රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සුමන්තිරන් සහ අනුර කුමාරයි.

රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සුමන්තිරන් සහ අනුර කුමාරයි.

උෟව වෙල්ලස්සේ විමුක්ති සටනට වසර 200ක් සපිරෙන මොහොතේ නැවතත් අධිරාජ්‍යවාදී බලවේග ඇමෙරිකානු, මහා බි්‍රතාන්‍ය හා බටහිර යුරෝපා රටවල තානාපතිවරුන්ගේ ගෝලයන් පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ මෙරට ඉරණම තීරණය කරමින් සිටින වේලාවකයි අද අපි මේ සිටින්නේ.

එදා ජෝන් ඩොයිලිලා වෙනුවට අද පාර්ලිමේන්තුව ගැලරියට වෙන ඩොයිලිලා පැමිණ තිබෙනවා. එදා බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා, ෆෙඩ්රික් නෝත් වෙනුවට අද පාර්ලිමේන්තුව ගැලරියට පිරිසක් පැමිණ තිබෙනවා. එදා කාලතුවක්කු උණ්ඩයෙන් කළ බල පෙරළිය අද පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවෙන් කරන්නට පුළුවන්ද කියා බලනවා. එදා කාලතුවක්කු උණ්ඩයෙන් කළ මර්දනය අද ඊනියා සම්බාධක පනවා කරන්නට පුළුවන්ද කියා බලනවා. සංචාරක අනතුරු ඇඟවීම්වලින් කරන්නට පුළුවන්ද කියා බලනවා. මෙරට ආර්ථිකය කඩා කප්පල් කර වට්ටා දැමීමට පුළුවන්ද කියා බලනවා.

උෟව වෙල්ලස්ස සටනට වසර 200 සපිරෙන මොහොතේදී පැරැණි අධිරාජ්‍යවාදී කල්ලි මෙරට ඉරණම තීරණය කිරීමට සූදානමින් සිටිනවා. එදා යුද්ධය තිබෙන විටද මෙරට දෙපැත්තකට බෙදුණා. ජාතික වාදී බලවේග එක කොටසක්ද, විජාතික බටහිර ගැති කුලී බලවේග එක කොටසක් ලෙසට බෙදී ගියා. එදා බටහිර ගැති කුලී බලවේග එක කොටසක් ලෙසට යුද්ධය ඉදිරියට යෑම වළක්වන්නට උත්සාහ කළා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය ලබා දුන්නොත් අපේ ආණ්ඩුවක් පැමිණි පසු එය නොගෙවන බව කිව්වා. යුද්ධය යන වෙලාවේ ආර්ථිකය බිඳ වැටිලා ආරක්ෂක මළ කඳන් තොග පිටන් කොළඹට එනකන් තොප්පිගල කැලයක් කිව්ව දේශපාලනඥයන් බලාගෙන හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් එදා යුද්ධය තීරණාත්මකව ඉදිරියට යන විට සමස්ත මහා වැඩ වර්ජනය ආරම්භ කළා. එදා වසර 200කට බූටෑව රටේ රාලලා, කොහු කුඹුරේ රාලලා, වීර මොනරවිල කැප්පෙටිපොළ සටන් කළා සේ අදත් නූතන අරගලය දියත් කරන්නට මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ මේ දෑ හිතකාමී බලවේග සටනේ අප සිටිනවා.

ෆෙඩ්රික් නෝත්, ඩොයිලි වෙනුවට වෙන නම්වලින් පිරිස් සිටිනවා. එදා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට කත් ඇදපු ස්වදේශකයන් වෙනුවට අද රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සුමන්තිරන් යන ආදී නම්වලින් හඳුන්වන්නට පුළුවන් අය සිටිනවා. එදා උෟව වෙල්ලස්සේ කඳුමුදුනේ දියත් වූ සටන අද පාර්ලිමේන්තුවේ මහජනතාව අතර එකවර දියත් වන සටනක් බවට පත්ව තිබෙනවා.

එදා ගම් පාළු ප්‍රතිපත්තිය අද ආර්ථිකය කම්බස් කිරීමේ ප්‍රතිපත්තිය ලෙස හඳුන්වා දෙන්නට බලනවා. කොහුකුඹුරේ රාලලා, වීර මොනරවිල කැප්පෙටිපොළ දියත් කළ සටන අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් නායකත්වය ලබා දෙන සටන බවට පත්ව තිබෙනවා. වීරමොනවිල කැප්පෙටිපොළ මුලින් සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේ සෙනෙවියෙක් වී සිටියා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ද මුලින් මේ විජාතික ගැති පාලනයේ ජනාධිපති වී සිටියා. වීර මොනරවිල කැප්පෙටිපාළ නිලමේතුමන්ට පුළුවන් වුණා අනුපොත යන ගමේදී උෟව වෙල්ලස්ස සටන් නායකයන් මුණගැසී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට තිබූ පක්ෂපාතීත්වය අතහැර ස්වදේශික ජනයාගේ අභිලාෂය වෙනුවෙන් සටන කරන මාවත තෝරා ගන්නට. ඒ අයුරින්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ද ඒ හා සමානව හැරවුමකට එන්නට හැකි වුණා. කුමන වෙස් පැලඳ ගත්තද අද මේ රට දෙකට බෙදී අවසානයි. විජාතික පරගැති පැත්ත එක පැත්තකද, ජාතිකවාදී දෑ හිතකාමී හවුල තව පැත්තකද සිටිනවා.

රනිල් වික්‍රමසිංහ පාලනයක් වසර තුන හමාරක් ගෙන ගියා. දුන්න පොරොන්දු ඔබට ලබා දුන්නාද, එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අප අසන්නේ එයයි.

මෙරට මාධ්‍ය ආයතන ඇතුළු මෙරට ස්වදේශික ව්‍යාපාර වැටෙන විට ගත්තේ ලයිකා මොබයිල් කියන කොටි සල්ලිවලින් ගත්ත ආයතනයයි. එවිට කොටි කළු සල්ලිවලට එන්නට පාර කැපුවා. අපේ ආණ්ඩුව කාලයේ විදේශිකයකු මහල් නිවාසයකින් නිවෙසක් මිලදී ගන්නවා නම් සියයට සියයක් බද්දක් පැනවූවා. ඔවුන් ඒ බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවා. විදේශිකයාට බදු සහනද ස්වදේශිකයාට බදු බරද පටවනවා. කෘෂිකාර්මික නිෂ්පාදන මත සියයට 14ක බද්දක් ලාභය මත පැනවූවා. ලාභය නැතත් පිරිවැය තුළ සියයට 5ක බද්දක් පැනවූවා. කෘෂිකාර්මික ආශ්‍රිත
නිෂ්පාදකයෝ ඒ හරහා කඩාගෙන වැටුණා.

යුද්ධය කරන විටද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සියයට 6.5ට වැඩි වේගයකින් පවත්වාගෙන ගිය ආර්ථිකය පසුගිය ආණ්ඩුව කාලෙදි හොම්බෙන් යන්නට පටන් ගත්තා. ණය බර කියාගෙන ආ අයියලා ටික ඩොලර් බිලියන 21කට වැඩි මුදලක් වසර තුනහමාරක කාලය තුළදී මෙරටට විදේශ ණය ලබා ගත්තා. එතරම් මුදලක් ලබාගෙන කළ දෙයක් නැහැ. දේශීය ණය බර නොවේ විදේශීය ණය බර වැඩි කළා. තව වසර එකහමාරක් ගියා නම් ගෙඩිය පිටින් ගන්න තිබුණා කියනවා. ගෙඩිය පිටින් නොව පොත්ත පිටින් විතරක් ගන්නට සිදුවෙනවා ඒ කාලය වන විට.

ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කළ පසු ගන්න වෙන්නේ පොත්ත පමණයි. ජාතික ආර්ථිකය වනසා දැමූ විට ගන්නට වන්නේ පොත්ත පමණයි. මදය නැති රටක් ගන්නට සිදු වෙනවා. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ආරාධනාව අනුව රට භාර ගත්තා.

එය අභියෝගයක් තමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා හැමදාමත් භාර ගනු ලැබුවේ අභියෝග පමණයි. රට ඉල්ලන ඕනෑම වෙලාවක කුමන අභියෝගයක් තිබුණද පලා ගිය නායකයකු නෙවෙයි. අවදානම් ගෙන මේ රට වැටුණු වළෙන් ගොඩගත් නායකයෙක්.

වෙනසක් අවශ්‍යයි කියා 2015දී ජනවාරි 8 වැනිදා ලක්ෂ 62කගේ ආනුභාවයෙන් ගෙන ආ බඩ්ඩ කෙසේද? ටයි එකයි කෝටි එකයි දමාගෙන පාර්ලිමේන්තුවේ බඩ ගෙඩිය ඉස්සරහට දමාගෙන අංශක 180 වට ඔරලෝසු කටුව මෙන් එහෙට මෙහෙට කැරකෙමින් සාක්කුවට අත දා ගමින් පොකට් බිලියට් ගසනවාද කියා මන් දන්නේ නැහැ.

මෙරට රාජ්‍ය සේවය කඩා ගෙන වැටුණා. රාජ්‍ය නිලධාරීන් වැඩ නොකර අතහැර දමා සිටියා. උතුර ආරාජික වන්නට පටන් ගත්තා. නොතිබූ ආවා කල්ලි හිස ඔසවන්නට කටයුතු කළා. උතුරේ නීතිය ක්‍රියාත්මක නොවන වාතාවරණය ඇති කළා. උතුර ඇතුළු නැඟෙනහිර පුරාවස්තු විනාශ වන්නට පටන් ගත්තා.

අප කියා සිටියේ මෙය භාරකාර ආණ්ඩුවක් කියායි. අප මහජන පරමාධිපත්‍ය බලයට යමු යැයි පැවැසුවා. මෛත්‍රිපාල සිරිසේන මහතා ගැසට්ටුව ගැසූ පසු වික්‍රමසිංහ මහතා ඇතුළු අනුර, සුමන්තිරන්ගේ බළකායේ බඩ බුරුල් වන්නට පටන් ගත්තා.

රනිල් වෙනුවෙන් යූඑන්පී එකේ සජිත්වත් වෙන කිසිවකුවත් කට අරින්නේ නැහැ. රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සුමන්තිරන් සහ අනුර කුමාරයි. අනුර කුමාරයන්ට ඒ වෙනුවෙන් තිබෙන ගාය රනිල්ටවත්, සාගලටවත්, අකිලටවත් නැහැ.

රතු පාට වෙස් පැලඳගෙන සිටියාට ඇයි සුමන්තිරන්ට රනිල් මෙතරම් නැතිව බැරි. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට රනිල් නොමැතිව බැරි නිසයි. බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒමට රනිල් නොමැතිව බැරි නිසයි. උතුරේ නීතිය අරාජික කර දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි උතුර නටවන්නට රනිල් නොමැතිව බැරි නිසයි. අනුර කුමාරට විපක්ෂයේ සංවිධායක වී නියෝජ්‍ය අමාත්‍ය තනතුර සමාන වරප්‍රසාද භුක්ති විඳින්නට රනිල් අගමැති නොවී බැරි නිසයි.
මහ බැංකුව මහ දවල් සොරා කෑ මහ සොරාව රකින අනුර කුමාරගේ හෙලුව අද හෙළි වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනතාව පීඩාවට පත් කළා කියා රවුෆ් හකීම් මහතා කියා සිටිනවා. හකීම් මහතා වසර තුනහමාරක් රනිල් එක්ක ලැග ගෙන සිටියාට අලුත්ගම දර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් එකක් දැම්මාද. පූර්ව බලැති කොමිසමක් දමා කවුරුන්ද ඒ ගැටුම නිර්මාණය කළේ කියා සොයා බැලුවාද? අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නට කොන්ද පණ තිබ්බේ නැත්තේ ඇයි? පරීක්ෂණයක් කළා නම් එන්නේ රනිල් එක්ක ආණ්ඩුව ඇතුළේ ලැග සිටි අයන්ගේ නම් නිසයි.

නව රියන්ගේ නමද, ඔහුගේ පාලනය යටතේ සිටි හිමිනමකගේ නමද, අනෙක් පැත්තෙන් හකීම්ගේ ගෝලයන්ගේ නම් එළියට එනවා.

මහින්ද රාජපක්ෂ පාලනය අස්ථාවර කරන්නට නම් මුස්ලිම් ඡන්ද පදනම ගැලවීමට ඕනෑ කියා මේ ගැටුම නිර්මාණය කළා.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පැමිණි පසු අලියාට බඩ ගියා. සීනුවට තව මොනාද ගියා. සමාජයේ අවධානය පොහොට්ටුවේ ඡන්දෙ ප්‍රතිඵලයට අවධානය යොමුව තිබෙනවා. අවධානය වෙනතකට යොමු කරන්නට සිතුවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඩී.අයි.ජී. නාලක ද සිල්වා මහතා සමඟ පොලිස් ඔත්තු කාරයන් සිටිනවා. නාමල් කුමාර කියන්නේද පොලිස් ඔත්තුකරුවෙක්. සිංහල රණකාමියෝ කියා පසුගිය කාලයේ ෆේස්බුක්වල හොල්මන් කළා. ඒ සියල්ලත් පොලිස් ඔත්තුකාරයෝයි. මහනුවර තෙල්දෙණිය ප්‍රාදේශයේ සිංහල – මුස්ලිම් ගැටුම අවුළවන්නට ඩී.අයි.ජී. නාලක සිල්වා උපදෙස් ලබා දුන්නා කියා නාමල් කුමාර කියනවා. එපමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ මුදල් තුෂාර කුරේ කියා පුද්ගලයකු හරහා අපට එව්වා කියා ඔහු කියනවා. ඒ මුදල්වල වවුචර් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහ මා ළඟ තිබෙන බව ඔහු පෙන්වනවා. මේ ගැටුම අවුළවා තිබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් මෙය අවුළවනවාද පොලිස්පති නොදැන. පොලිස්පති දැනගෙන ඒ වැඩේ කෙරෙන්නට ඉඩ අරිනවාද අගමැති නොදැන. හිටපු අගමැති බබාද කියා මා අසනවා.

අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිතව ඇති වූ ගැටුම හා පළාත් පාලන මැතිවරණයෙන් පසු මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිංහල, මුස්ලිම් ගැටුමේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයන්නට ජනාධිපති කොමිෂන් දෙකක් වහාම පත් කරන්න කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගෙන් අප ඉල්ලා සිටිනවා. එවිට කාගේ අත්වලද ලේ තියෙන්නේ කියා සොයා ගන්නට හැකියාව ලැබෙයි.

අද ව්‍යවස්ථාදායකය කරු ජයසූරිය මහතා කිහිලිකරුවක් බවට පත් කරගෙන තිබෙනවා. ඔහු හස්ති රාජ මදන මෝදකය පානය කළාද දන්නේ නැහැ. බොහෝ සිංහල බෞද්ධ ශික්ෂාකාමී දේශබන්දු කරු ජයසූරිය තෙමේ එක පාරටම සුපර් මෑන් වී ගෙන එනවා. මට නොදුන්නොත් අගමැතිකම කරු ඔබට, කියා රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූ පසු හස්ති රාජ මදන මෝදකය වැඩ කරන්නට පටන් ගත්තා. අලුතින් ඇඳුම් මහන්නට ගත්තා. කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව පැත්තකට දමා, ස්ථාවර නියෝග යකාට දමමින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පැත්තකට දමමින් මට අගමැතිකම දෙනවා නම් ස්ථාවර නියෝග, ව්‍යවස්ථාව කන්නද, සම්ප්‍රදාය කන්නද කියා මට ඇති වැඩක් නැහැ කියමින් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඬෙගා නටන්නට පටන් ගෙන. ඔබ කැමැති ඬෙගා නැටිල්ලක් නටන්න ඕවා බලන්නට අප එන්නේ නැහැ කියා අප ඔහුට පැවැසුවා.

ශේ‍ර්ෂ්ඨාධිකරණයත් පාර්ලිමේන්තුව පත් කර ගත් තැනට පත් කර ගන්නට පුළුවන්ද කියා රන්ජන් රාමනායක ගියා. රන්ජන් රාමනායක මහතාට ඇඟ තිබුණාට මොළේ නැහැ කියා කීප වතාවක් ඔප්පු කර තිබෙනවා.
ශේ‍ර්ෂ්ඨාධිකරණ ගෞරවනීය විනිශ්චයකාරතුමනි ලැබෙන තීන්දුවක් ගැන කොහොමද රන්ජන් මෙය කියන්නේ. කරුමෙටත් රන්ජන් කියන තීන්දුව නම් ලැබෙනුයේ මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට, ශේ‍ර්ෂ්ඨාධිකරණයට දෙයියන්ගේම පිහිටයි කියා තමයි කියන්නට වන්නේ.

විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණය තුනම උපදින්නේ මහජනයාගේ පරමාධිපත්‍ය බලය තුළිනුයි. මහජනයාගේ පරමාධිපත්‍ය බලය තමයි උසාවියට හිමි වන්නේ. මහජනයාගේ පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායක බලය තමයි පාර්ලිමේන්තුවේ 225 දෙනාට හිමි වන්නේ. මහජනයාගේ පරමාධිපත්‍ය බලයේ විධායක බලය තමයි ඡන්දයෙන් තෝරා පත් කර ගන්න ජනාධිපතිතුමන්ට ලැබෙන්නේ. මේ බල ආයතන මහජන මතය නොසලකා හැර බල ආයතන ඔළුව උදුම්මාගෙන මහජන අභිලාෂයන්ට පයින් ගසා ජනතාවට කොකා පෙන්වන්නට ආවොත් ජනතා පරමාධිපත්‍ය බලය තුළින් උපත ලැබූ එම බල ආයතන ගැන තීරණය කරන්නට ඔබට අයිතිය තිබෙනවා.
අගමැති නීති විරෝධී නම්, කැබිනට්ටුව නීති විරෝධී නම් පොහොර සහනාධාරය දුන්න රුපියල් 500 පොහොර මිටිය අනුර කුමරුනේ ඔබගේ ගොවි සංවිධානයේ සාමාජිකයන්ට කියනු මැනවි.

රුපියල් 500ට නීති විරෝධී එය නොගනු මැනවි කියා. මහින්ද මහතා අගමැති වීමෙන් පසුව දෙවරක් තෙල් මිල අඩු කළා. අනුර කුමාරගේ වාහනයට අඩු කළ නීති විරෝධී තෙල් මිලට නොගහා නීත්‍යනුකූල රනිල්ගේ තෙල් මිලට තෙල් ගහගනු මැනවි කියා මා කියනවා. සහන ලැබෙන විට නීත්‍යනුකූලයි. රනිල්ට පට්ටම නැති වූ පසු අප නීති විරෝධී වන්නේ.

මේ ආරම්භ කර ඇති දෑ හිතකාමී ගමන සවිමත් කරමු. රනිල් – අනුර – සුමන්තිරන් පරගැති හවුලට එරෙහි සටන ජාතිය නැවත නිදහස් කරනු ලබන සටන, ආර්ථිකය ස්වාධීන කරන සටන, ඒකීය භාවයට පණ පොවන සටන, නීති ගරුක රටක් හදන සටන නායකත්වය ලබාදිය හැක්කේ මෛත්‍රිපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන මේ ජාතිකවාදී කඳවුරට පමණයි.

මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *