යාපනයට ආ  භූත යක්‍ෂ සාතන් ඩීමන්ස්‌ලාගේ කතාන්දරය.

යාපනයට ආ  භූත යක්‍ෂ සාතන් ඩීමන්ස්‌ලාගේ කතාන්දරය.

2017 වර්ෂයේ 12 වන මාසයේ දී යාපනයට භූතයෝ පැමිණියහ. අදවන විට එනම් මේවන විට කුකුල් බිල්ලක්ද අතු ඇතිව යක්ෂයෙක් ඇවිත් යැයි යාපනය පුරාම ජනතාව බිය  වී ඇත. මෙහි සුවිහේෂ ම සිද්ධිය වන්නේ යක්ෂයාගේ ඡායාරූපද ඇතිබව පැවසීමයි. නමුත් යක්ෂයන්ගේ ඡායා රූප හෝ භූතයන්ගේ ඡායාරූප ගත නොහැකි බව වෛද්‍යවරන් පෙන්වා දෙයි.

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියක් හටගෙන ඇත. මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.යාපනයේ වැසියන් කියා සිටින්නේ මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින බවයි. අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති බවත් මේ යක්‌ෂයා දුටු බව කියන යාපනයේ බොහෝ අය කියති.මුලදී යක්‌ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්‌ථාවේදී ඔවුන් අවඥාවට ලක්‌කළ නමුත් යක්‌ෂයා දුටු අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්‌ෂයාගේ ඡායාරූප කීපයක්‌ ඉදිරිපත් කිරීමෙන් පසුව එම යකා ඊට පෙර දුටු පිරිස ද පවසා ඇත්තේ තමන් දුටුවේ ද මේ යක්‌ෂයාම බවයි.

මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලිය. හඳුනාගත නොහැකි මේ යක්‌ෂයා සුදු වස්‌ත්‍රයක්‌ මුළු ඇඟපුරාම දවටාගෙන සිටින උස පුද්ගලයකු බව යාපනයේ වැසියෝ කියා සිටිති.පිරිස යක්‌ෂයා දැක ඇත්තේ අලුයම එකෙන් පසුවය.කෙසේ වෙතත් මේ යක්‌ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්‌ෂයාගේ ඡායාරූප දැකගනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබේ.යළිත් පෙර භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් දොරවල් නොඅරින තත්ත්වයටත්, රාත්‍රි කාලයට ගමන් බිමන් නොයැමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිති.

තල් ගස් යාය දිගින් දිගටම තුරු වඳුලක් සේ ඈතින් ඈතට දිස්වේ.අවරට ගිය මළ හිරු තවත් නිමේෂයකින් යාපන මුහුදේ ගිල ගන්නට ඒ මළ හිරු බිසින සැන්දෑවේ යක්ෂයෝ භූතයෝ දෑස් දල්වාගෙන මුව අයාගෙන බලා සිටියෝය.

තල් අරබේ ගස් අස්සෙන් හොල්මන් අවතාර යක්ෂයා භූතයෝ සෙමෙන් සෙමෙන් ගමට ලඟා වුහ. ඒ උන රෝගය ලෙසින් මහ කළුවරේ නිවෙස් වලට එන මේ උන යක්ෂ භූතයා යාපන වැසියෝ උන රෝගය වුවාවෙන් ගොදුරු කරගන්නා සෙයක් දැකිය හැකිය. එදා යාපන වැසියෝ බියට පත්ව ඇත්තේ,මේ උන භූත යක්ෂයා නිසාය.නමුත් අද බිය වී ඇත්තේ කුකුල් යක්ෂයකුටය.

යාපනයට යක්ෂයෙක් භූතයෙක් ඇවිත් – අදත් ළමයෙක් මැරිලා – භූතයා තවමත් හඳුනගෙන නෑ. නමුත් අද ජනතාව මේ යක්ෂයාද බිය වී ඇත.යාපනයේ පැතිර යන  මෙතෙක් නිශ්චිතව හඳුනා නොගත් උණ රෝගයට ගොදුරු වී වයස අවුරුදු 8 ක ළමයෙකු 2017.12.27 දා යාපනය ශීක්ෂණ රෝහලේදී මිය ගොස් තිබේ.ඒ පසුගිය 2017.12.28 දිනට පෙර දින කිහිපයක සිට මෙය දැකිය හැකි වුහ.

යාපනයේ උඩුප්පිඩි නාවල් ප්‍රදේශයේ පදිංචි පී.නිවාසන් නමති මෙම ළමයා උණ රෝගයට ගොදුරු වීම නිසා පසුගිය 2017.12.23 වෙනිදා යාපනයේ මාන්තේ රෝහලට ඇතුළත් කොට තිබේ.තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහුව යාපනය රෝහල වෙත මාරුකොට යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

මියගිය ළමයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන මෙන් යාපනය රෝහලේ පාලන අධිකාරිය නියෝග කොට ඇත්තේ යාපනය පුරා පැතිර යන උණ රෝගය සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ මත පලවීම හේතුවෙනි.

පසුගිය  මාස තුනක් වැනි කෙටි කාලය ඇතුළත මුලතිව් පළාතේ රෝගීන් 9 දෙනෙකුද යාපනයේ රෝගීන් 11 දෙනෙකුද මෙතෙක් නිශ්චය වශයෙන් හඳුනා නොගත් උණ රෝගයකින් මරුමුවට පත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් කොළඹ සිය මුලතිව් පළාතට ගොස් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ.

මේ උණ රෝගය මෙතෙක් හදුනා නොගැනීම නිසාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීමත් නිසා යාපනයේ ජනතාව බියට පත්ව සිටින්නේ භූත බලවේගයක් මගින් මෙම රෝගය ඇති කොට මිනිසුන් මරාදමන බවටය.

මේ උණ රෝගය වැළදී මිය යන පිරිස භූතයින් ලෙස ඉපදී තවත් පිරිසකට රෝගය බෝකරන බව යාපනයේ වැසියන්ගේ මතය වී තිබේ.උතුර උතුරා මේවන විට ක්‍රියාත්මක වන හොල්මන් අවතාර භූත කතාන්දරය කල්ලිය  යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියිවට දෙවැනි නොවේ.

ඒ අනුව, ඒ ආවා කල්ලි ගියාට පසුව, දැන් අවතාර හොල්මන් භූත යක්ෂ කල්ලියක් යාපනය අහිංසක ජනාතාව බියපත් කරගෙන ඇති සෙයක් දැකිය හැකිය. සත්තකින්ම මේය එසේ සිදුවන්නේ ද නැත. විද්‍යාමකව එය ඔප්පු කළ හැකිය.

යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ ආදි වශයෙන් පෙනි නොපෙනි සිටින බැව් කියන අමනුෂ්‍ය බලවේග යනු මොනවාද ?

සත්තකිනම්,පියවි ඇසට නොපෙනෙන අපට කරදර පමුණුවන බලවේග අමනුෂ්‍ය බලවේග ලෙස ජන වහරේ සඳහන්ය.සමහර දෙනෙක්‌ මේවා මිත්‍යාමත ලෙස බැහැර කළද මේවායින් පීඩාවිඳින බොහෝ පිරිස්‌ අප අතර සිටිමින් එයින් බැටකන අයුරු අසන්නට දකින්නට හැකිය. මේවන විට යාපනය දිස්ත්‍රික්කයේ සිදුව ඇත්තේ ද මේ ආකාරයේ සිද්ධියකි.

යාපනය මේවන විට යක්ෂ භූතයා අරගෙන ඇති  අතර යාපන වැසියන්ට දුක් විනිද්ට සිදු ඇත. දකුණු පළාත තුල වසංගතයක් ආකාරයෙන් පැතිර යන ඉන්ෆුවන්සා උණ ද දැන් ගම්පහටද තවත් දිස්ත්‍රික්ක ගණනාවකටම පැතිර ගොස් ඇත. කෙසේ නමුත්, ගමේ කොල්ලන් කියන්නේ ගානට වැඩි දඟලන අගර දඟර දමන චණ්ඩි අයට ද කියන්නේ ඌට උන බවය. විවිධ උන සමාජයේ තියන අතර දේශපාලන උන, සල්ලි උන් ගස් උන, චණ්ඩි උන, ලූ උන,මහන්තත්ත්ව උන, සොබන උන, තල් උන,මී උන, ඩෙංගු උන, වෛරස් උන, ආදිය උන අතර ගත් කළ දැකිය හැකිය.

යාපනය උන  රෝගය භූතයෝ හා සිදු වු  මරණ අතර ඇති සම්බන්ධවක් තිබේද ? වෛද්‍ය වරුන්ගේ මතය මෙහි කිසිදු සම්බන්ධයන් නැති බව පෙන්වා දෙති.

වෛද්‍යවරුන් රෝගයක්‌ නැතැයි පැවසූවද සමහර උදවියට වෛද්‍යවරයාට හසුනොවන රෝග පැවතීම,හේතුවක්‌ නොමැතිව නිවෙස්‌වල බඩු භාණ්‌ඩ අස්‌ථාන ගත වීම විවිධ ශබ්ද අද්භූත ජායා දර්ශනය වීම ආදිය එකී බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයයි. මෙහි සත්‍ය අසත්‍යතාව අපි නොදන්නා නමුත්, මේ ආකාරයේ මතයක් එදා ද අදද හෙටද සමාජයේ ජනප්‍රවාදයේ ද දැකිය හැකිය.

අමනුෂ්‍ය බලවේග තිබේ ද,  මේ අමනුෂ්‍යය බලවේග කියලා හඳුන්වන්නේ පියවි ඇසට නොපෙනෙන ප්‍රේත භූත යක්‍ෂ යන සත්වයන් කොට්‌ඨාසයක් වේ. ඔවුන් අන් කිසිවකු නොව අප සමගම ජීවත්ව මියගිය අපේම ඥති මිත්‍රාදීන්. ඔවුන් මිය යන අවස්‌ථාවේ ඇතිවූ චුති චිත්තය අනුව තණ්‌හාවෙන් ආශාවෙන් ක්‍රෝධයෙන්,වෛරයෙන් සහ පාපී සිතුවිලි වලින් මිය ගිය විට ඔවුන්ට යහපත් ආත්මයක්‌ ලැබීමට හැකියාවක්‌ ඇති නොවේ. එවිට ඔවුන් සතර අපායේ උප්පත්තිය ලබති. මෙම සතර අපාය එනම් තිරිසන් ප්‍රේත, භූත, යක්‌ෂ යන තල වල උපදින බව දහමේ අදහසයි. මේ අතරින් යක්‌ෂ ප්‍රේත භූත ආත්මවලට ඇත්තේ ඕලාරික ශරීර, ඔවුන් ඕපපාතිකව උපදින නිරි සත්වයන් කොටසක්‌. ඔවුන්ට මනුෂ්‍යයන් ඉදිරියේ දර්ශනය වීමට කනට කොඳුරා කීමට සහ මනසට කෙලින්ම පැවසීමේ ශක්‌තිය ඇති බව ද අප සමාජයේ මේ සම්බන්ධයෙන් අසනා දකිනා ජනතාව කියන කතාවලින් දැකිය හැකිය.

යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ ආදි වශයෙන් පෙනි නොපෙනි සිටින බැව් කියන අමනුෂ්‍ය බලවේග වලට,ඔවුන්ට මනුෂ්‍යයන්ගේ ජීවිත කෙරෙහි යම් යම් බලපෑම් ඇති කිරීමට ශක්‌තිය ඇතිබව ජනතාවගේ මතයයි. මේ බලපෑම් අහිතකර වගේම හිතකර වන්නත් පුළුවන්. සමහර හිතකර බලවේග තම ඥතීන්ට උදව් උපකාර කරන අවස්ථාද ජනතාව පවසති. ඇලඩින්ගේ පුදුම පහන කතාව අපි දනිමු.

මෙහිදී සිදුවන්නේ මනසින් ඇද වැටුණු පිරිහිනු මනුෂ්‍යයන්ගේ ඕරාව (සිරුරෙන් විහිදෙන රශ්මි වළල්ල) දුර්වල වූ විට එහි කුඩා සිදුරු හට ගන්නා බවයි. එවිට එම සිදුරුවලින් මෙ ආත්මයන්ට සිරුර තුළට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ කඩ සැලසේ. ඒ නිසයි මනසින් දියුණු පුද්ගලයන්ට මොවුන් ගෙන් බලපෑම් ඇති නොවන්නේ.නමුත් සමහරැන්ට භූතයෝ කොල්මන් යක්ෂයන් කිවාම ඉතිං බිය සැක කුතුහලය ඇතිවේ.

බොහෝ ආගම් මෙම අමනුෂ්‍ය බලවේග යන සංකල්පය ට යම් ස්ථානයක් දී ඇත. බදු දහමේ ද  මේ ජීවින් පිළිබඳ විවිධ සූත්‍රවල දේශනා කර ඇත. විශේෂයෙන්ම ත්‍රිපිටකය. ප්‍රේතවස්‌තුව, කර්ණමුණ්‌ඩ කථා වස්‌තුව වැනි ග්‍රන්ථවල ඒ බව සඳහන් වේ. තවත් සමහර ආගම් එය සාතන් නොහොත් යක්‌ෂයා ලෙසත් භූතයන් නොහොත් ඩීමන්ස්‌ නමින්ද දැක්වේ.

කෙසේ නමුත් බොහෝ මනෝ වෛද්‍යවරු පවසන්නේ මෙය පිළිගතනොහැකි බවයි.

ඔවුන් මෙවැනි දේ හඳුන්වන්නේ මානසික රෝගයක්‌ නැත්නම් භ්‍රාජන්තිය කියලා නමුත් ප්‍රශ්නය නම් මානසික රෝගවලට දෙන ඖෂධවලින් ඔවුන් සුවපත් නොවීමයි. එයට වෛද්‍ය විද්‍යාවේ පිළිතුරු නැහැ. අපේ රටේ පමණක්‌ නොවෙයි මුළු ලෝකයේම මෙම අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වේ. මෙම ආත්මයන් ඉතා දියුණු තාක්‌ෂණික කැමරාවලට හසු වෙ අවස්ථා ද දැකිය හැකිය. එබැවින් එය විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකියි කිව නොහැකියි. එම රටවලත් මේවා ඉවත් කිරීමට හැකියාවක්‌ ඇති දක්‌ෂ වක් ඇඳුරෝ සිටිති. මාතර ගාල්ලේ මේ ඇදුරෝ සිටින අතර රට පුරාම ලෝකයේ ද දැකිය හැකිය. ඔවුන් හඳුන්වන්නේ නැත්නම් සුවපත් කරන්නන් කියලා ඔවුන් මේ සඳහා විශ්ව ශක්‌තිය දේවශක්‌තිය වැනි විවිධ ශක්‌තීන් උපයෝගී කර ගනි.

අපේ රටේ මේ බලවේගවලින් දුක්‌ විඳින විශාල පිරිසක්‌ සිටිති. යාපනයේ ඇති වි තත්ත්වයද එවැන්නකි. මෙය සමාජයේ අවධානයට යොමු නොවුනු විශාල ප්‍රශ්නයකි‌. ඔවුන් මේ බලවේගවලින් ඉවත්වීමට මුදල් හදල් වැය කොට හොර තක්‌කඩියන්ට අසුවී ඉතාමත් අසරණ තත්ත්වයට පත්වී සිටිව බව, වෛද්‍ය පී.එන් විද්‍යාකලපති මහා පවසයි.

අද මේ අහිංසකයන්ගෙන් ප්‍රයෝජන ගන්න සැදී පැහැදී සිටින ව්‍යාජ යක්ඇඳුරෝ ද රට පුරාම ලොව පුරාම ද සිටිති. ඔවුන් මේ සඳහා ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගැනීමට ජනමාධ්‍ය යොදාවා ගනි. ඔවුන් මේ අසරණයන්ගෙන් අධික මුදලක්‌ අය කරන අතර එය රුපියල් ලක්ෂ ගණනාවක් ද විය හැකිය.

නමුත් ඔවුන් බොහොමයකට මේ ආත්ම ඉවත් කිරීමේ හැකියාවක්‌ ශක්‌තියක්‌ නැහැ. එවැනි ශක්‌තීන් තිබෙන අය ප්‍රසිද්ධිය සොයා යන්නේ නැහැ.නමුත් යක් ඇඳුරන් සමහරක් කියනුයේ මේය නිට්ටාවටම සුව කළ හැකිය යන්නයි.

අප මේ ආත්මයන්ට අනුකම්පා කළ යුතු වේ. මෛත්‍රීය වැඩිය යුතු වේ. මේ ඇත්තෝ  අපේම ඥතීන් බව අමතක කළ යුතු නැහැ. ඒ අය බැඳ දැමීම වැනි දේ අනුමත කළ නොහැකියි. ඔවුන් සමඟ සන්නිවේදනය කර තත්ත්වය පැහැදිලි කරදි පින් පෙත් දී මේ අහිතකර බලවේග ඉවත් කර ගත හැකියි. මේ බලවේග බොහෝ විට බුදුගුණවලට දෙවියන්ට අවනත වේ.ඒ බව බුදු දහමේ සඳහන් වේ. ඒ නිසා බෝධි පූජා වැනි දේවල්වලින් මෙන්ම බලවත් දෙව්වරුන්ටද ඔවුන් ඉවත්කිරීමේ හැකියාව ද ඇති බව දහමේ සඳහන්ය. ඒ වගේම ඒ ඒ ආගම්වල මෙවැනි දේ සඳහා කටයුතු කරන පුජක තුමන්ලා සිටිති. අද ලංකාවේ මෙවැනි ආත්මයන් බුදුගුණ බලයෙන් ඉවත් කරන අය කීපදෙනෙක්‌ සිටිති. ඒ අය බොහෝ විට මුදල් බලාපොරොත්තුව මේවා කරන්නේ නැත. එවැනි අය වෙත යොමු වීම ඉතා වැදගත්. නමුත් සමහර මිථ්‍යාදුෂ්ටික ආත්මයක්‌ බුදු ගුණ බලයෙන් පවා ඉවත්කිරීම අසීරු වෙන අවස්‌ථාත් ඇති බව සඳහන්ය. නමුත්ගාල්ලේ ඉමදුවේ දිය මත භාවනා කරන  ලයනල් උපාසක මහතා කියන්නේ මේ කතාන්දර බුදු ගුණයෙන් භාවනාවෙන් විසදිය හැකි බවයි.

මෙවැනි ආත්මයන් යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ඇද ගැනීමට මෙන්ම ඉවත්කිරීමටද මන්ත්‍රාචාර්යවරුන්ට හැකියාව ඇත. දොල පිදේනි දී ඔවුන් බැඳ ගෙන ඔවුන් ගෙන් යම්යම් කාර්ය ඉටු කරවා ගත හැකිය. අණවිණයක්‌ කිරීම එතරම් අපහසු නැහැ. නමුත් එය අයින් කිරීම ඉතා අපහසු වේ. සමහරවිට මුලදී යක දුරන්ට කීකරු වූ මෙම ආත්මයන් පසුව වෙනස්‌ වේ. දීමට නොහැකි දේවල් ඉල්ලා සිටි. ඒ වගේම කෙනෙකුගේ සිරුරෙන් විහිදෙන ඕරාව පියවි ඇසින් දැකීමේ ශක්‌තිය ඇති අය අප අතර සිටි. ඒ මගින් ඔවුන්ට සිරුරට පිවිසි අමනුෂය බලවේග මෙන්ම රෝගාබාධද හඳුනා ගැනීමේ හැකියව මෙන්ම ඔවුන් සමඟ සන්නිවේදනය කොට ඉවත් කිරීමේ හැකියාවද ඇත. ඒ වගේම අධි මානසිකත්වය සහිත සහ වැඩූ පුද්ගලයන්ටද මේ හැකියාවද ඇති බව, ගාල්ලේ ඉමදුවේ දිය මත භාවනා කරන  ලයනල් උපාසක මහතා පවසයි.

අපේ බොහෝ දෙනෙක්‌ මේ ආත්මයන් ආකර්ෂණය කරගන්නේ තමන්ගේම වරදින්, සමහරු කෙනෙකුගෙන් ණයට මුදල් අරගෙන ඒවා පියවන්නේ නැහැ. එවිට එම ආත්ම මිය ගිහින් එම ණය සොයා පැමිණ ඒ අයට හිරිහැර කරති. තවත් විටක මිනිසුන්ට අධික හිත් පීඩා කර ඔවුන් තුළ වෛරය ජනිත කරවති.

එවිට සිදුවන්නේ ඒ අය මිය ගොස්‌ පළි ගැනීම සඳහා පැමිණ හිරිහැර කිරීමයි. තවත් සමහර විට මිය ගිය ඥතීන් මහන්සි වී හරි හම්බකළ දේපළ ඔවුන්ට පින් පෙත් නොදි භාවිතා කිරිම නිසා ද මෙය සිදුවේ. බොහෝ දරුවන් තම වියපත් දෙමව්පියන්ට සලකන්නේ නැති තත්ත්වයක් අද සමාජයේ දැකිය හැකිය. මේ අය ක්‍රෝධයෙන් මියගොස්‌ නැවත පැමිණ එම අයට කරදර කරන සෙයක් දැකිය හැකියි. මේය මනසට යදයක්වන අවස්ථාවක් ද වේ. එවිට ඒ අය වෛරයෙන් ඉපිද මේ අයට හිරිහැර කරනවා. මේ හිරිහැර කිරීම් විවිධ ලෙස ධනය මිල මුදල් නැති කර හිඟන්නන් බවට , පවුල් ආරාවුල් ඇති කරන්නට ද, රෝග ඇති කරන්ට ද, හදිසි අනතුරු කරන බව ද මේ ආකාරයට තම යුතු කම ඉටු නොකළ අයට තම සිතේ ඇති වෙනවා. ඒ නිසා මෙය මානසික වදයක් වේ.

පරිසරය, නිවස, පිරිසිදුව තබාගන්නට හැනි නම් මේවාගේ කරදර සිදුනොවන බව යක් ඇදුරන්ගේ මතයයි.දාන මාන දිම හා පිරිත් කිම ද වැදගත් බව ආගම දහම ඇඳහිමි ද සිදුකරන්නේ නම් වැදගත්ය. එවිට කිසිම අමනුෂ්‍ය බලවේගයකට ඇතුළු වීමට හැකියාවක්‌ නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අප රට දැනට සින මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන වෛද්‍ය පී.එන් විද්‍යාකුලපති මහතා පවසන්නේ මෙය මානසික රෝගයක් බවත් වෛද්‍ය ප්‍රථිකාර කිරිම තුළින් මේවා සුවපත් කළ හැකිය යන්නයි.

කිසේත්ම යක්ෂයන්ට භූතයන්ට රෝග බෝකළ නොහැකිය. උන රෝගය ද එසේමය.දැන් පෙනෙන යක්ෂයන්ගේ කතාවද දුෂ්ටි මායාවකි.මෙය රෝගයක්. මේය රෝගි තත්ත්වයන් මිස යක්ෂයෝ හෝ භූතයෝ කළ වැඩක් නොවේ. රෝග තත්ත්වයක් ඇති වු විගස කල්යල් නොබලා වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. රෝගයට නිසි පරිදි පරිස්සම් වී ප්‍රථිකාර ලබාගන්න අනවශ්‍ය වු විස්වාස හෝ අනවශ්‍ය වු වැරදි මත වලින් ඉවත්ව බුද්ධිමත්ව සිටින්ට කටයුතු කරන්න යැයි ද අප කළ විමසුමක දී දැන්ට ලංකාවේ සිටින යක්ෂ භූත කතාන්දරවල බොරුව ප්‍රායෝගිකවම ඔප්පු කර සත්‍යතාවය හෙළිකරන  වෛද්‍යවරයකු වු පී.එන් විද්‍යාකුලපති මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *