රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කිසිසේත් ඉඩදෙන්නේ නැහැ – බොදුබල සේනා සංවිධානය

 

රටේ ජනතාවට අද තිබෙන්නේ  ව්‍යවස්ථාව පිළිබඳ ගැටළුවක් නොව ජීවත් වීම පිළිබඳ ගැටළුවක්

කිසිදු ප්‍රයෝජනයක් නැති ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවක් ගෙනැවිත් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරනවා. රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කිසිසේත් ඉඩ නොතබන බවයි  ඥානසාර හිමියන් පවසන්නේ.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ, නව බවයි.

ව්‍යවස්ථාවක් පිළිබදව සාකච්ඡා කිරීමට වත් අවශ්‍යතාවක් නොමැති මොහොතක රටේ පොදු මහජනතාවට අවශ්‍ය නොවන ව්‍යවස්ථා සංශෝධනයක් සමඟ රට තුළ දැවැන්ත අරගලයක් නිර්මාණයට අවශ්‍ය පසුබිම රාජ්‍යයේ බලධාරීන් නිර්මාණය කර ඇති බව ද උන්වහන්සේ පවසනවා.

ව්‍යවස්ථා අර්බුදයෙන් ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය වන බවත්, රටේ ජනතාවට අද තිබෙන්නේ  ව්‍යවස්ථාව පිළිබඳ ගැටළුවක් නොව ජීවත් වීම පිළිබඳ ගැටළුවක් බවයි  ඥානසාර හිමි වැඩිදුරටත් පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *