රට වෙනුවෙන් යමක් කරන්න බැරි නම් මේ රටට ණයකාරයෙක් වෙනවා කියලා සිතුනා– සුනේත්‍රා සමරකෝන්

රට වෙනුවෙන් යමක් කරන්න බැරි නම් මේ රටට ණයකාරයෙක් වෙනවා කියලා සිතුනා– සුනේත්‍රා සමරකෝන්

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා අපේ ජන බල පක්ෂය ඉදිරිපත් වී සිටින ඇය මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය නිට්ටඹුව ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්ය.

මා දේශපාලනයට ඒමට හිටපු කෙනෙක් නොවේ. නමුත් මගේ දරුවන්ගේ කටයුතු ඉවර උනාට පස්සේ ඇයි? මේ වටිනා කාලය රට වෙනුවෙන් යමක් කරන්න බැරි නම් මේ රටට ණයකාරයෙක් වෙනවා කියලා සිතුනා. මා ඒ අනුව මිරිගම මැතිවරණ කොට්ඨාස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වි අසරණ වූ විශාල පිරිසකට සේවාවක් කළා.

පොඩි දරුවෙකුගේ අම්මා කෙනෙක් මට ඇවිල්ල කියනවා. ඒ පොඩි දරුවා කියනවලු අපේ ආච්චි අම්මට වඩා මැඩම් හොඳයි. කියලා. ඇත්ත වශයෙන්ම මට දරුවෝ ආදරෙයි. කාන්තාවන් ආදරෙයි. ඒ හැම කෙනෙක්ම ආදරෙයි. ඇයි මම දන්නවා ජනතාවට ලැබෙන්න ඕන දේ මොකක්ද කියලා.

දේශපාලන තුළින් හැමදාම බැටකාපු පිරිස තමයි අපේ ඉන්නේ. අද මා වටා පක්ෂ භේදයෙන් තොරව ජනතාව එකතු වෙලා ඉන්නේ ඇයි කියලා. ඒගොල්ලන්ට සාධාරණය ඉටු කරගන්න අපි අද දේශපාලන සම්ප්‍රදායෙන් ඉවත් වෙමු. සම්ප්‍රදාය වැඩක් නැහැ. අපිට ඕනේ අපේ රට ජාතිය ආගම රැකගන්න. මේ දේවල් අපේ දරුවන්ට නැති වුනොත් ඒකට වග කියන්න අපි තමා. අපි හැම කෙනෙක්ම පාට පක්ෂ හිතන්න එපා. ඕගොල්ලෝ දන්නවා මම පසුගිය ජනාධිපතිවරණෙදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස රැස්වීම් 250ක් පමණ පැවැත්වූවා. මා මිරිගම සාර්ථකම දේශපාලන වැඩමුළුව කළා කළා

නමුත් කියන්න කනගාටුයි අපේ පත්‍රිකා වල ජනාධිපති කියන නම සඳහන් කරන්න තහනම් තත්ත්වයට පත්වෙලා. නමුත් අපි ආදරය කරනවා අපේ ජනාධිපතිතුමාට. එතුමා මේ රට හරි යහමගට රැගෙනවිත් ඉතා හොඳ රටක් බවට පත් කිරීමේ කටයුතු සිදුකරයි යන බලාපොරොත්තු අපේ හදවතේ තිබෙනවා

අපි අපේ ජන බල පක්ෂය ස්වාමීන් වහන්සේලා පෙරටු කර ගනිමින් අපි යන ගමන රටට වැඩදායී දෙයක් වෙයි කියලා අපි හිතනවා. අපේ ජන බල පක්ෂය අලුත් පක්ෂයක්. ඒ නිසා තවම ජනතාව අතරට ගිහිල්ලා නැහැ.

ඒකට හේතුව අපිට මාධ්‍ය වාරණ හැමතැනම. මාධ්‍ය වල අපේ දේවල් යන්නේ නැහැ. මාධ්‍ය විතරක් නෙමේ අපේ රටේ හැම දෙයක්ම තිබෙන්නේ එක නීතියක් නොවේ. පොහොසතා ට එක් නීතියක්. අහිංසක දුප්පතාට තවත් නීතියක්. මමත් පෝසත් කාන්තාවක් වෙන්න පුළුවන්. නමුත් මම කවදාවත් වැරදි කරපු කෙනෙක් නෙමේ. වැරදි කරන කෙනෙකුත් නෙමේ. මම බය නෑ තනියම මහ පාරේ බැහැලා යන්න. ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ. මොකද දන්නවද? වැරදි කරපු අයට තමයි ඒ දේවල් අවශ්‍ය වන්නේ. අපි දැනගන්න ඕනේ අපේ රටේ එක නීතියක් හදන්න අපේ රටේ ස්වාමීන් වහන්සේලා පෙරමුණ අරන් තියෙන වෙලාවේ උන්වහන්සේලා පෙරමුණේ තබාගෙන අපි අපේ රට රැකගන්න ප්‍රතිඥාවක් දෙමු. මෙි වෙලාවේ අපේ රට රැක ගනිමු

දැනටමත් බන්ධනාගාරයේ සිට සිදුවෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ වැළැක්වීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම පිළිබඳව අපි අගය කළ යුතුයි. හොඳ දේ වලට අපි සම්පූර්ණ සහයෝගය දැක්විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *