රත්ගම මුහුදේ නාන්න ගිය අයෙක් මරුට

රත්ගම මුහුදේ නාන්න ගිය අයෙක් මරුට

ගාල්ල රත්ගම දේවිනිගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයකු  රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් මියගොස් ඇති බව රත්ගම පොලිසිය කියයි.මියගිය පුද්ගලයා  තවත් මිතුරෙකු සමඟ  දිය නෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බව  පොලිසිය පෙන්වා දෙයි. මෙසේ මියගොස් ඇත්තේ කේ.චමිල කුමාර (28) නැමති රත්ගම කටුදම්පේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු කොළඹ නගරයේ රැකියාවක් කරන අයෙකි.රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටියදී මිතුරා විසින් මොහු  ගොඩට රැගෙන විත් ඇති අතර ඒ වන විටත් මොහු මියගොස් සිටි බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *