රන්ජන් කියන්නේ බොරැ.. ඔහු සමග සිටියේ භෞත චිකිත්සකයෙක් නොවේ.. – භෞත විකිත්සක සංගමය කියයි..

රන්ජන් කියන්නේ බොරැ.. ඔහු සමග සිටියේ භෞත චිකිත්සකයෙක් නොවේ.. – භෞත විකිත්සක සංගමය කියයි.. ‘

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේ සිය නිල නිවසට ගෙන්වාගෙන ඇති පුද්ගලයන් භෞත චිකිත්සක නිලධාරියෙක් යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද එකී නම සදහන් පුද්ගලයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී නැති බවත් ඔවුන් කියා සිටියි.

රට පුරා විවිධ පුද්ගලයන් භෞතචිකිත්සාවට මුවාවී විවිධ විෂමාචාර ක්‍රියා සිදුකිරීම මීට පෙරද වෛද්‍ය වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන කනගාටු වන බවත් නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපතිවරයා කියා සිටී.

ඊයේ දිනයේ ඇදිරි නීති නියෝග කඩකරමින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මුණගැසීමට ඊයේ පැමිණි පුද්ගලයෙකු සහ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී රාමනායක මහතා කියා සිටියේ මෙම පුද්ගලයා තමන්ගේ භෞත චිකිත්සකවරයා බවත් රජයේ නිලධාරියෙකු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *