“රතුපස්වල සිද්ධියේ එවකට සිදුකල පොලිස් පරීක්‍ෂණ වල සාක්‍ෂි විනාශ වීමට ඉඩ හැරලා ” – CID අධිකරණයට දැනුම් දෙයි

ගම්පහ රතුපස්වල වැලිවේරිය ප‍්‍රදේශ වල පානීය ජලය ¥ෂණයට එරෙහිව 2013 අගෝස්තු 01 දින ප‍්‍රදේශවාසීන් දියත්කළ විරෝධතාවයට එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. එහිදී තිදෙනෙකු ඝාතනය කිරීම හා තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරා තිබූ නඩුව යලි අද දින ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද දින කැඳවනු ලැබීය.
ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ෘග්ග රුවන් පතිරණ මහතා ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ එවකට සිටි බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එවකට සිටි ගම්පහ සහකාර පොලිස් අධිකාරී මාසිංහ මහතාට භාර දී ඇතත් ඔහු විසින් වෙනත් පොලිස් පරීක්‍ෂකවරයෙකුට එය භාරදීම හේතුවෙන් මෙහි සාක්‍ෂි විනාශ වීමට ඉඩ හැර ඇති බවයි.
නැවත නඩු විභාගය අගොස්තු 23 දිනට කල්තැබූ අතර සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *