රනිල්-සජිත් ට පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි–ඩුලිප් විජේසේකර

,රනිල්-සජිත් ට පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි–ඩුලිප් විජේසේකර

කිරිදිවැල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඩුලිප් විජේසේකර මෙසේ ප්‍රකාශ කළා

ප්‍රශ්නය-රනිල් සහ සජිත් ජනතාවට බොහෝ දේ ලබා දෙන බව කියමින් යනවා. ජනතාවට අල්ලස් දීලාද? ඡන්දය ගන්න ඕනෑ?

මම බොහොම ගෞරවයෙන් රටේ ජනතාවට කියනවා 2015 ජනවාරි 08 දේශපාලනය මතක් කරල බලන්න කියලා. පන්සලේ මල් වට්ටි වෙන්දේසි කරා වගේනේ දෙපැත්තෙන් ලංසු තිබ්බේ. 50000 ක් දෙනවා කිව්වා. මෝටර් සයිකල් දෙනවා කිව්වා. මෝටර් සයිකල් දෙනවා කිව්වා. අද මේ රනිල් හා සජිත් අවුරුදු හතර හමාරකට වැඩි කාලයක් පාලන බලය ලබාගත්තෙ මොනවා කියලද? මොනවද කළේ? රටට ගෙනාවෙ විනාශය විතරයි. ඒ පසුබෑම ඉතා විශාලයි. රටේ ජනතාව වරද්දා ගත්තා. මේ විනාශයේ තරම රටපුරා දකින්න තියෙනවා. ජනතාවට හොඳට දැන් අවබෝධ වෙනවා ඒක. මේ තමයි සම්බුද්ධ රාජ්‍ය. එජාපයේ රනිල්-සජිත් හා මංගල සම්බුද්ධ ශාසනයට, කහ චීවරයට මහා සංඝරත්නයට අපහාස කරලා අද දෙවියන්ගෙ හාල්වි කැවිලා වගේ ඉන්නවා. විකාර කියවන්නෙ. එයාලට මේ පල දීලා තියෙන්නේ දිට්ඨධම්ම වේදනිය කර්මය. රටේ පැරණිම හා විශාල සාමාජිකත්වයක් ඇති පක්ෂයට මෙහෙම බිම වැටිල තියෙන්නෙ ශාසනයට කරපු අපහාස නිසයි.

ප්‍රශ්නය-එයාලා මහ බැංකුවේ ඉතිරි කරලා ගියාද? ඔහොම දන්සල් දෙන්න තරම් දෙයක්?

දෙන්න තරම් දෙයක් තිබුණා නම් එයාලගේ කාලෙම දෙන්න තිබුණා නේ. පාලන බලය අරගෙන සති කීපයක් තුළ මහ බැංකුව කොල්ලකාලා ආර්ථිකය බිංදුවට බස්සලා. මහා ලොකු හා ආර්ථික විශේෂඥයෝ කියලා කියාගෙන ආවෙ. ඇවිල්ල කරපු හරිය රටම දන්නවනේ. ලැබුණු පළමු අවස්ථාවේම අපි ජනතාව ඒ යහපාලන ආණ්ඩුවට එරෙහිව නිවැරැදි තීන්දුව දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට සියයට අසූ එකක් ඡන්දය පාවිච්චි කළා. එ්ක සජිත් සහ රනිල් තේරුම් ගත යුතුව තිබෙනවා.

ප්‍රශ්නය-ඔබතුමාලට දෙන්න දෙයක් නැද්ද ඉතින්?

අපේ ජනාධිපතිතුමා කිසි කෙනෙක් විවේචනය කළේ නෑ. එතුමා බොහොම නිහඬ ව තමන් කරන ජාතික වැඩපිළිවෙළ කරගෙන යනවා. ඒ ගැන ජනතාව සමග සාකච්ඡා කරනවා. වැඩපිළිවෙල නිර්මාණය කරනවා. රටට ඉදිරිපත් කරනවා. පළාත් සභා නැතුව පාර්ලිමේන්තුව පවා නැතුව එතුමා වැඩ ටික හොඳින් කරගෙන යනවා. කොරෝනා වසංගතයේ ඉදිරියේ ලෝක බලවතුන් පවා ඇද වැටෙද්දී එතුමා ඉතාමත් හොඳ ට කොරෝනා වසංගතය පාලනය කළා. එතුමා ඒවා තමයි ජනතාවට දෙන්නෙ.

ප්‍රශ්නය-කොරෝනා වලට ලැබුණු සල්ලි සාක්ගකුවට දාගත්තා කියලා විපක්ෂය චෝදනා කරනවා.

තාම පැහැදිලි වේ පැහැදිලි වුණේ මහ බැංකුව මංකොල්ල කාලා, තමන්ගේ අමාත්‍යාංශයේ මුදල් තමන්ගෙ පුද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදවා ගෙන, රටම විනාශ කරපු අය තමයි එම චෝදනා කරන්නේ. ඒ තරම් විහිළුවක් තවත් තියෙනවද?

ප්‍රශ්නය-ඒ චෝදනා ජනතාව පිළිනොගෙන ඉදීද?

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන ජනතාව දන්නවා. ඕනම දේශපාලකයෙක් මුලින්ම ගන්න ඡන්ද ප්‍රමාණය කාලයක් යනකොට ජනප්‍රිය හීන වීමත් සමගම අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙත් අපි වගකීමෙන් කියනවා අගෝස්තු 6 වැනිදා ට හැට නව ලක්ෂයට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය ජනාධිපතිතුමා තුනෙන් දෙකක බලයක් සහිත ව ජයග්‍රහණය කරන බව. වාර්තාව කුලියට ඉතිහාස ගත වන බවත් මට විශ්වාසයි.

ප්‍රශ්නය-තමන්ගේ ප්‍රායෝගික වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න ජනාධිපතිතුමාට අවශ්‍ය වෙන්නෙ මොන විදියෙ කණ්ඩායමක් ද?

එළඹෙන මැතිවරණයේදී මැතිවරණයේ දී ඉතාමත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවන එකයි කරන්න ඕනෑ. ජනතාව අතේ තමයි ඒ තීන්දුව තියෙන්නේ. හොඳ අය බලලා එවන රටේ ජනතාවගේ වගකීමක්. මාස තුනක් තියෙනවා නේ. නිසා ඉතාමත් නිවැරදි අවංක සහ වැඩ කළ හැකි පිරිසක් එවන එක තමයි ජනතාව කළ යුත්තේ. රටේ කැමැත්තත් බලාපොරොත්තුවත් උවමනාවත් ඒකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *