රත්නපුරේ කපුවා ඇල්පිටියේ දී දැරියක බිල්ලට ගනී……

රත්නපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක්

සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.03.21දැරියක බිල්ලට

රත්නපුර දෙදරු පියෙකු වු කපුවා දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය
නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි
කියන පුද්ගලයෙකු (20) දින සැකපිට අත්අඩංගුවට ගත්බව, ඌරගස්මංහන්දිය පොලීසිය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිස් කොට්ඨාසයේ පදිංචි 56 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු රත්නපුර ප්‍රදේශයේ
දේවාලයක් පවත්වාගෙන යන කපු මහතෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සැකකරුගේ දරුවන් සමඟ එකට සෙල්ලම් කරමින් සිටින අසල්වැසි නිවෙසක පදිංචි පුංචි දියණිය අවස්තා කිහිපයකදී මෙම නරුම පුද්ගලයා අතින් අපයෝජනයට ලක්ව ඇතැයි ද පොලීසිය පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ පැමිණිල්ල පොලීසියට ලැබුණු විගස සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය යන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව පොලීසිය කියයි. පසුව පොලීසියට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායම් කිහිපයක් බුද්ධි අංශ නිලධාරින් සමඟ මෙහෙයුමක් දියත් කරමින් සිටියදී නීතිඥ මහතෙකු මඟින් පොලිසියට බාර වීම සඳහා පැමිණි සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.  සිද්ධියට සම්බන්ධ ළදැරිය රෝහල් ගතකර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.ඇල්පිටිය පොලිස් අධිකාරී නිතිඥ නිහාල් තල්දූව මහතාගේ හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත් ජයන්ත හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධපති කාන්තා උප පොලිස් පරික්ෂක දිලූකා යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *