මෙහෙම යනකොට විශ්‍රාම යන්න දෙයක් නෑ

ඔය මහබැංකු කොල්ලයේ රඟේ

2020 විශ්‍රාම යන්න බෑ කිව්ව ඒවායේ ප්‍රතිළුල අද ම පැමිණ ඇති බව මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 10 දින ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.

කෙටි කාලයක් තුල ජනතාවගේ වැඩිම මුදලක් මංකොල්ල කන රජය ලෙස මේ රජය ඉතිහාස ගත වෙනවා. කෙහොම ද ඉන්ධන මිලේ වැඩිවීම. අපේ කාලේ උනානම් බෙරිහන් දේවි. ලෝක වෙලද පොලේ ඛනිජ තෙල් මිල ඉහලම අගයක් තියන අවස්ථාවේ පවා අපි යම්කිසි ආකාරයක පාලනයක් කරගෙන ඉන්ධන මිල ගෙන ගියා. නමුත් අපේ පාලන කාලයේ තිබුණ ලොක් වෙලඳ පොලේ ඛනිජ තෙල් මිල හා අද මිල භාගෙට භාගයක් අඩුයි. මේ ආණ්ඩුව කැබිනට් රැස්වීමක් තිව්වොත් කියන්නේ අරක වැඩි කරා මේක වැඩි කරා කියලා. කිසි දවසක නෑ අපි මේ සංවර්ධන යෝජනාව රටට ගෙනාවා, මේ මාර්ගය විවෘර්ත කරනවා කියන්නේ. පසුගිය වසර 03 ක කාලය තුල ඉදිරියට ආපු එකම දේ බඩු මිල විතරයි. රටේ සංවර්ධනය එතනම නැවතුනා. කිසිම සංවර්ධනයක් නැති රටේ එදා වේල කන්න පවා අද ඉන්ධන මිල ඉහල යනවා.

මහ බැංකුව මංකොල්ල කන වෙලාවේ අපි රටේ ජනතාවට කිව්වා, මේවායේ බලපෑම එනවා කියලා. අද මේ රටට දැනෙන්නේ ඔය මහබැංකු කොල්ලයේ රඟේ . ඔය දැනෙන්න පටන් ගත්තා එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් පෙනෙයි. දැන් මේ පාලකයෝ දෙන්නා කියනවා 2020 ත් විශ්‍රාම යන්නේ නෑලු. මෙහෙම යනකොට විශ්‍රාම යන්න දෙයක් නෑ. ජනතාව යවාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *