රත්තරන් බද්දට රවිගේ විරෝධය

රත්තරන් බද්දට රවිගේ විරෝධය

රත්තරන් සඳහා පනවා ඇති 15% බද්ද අනවශ්‍ය දෙයක්‌ යෑයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

ජනතාව පීඩාවට පත් කරන අනවශ්‍ය බදු පැනවීම් ගැන තමන්ගේ විරෝධය පළ කරන බවද රවි කරුණානායක මහතා කියා සිටී.

ආණ්‌ඩුව වෙනස්‌ වුණාට දේශපාලකයෝ පිටුපස යන නිලධාරීන් වෙනස්‌ නොවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම තත්ත්වය උදා වී ඇතැයි ද රවි කරුණානායක මහතා කියා සිටී.

ඊයේ (20දා) තොටලඟ එජාප කාර්යාලයේ පැවැති කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේය.

අද පෙරහැරේ යන්නේ කරඬුව වඩම්මන හස්‌තියා වෙනුවට බොරු කකුල් කාරයෝ බවත් රටේ වත්මන් තත්ත්වයත් ඒ වගේ බවත් රවි කරුණානායක මහතා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රටේ ආරක්‌ෂාව හදන්න දැඩි පරිශ්‍රමයක්‌ යොදද්දි ඊට බාධා කරන දෙතුන් දෙනකු සිටින බවත් නායකයන් දෙපළ එය අවබෝධ කරගෙන සිටිනවා යෑයි තමන් විශ්වාස කරන බවද රවි කරුණානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *