේදී ඇති නොවීමට දිගුකාලීන වැඩපිළිවෙළක් රජය මගින් ක‍්‍රියාත්මක කළ යුතු බව කී රතන හිමියෝ ඒ සඳහා රසායනික ක‍්‍රමවලින් ඔබ්බට ගිය පළිබෝධ හඳුන්වාදීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළහ.

අපගේ ජීව පද්ධතිය විනාශ නොකර සේනා උවදුර පාලනය කිරීම සඳහා විසඳුම් දීමට විiාඥයන් පිරිසක් අප සතුව සිටින බව ද උන්වහන්සේ කීහ.

සේනා දළඹු උවදුරට ගොදුරුව තිබෙන ගොවි බිම් ඕනෑම ප‍්‍රමාණයක් එම තත්ත්වයෙන් මුදා ගැනීමට හැකියාව ඇතැයි ද, ඒ සඳහා රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් අද හෙටම සූදානම් යැයි ද රතන හිමියෝ පැවසූහ. මේ සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා සේනා දළඹු මර්දනය කළ හැකි ඖෂධ ඇතුළු ජෛවීය පළිබෝධ සොයාගත් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *