රවීට චෝදනා එල්ල වූනාට ඉල්ලා අස් විය යුතු නැහැ
රවී කරුණානායකට චෝදනා කොතරම් එල්ල වුවද ඔප්පු වනතෙක් ඉල්ලා අස්නොවියයුතු බව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
අමාත්‍ය රවී කරුණානායකට එරෙහි චෝදනා සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
රවී කරුණානායක හිඟන්නෙක් නොවන බවත්, ඉතා සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙක් බවත් සඳහන්කළ සරත් ෆොන්සේකා පැවසුවේ ඔහු වරදක් කර තිබේ නම් ඒවා නීතියෙන් ඔප්පු වියයුතු බවයි. යපහාලනය ගේන්න පෙරමුණේ සටන් කල වීරෝධාර දේශපාලනඥයෝ විනාස කිරීම මෙවැනි මොහොතක නොකළ යුතුත්තක් බවද ඔහු සඳහන් කළා..