රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ට හියුමෙඩිකා” සංවිධානය මගින් සනීපාරක්ෂක ද්‍රව්‍ය
රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ට හියුමෙඩිකා” සංවිධානය මගින් සනීපාරක්ෂක ද්‍රව්‍ය
” කොවිඩ් 19 ” වසංගත තත්ත්වය හමුවේ කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන්හට සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රදානයක් කිරීමක් “හියුමෙඩිකා” සංවිධානය විසින් සිදු කරනු ලැබීය.
ආපදා තත්ත්වයන්හිදී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමේ මෙහෙවරක් ඉටු කරනු ලබන ” හියුමෙඩිකා ” සංවිධානයේ විධායක අධ්යක්ෂ වෛද්‍ය ටී.ජී.ප්‍රිතිවිරාජ් සහ එහි ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී ජානක තොටවත්ත යන මහත්වරුන් විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම ප්රදානය කරන ලද්දේ ගම්පහ අතිරේක දිසාපති සුගත් කිත්සිරි සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත යන මහත්වරුන් වෙතය.