රට සංවර්ධනය කිරීමට රාජ්‍ය දේපළ විකුණන්න ඕනෑ නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

රට සංවර්ධනය කිරීමට රාජ්‍ය දේපළ විකුණන්න ඕනෑ නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

3වසර 30 ක යුද්ධය අවසන් වූ පසු රට සංවර්ධනය කිරීම සඳහා රජයේ දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බවත් රටේ සම්පත් උපයෝගි කරගෙන රට සංවර්ධනය කළ හැකි බවත් හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (26 දා) කොළඹ විජේරාම මාවත පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ජපානයේ කියෝඩා ප‍්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදී ඩෝටා එන්ඩෝ මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

වර්තමාන රජයට රට සංවර්ධනය කිරීමට තබා ජනතාවගේ කුසගින්න නිවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, එසේම ජපන් ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ‍්‍රී ලංකාව හා ප‍්‍රදේශය හම්බන්තොට බවත් විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කළේය.

දේශීය සම්පත් අලෙවි කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බව ද එතුමා ජපන් කියෝඩා ප‍්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදී ඩෝටා එන්ඩෝ මහතා සමග වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *