රට පුරා පෙට්රල් හිඟයක් ඉන්ධනහල්වල දිගු පෝලිම්

රට පුරා පෙට්රල් හිඟයක් ඉන්ධනහල්වල දිගු පෝලිම්

දිවයින පුරා ප්‍රදේශ ගණනාවකම සිකුරාදා (03දා) පස්වරු වන විට පෙට්රල් හිඟයක් ඇතිව තිබූ බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන ඉන්ධන ඇණවුම්වල ප්‍රමාදයක් පදනම් කර ගනිමින් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට නිකුත් කරන පෙට්රල් ධාරිතාවේ අඩුවීමක් නිසා මෙම පෙට්රල් හිඟය ඇතිව තිබූ බව තෙල් සංස්ථා ප්‍රකාශකයෙක් පැවැසීය.

තෙල් ඇණවුම් කිරීමේ ප්‍රමාදය නිසා මෙරටට නැවත පෙට්රල් තොග රැගෙන නෞකාවක් පැමිණීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා බවද එම ආරංචි මාර්ග පවසයි.

එසේම ලංකා ඉන්දීය ඔයිල් (IOC) සමාගම විසින් ආනයනය කරන ලද පෙට්රල් මෙටි්‍රක් ටොන් විසිදහසක් රැගත් නෞකාවක් කොළඹ වරායේදී සිදු කරනු ලැබූ තෙල් ප්‍රමිති පරීක්ෂාවෙන් අසමත් වීමත් සමඟ මෙම පෙට්රල් හිඟය උත්සන්න වී ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම තත්ත්වය නිසා දිවයින පුරා ප්‍රදේශ රැසකම ඉන්ධන පිරවුම්හල්වල සිකුරාදා (03දා) පස්වරුවේ සිට දිගු ඉන්ධන පෝලිම් ඇතිව තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *