රටත් ජාතියත් රැවටූ මලික් නව කැබිනට් එකේ සිටිය යුතු නෑ

රටත් ජාතියත් රැවටූ මලික් නව කැබිනට් එකේ සිටිය යුතු නෑ

අන්තර්ජාතික වෙළෙ¼දාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා, රට අපකීර්තියට පත් කළ මලික් සමරවික්‍රම හට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ (19දා) රජයේවෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල පෙරේරා,
නව කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම ගැන මේ දිනවල රටේ සාකච්ඡාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ අදහස තමයි මේ පත් කරන නව කැබිනට් මණ්ඩලයට මලික් සමරවික්‍රම වැනි පුද්ගලයන් නැවත පත් නොකළ යුතුයි කියලා.

මේ සිංගප්පූරු ගිවිසුම ගැන මලික් සමරවික්‍රම මහ නායක හිමිවරුන්ට බොරු කිව්වා. පාර්ලිමේන්තුව රැවැට්ටුවා, කැබිනට්ටුව රැවැට්ටුවා, එහෙම කරලා ජාත්‍යන්තරය එක්ක ගිවිසුමක් අස්සන් කරලා රට අපකීර්තියට පත් කළා. මේ කරුණා ගැන විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා. අපි සතුටු වෙනවා මේ රටේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මැදිහත්වීම පිළිබඳව.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට කොන්දේසි විරහිතව අපි එතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.
ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා අන්තර්ජාතික වෙළෙ¼දාම සම්බන්ධයෙන් කිසිදු අමාත්‍යධුරයක් මලික් සමරවික්‍රමට ලබා නොදිය යුතු බව.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය දනුෂ්ක දේශප්‍රිය,

කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සිංගප්පූරු ගිවිසුම හරහා අපේ රටේ සේවා ටික සිංගප්පූරුවට විවෘත කළා.

මේ ගිවිසුම හරහා අපේ රටේ සේවා ටික සිංගප්පූරුවට පමණක් නොවෙයි පාවලා දීලා තිබෙන්නේ. ඉන්දියාව, චීනය, මැලේසියාව කියන රටවල් හමුවේ පාවලා දීලා තිබෙනවා. 1815 අපේ රට සුද්දාට විතරයි යටත් වුණේ. නමුත් මේ ගිවිසුම හරහා සුද්දාට විතරක් නෙමෙයි මේ ලෝකයේ සියලු රටවල් හමුවේ අපිව පාවා දීලා ඉවරයි මේ හිටපු ඇමැතිවරයා. මේ ගිවිසුම හරහා අපේ රටට කිසිදු වාසියක් හෝ ලාභයක් නැහැ. මෙවැනි ඇමැතිවරු තවදුරටත් අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලයේ නොසිටිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *