යතුරු පැදිය තල්ලු කරමින් ගිය යතුරු පැදි කරුවා ජීප් රථ යක ගැටී මිය යයි.

ඉකුත් 2 වන දින සැන්දෑවේ ගාල්ල යක්කලමුල්ල පොලිස් බල ප්‍ර දේශයේ  මාකුඹුර නගරයේ දි යතුරු පැදියක් හා ජීප් රථයක් ගැටී යතුරුපැදිකරු බරපල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.මාකුඹුර නගරය දෙසට ධවන ය වු ජීප් රථයක් හා  මහමග ඇංජිම අක්‍රියවු යතුරු පැදියක් තල්ලු කරමින් ගමන් ගත් රියදුරකු මේ සේ ජිප් රථයේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ, ගිංතොට නව උක්වත්ත ප්‍රදේශයේ පැදිංචිව සිටි 57 හැවිරිදි උක්වත්ත ලියනගේ පියදාස නැමැති අයෙක් බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදුකළ බැව් කියන ජීප් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. දේශය දැනට ගාල්ල කරාපිටිය රෝහලේ තැම්පත් කර ඇත. දේශය පිළිබඳව පශ්චාත් පරණ පරික්ෂණය අද 03 වන දින සිදුව ඇත.සිද්ධිය සම්බන්ධයෙන්  පරික්ෂණය යක්කලමුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *