රන්ජන් රාමනායකගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ විරෝධය

රන්ජන්ගෙන් හිටපු ජනපතිට පිළිතුරක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේදී මෙරට ඇතැම් අධිරණ විනිසුරුවරුන්, නීති වේදීන්, පූජකයින් නිසා අධිකරණ
ස්වාධීනත්වය අහිමි වී ඇති බවත් හොරුන් මිනීමරුවන් කුඩුකාරයින් ආරක්ෂා කිරීම සදහා පෙනීසිටීම තුල ජනතාව එසේ ප්‍රකශ කරන බව
නි අමාත්‍ය වරයා ප්‍රකාශ කරන ලදී. මෙසම්බන්ධයෙන් හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ප්‍රකාශය පිළිබද අවධානය යොමුකළ
යුතු බව ප්‍රකාශ කරන ලදී රන්ජන්ගෙන් හිටපු ජනපතිට පිළිතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් යම් අයෙක් ස්වාධීන අධිකරණයට පහර දෙන්නේ නම්  ඒ පිළිබඳව දැඩි අවධානය යොමු
කරන ලෙස හිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතා ගෙන්
පාර්ලිමේන්තුවේදී අද (21) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති අධිකරණය පිළිබඳ  පනතක් සම්බන්ධ විවාදයේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය
අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  කළ කතාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා
මතු කළ කරුණු කතා කරමින්  හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේය.

දිනේෂ් ගුණවර්ධන –

මගේ මිත්‍ර සහෝදර මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ශේෂ්ඨාධිකරණයට , නඩුකාරවරයෙකුට අපහාස කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ ?

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – 

මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තාම දන්නේ නැහැ
.
මහින්ද රාජපක්ෂ මහතා

පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. මම මතක් කරනවා , ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා කළ ප්‍රකාශයක්  නිසා එතුමාට
රුපියල් 50,000ක් දඩ ගැහුවා . නිවැරදි කිරීමට යටත්ව පාර්ලිමේන්තුව පාවිච්චි කරලා යම් කෙනෙක්  ස්වාධීන වූ අධිකරණයට මෙහෙම පහරදීම ගැන අපේ අවධානය යොමු කළ යුතුයි.

එදා මුලාසනයට ඒක නතර කරන්න තිබුණා. අධිකරණයට චෝදනාවක් තියෙනවා නම් විශේෂ යෝජනාවක් ගෙනත් ඒ ගැන විවාද කරමු. පාර්ලිමේන්තුව මීට වඩා උසස් විදියට
වැඩ කළානම් හොදයි කියලා මම හිතනවා.

සභානායක –

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාට දඬ ගැහුවේ නැහැ . එතුමාට කිව්වේ පිනට ගෙවන්න කියලා . මම පාර්ලිමේන්තුවේ  හිටියානේ , මේ අය තමයි අග්‍රවිනිශ්චකාරතුමිය එළෙව්වේ (මහින්ද රාජපක්ෂ මහතා දෙසට අත දික් කරමින්) ඔබතුමා එළෙව්වේ . අපි
එදා ඒකට විරුද්ධව කතා කෙරුවා . මේ අය එළෙව්වේ.

රන්ජන්ගෙන් හිටපු ජනපතිට පිළිතුරක්

පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය කිසිවිටෙකත් ඉල්ලා අස් කරගන්නේ නැතැයි සමාජ
සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේයෙ.

“ මා සභාවේ නැති අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා ඊයේ (20) මා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට වැරදී අර්ථකථනයක් දී තිබුණා. මම කිසිම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නම ප්‍රකාශ කළේ නැහැ . අධිකරණයට, නීතියට,අපහාස කළේවත් , අභියෝග කළේවත් නැහැ.

මා ඊයේ කී සෑම වචනයකම වගකීම මා භාරගන්නවා . කිසි විටෙකත් එය ඉල්ලා අස්කරගන්නේ නැහැ .මිනිමරුවන් , කුඩුකාරයින් , හොරුන් , එළියේ ඉන්නා බවත් , දේශපාලකයින්ගේ , පුජ්‍ය පක්ෂයේ හා ජනතාවගේ වරදින් එය වී ඇති බවත් මාගේ කතාවේ මුඛ්‍ය අර්ථය වුණා. නීතිඥයින් හොරුන් බේරන නිසා තමයි හොරු එළියේ ඉන්නේ.  ඒ බව මම නැවත නැවතත් ප්‍රකාශ කරනවා “ යැයි රාමනායක මහතාපැවසීය.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *