යක්කල ඇගලුම් කම්හලක විසක් ආඝ්‍රහණය වීමෙන් සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 ක් රෝහලට ඇතුලත් කරයිි

යක්කල ඇගලුම් කම්හලක විසක් ආඝ්‍රහණය වීමෙන් සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 ක් රෝහලට ඇතුලත් කරයිි

යක්කල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විසක් ආඝ්‍රහණය වීමෙන් ඊයේ (10) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි.

එම සේවිකාවන්ට හිසරදය , ක්ලාන්තය , වමනය , ඇග කැසීම වැනි රෝග තත්ත්වයන් ඇති වීම මත මෙලෙස රෝහල් ගත කෙරුනු බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ගෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.

මැසි , මදුරු උවදුර මැඩලීම පිනිස එම කම්හල මගින් පෙරේදා මැසි මදුරු නාශකයක් යොදා ඇති බවත් එය ආඝ්‍රහණය වීමෙන් මෙලෙස රෝගී තත්ත්වයන් සිදුවන්නට ඇති බවටත් සැකකරන බවද අධ්‍යක්ෂ වරයා පැවසීය.

රෝගීව රෝහල් ගත කෙරුනු පිරිස දැඩි සත්කාර ඒකකයට සහ 16 වෙනි වාට්ටුවට ඇතුල් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අධ්‍යක්ෂ වරිය කීය.

මෙලෙස සේවිකාවන් පිරිසක් රෝගීවීම සම්බන්ධයෙන් සොයා බැලීම පිනිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *