යලි තෙල් මිල නගිද?

යලි තෙල් මිල නගිද?

මැතිඇමතිවරුන් සඳහා මිල අධික සුපිරි මෝටර්රථ ආනයනය අනිවාර්යෙන්ම නතරකළ යුතු බවත්, ලබන වසරේදී ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“පවතින තත්ත්වය කවදා හොඳ අතට හැරෙයිද කියලා කියන්න බැහැ මොකද උදාහරණයක් විදිහට ඊයේ තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 80 දක්වා ඉහළ ගියා

මම CNN එකේ දැක්කා ඔවුන් අනුමාන කරනවා ඇමෙරිකාව සහ ඉරානය අතර වත්මන් දේශපාලන තත්ත්වය නරක අතට හැරුණහොත් තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා

මිල සූත්‍රයට ආයේ දහවැනිදා ලෑස්තිවෙලා ඉන්න“ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය

මේ අතර පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කර තිබූ ස්පාර්ක් තාක්ෂණ ප්‍රදර්ශනය අද දිනයේ විවෘත කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා රාජකීය විද්‍යාලයේ සිසුන් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සංවාදයකට සහභාගී වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *