මොකද වෙන්නේ කවුද දන්නේ

පත්කළ අයට වගකීමක් තිබේ ද

මෙරට ආර්ථිකයට බලවත් පහරක් එල්ල කරන ලද පුද්ගලයන් දෙදෙනාම වෙනත් දේශයන් වල ජීවත් වෙති. ඒ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු උදයංග වීරතුංග සහ මහබැංකු වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතය වන අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාය. මෙරට අධිකරණ පද්ධතිය තුලින් රතුනිවෙදන සහ වරෙන්තු නිකුත් කර ඇත. මොවුන් දෙදෙනාම මෙරට මුලික නීතිය උල්ලංගනය වන ලෙස කටයුතු කර ඇති බැවින් වහාම අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයන් කර ඇත. එක පාර්ශවයක් පමණක් නොව මෙම පාර්ශවයන් දෙකම මෙරට නීතිය උල්ලංගනය කර ඇති නිසා රජයේ වගකීම මොවුන් දෙදෙනාම හැකි ඉක්මනින් නීතිය හමුවට කැදවීමය. විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාම එම තනතුරු සදහා පත්කරන ලද පුද්ගලයන්ගේ වගකීම ද ඔවුන් නීතියේ රැහැනට හසුකර දීමට සහයෝගය ලබා දීම නොවන්නේ ද?

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා කොටුය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇති මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කලද ඔහු නොපැමිණීම නිසා මෙනේ වරෙන්තු නිකුත් කර ඇත.සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවසින්ද අතුරුදහන්ව ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවිම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද නියෝග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *