රථ වාහන කුලියට ලබාගෙන ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණීමේ ජාවාරමක් ගම්පහදී කොටුවේ —

මෙම වාහන රුපියල් ලක්ෂ දෙසීයකට පමණ වැඩි වටිනාකමින් යුක්ත වන අතර එසේ විකුණලද වැගන් ආර් wagon r රථ තුනක් මේ වනවිට ගම්පහ පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සොයාගෙන ඇති අතර තවත් හතරක් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ මොහුන් එම රට වෙළද පොලේ පවතින මිලට වඩා අඩු මිලට විකුනා ඇත

කුලී පදනම මත රථවාහන ලබා ගනිමින් ව්‍යාජ ලිපි ලේඛණ සකසා විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින්ට අලෙවි කළ බව කියන ජාවාරමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයින් සිව් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධියේ පළමු සැකකරුවන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වන අතර දෙවන සැකකරු වන ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. අත්ඩංගුවට ගෙන ඇති අනෙක් දෙදෙනා ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බව කියන බුත්පිටියේ පදිංචි 62 හැවිරිදි අයෙකු සහ මිනුවන්ගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

පළමු පුද්ගලයින් දෙදෙනා විසින් සීදුව , කුලියාපිටිය , මීගමුව ඇතුළු විවිධ ප්‍රදේශ වල වාහන කුලියට දෙන ස්ථානවලින් කාර් සහ වෑන් හතක් ලබා ගනිමින් කූට ලේඛන සකස් මෙලෙස අලෙවි කොට ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර මේ සදහා භාවිතා කළ බව කියන මුද්‍රා 60 ක්ද සොයා ගෙන ඇත.

මෙම මුද්‍රා අතර ප්‍රාදේශීය ලේකම් වරුන් , ග්‍රාම නිලධාරී, නීතිඥ වරුන් , පොලිස්ථානවල ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගේද වන බවත් පොලිස්ථාන මගින් නිකුත් කරනු ලබන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සදහා භාවිතා කරන ලේඛනද වන බවත් පොලීසිය පවසයි.

මේ වනවිට සිදුකොට ඇති පරීක්ෂණ මත අලෙවි කොට තිබු වැගන් ආර් වර්ගයේ වෑන් රථ තුනක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි වාහන හතර සොයා ගැනීම පිනිස පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලීසිය සදහන් කරයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ මෙහෙයවීම යටතේ, උප පොලිස් පරීක්ෂක වරුන්වන ගුණසේකර සහ සුජීව යන මහත්වරුන් ඇතුළු සැරයන් රොෂාන් (12839) , කොස්තාපල් වරුන් වන ජනක ( 38689 ) , දිසානායක ( 74570 ) , තෙන්නකෝන් ( 12421) සහ වනසිංහ ( 91839 ) යන නිලධාරීන් විසින් වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *