රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ

රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එම්. ඒ. සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගන්නාවූ තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා ඊයේ (20 දා) බෙලිඅත්ත නාකුළුගමුව මැද්දෙණිය ශ‍්‍රී ශෛල්‍යාරාම විහාරස්ථානයේ පැවති පිංකමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

ව්‍යවස්ථාවක් දැකලා නැති රට බෙදන්න යනවා කියනවා. ව්‍යවස්ථාවට කාරණා කිව්වේ ඔවුන්මයි. ඒක ව්‍යවස්ථාවක් නොවෙයි කියනවා. කෙටුම්පතක් නෙවෙයි කියනවා. සමහරු කෙටුම්පතක් කියලත් තියෙනවා. මේක දන්නේ රනිලූයි සුමන්තිරන් මහත්තයයි දෙන්නා විතරයි. මොකද ඒ දෙන්න රහසිගතව ගත්තා වූ තීන්දු ක‍්‍රියාත්මක කරන්නයි හදන්නේ. ඒකට අප ඉඩ දෙන්නේ නෑ.

චීන භාෂාවෙන් තමයි අගමැතිවරයාගේ ජීවිත කතාව ලියන්න ඕන. මේ රටේ තත්ත්වයයි චීනයට මේ රටේ වරායන් විකුණපු එක ගැනයි ලියවෙයි ද දන්නේ නෑ. රටේ සම්පත් විකුණපු හැටි ගැනත් ලිව්වා නම් හොඳයි.

විiාපීඨවලට වසර 03 කින් ළමයි අරගෙන නෑ. මේ ආණ්ඩුව අධ්‍යාපනය ගැන බොරුවට කතා කරනවා වියදම් කරනවා කියලා. මේ කරන්නේ කප්පාදු කරන එක. ඒකෙන් ගුරුවරුන් බිහිවීම නවතන එකයි. රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.

සේනා දළඹුවා ගැන රජය නිහඬව සිටීම ගැන අපිට සැකයක් තියෙන්නේ. මේක රජයේ වුවමනාවක්ද කියලා. පිට රටින් ආහාර ගෙන්වන්න කෘෂිකර්මය විනාශ කිරීමේ වැඩපිළිවෙළකට කාගෙහරි කුමන්ත‍්‍රණයක් ද කියලා අපිට සැකයක් මතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *