මේ සතියේ දේශපාලනයේ ඇත්ත ඇතුළාන්තය

ලංකාවේ ප්‍රථම වතාවට සමාජ ජාල වෙබ් අඩවියකින්

රටක් දෙවනත් කරන කේලමා  නම් වු නවතම විශේෂාංගය අද 03  සිට මෙසේ දිග හැරෙයි. ලංකාවේ ප්‍රථම වතාවට සමාජ ජාල වෙබ් අඩවියකින් හදුන්වා දෙනු ලබන නවතම විශේෂාගයකි.ඕපා දූපය නැතහොත් ජනතාවට කොකා පේනවා  මැති ඇමතිවරු ඩීල් දමන ආකාරය ජනතාවට කියන්නට වගකිව යුතු සමාජ ඡාලයක් වශයෙන් අප එය ලංකාවේ ප්‍රථම වතාවට සමාජ ජාල වෙබ් අඩවියකින් ඉදිරිපත් කරයි.

දකුණ සීතල කරන දේශපාලන මැති ඇමතිවරුන්ගේ රස කතාඌන් මුන් කියන කතාරහස් කතාවිකට කතාකැපිලි කතාසූර් කතාමනාප කතාජන්ද කතාපළාත් සභා කතාමහ නගර සභා පළාත් පාලන ආයතන පුංචි ආණ්ඩුවේ කතාලව් කතාදුක හිතෙන කතා,හැඩෙන කතා. ගොටු කතාපන්දම් කතාපිදෙනි කතා, කැපිලි කතා ආදි විවිධ අංශ ඔස්සේ දිග හැරෙන දේශපාලන හෑල්ල නැතහොත් කේලම  දේශපලාඥයින්ගේ ඇත්ත ඇතුලාන්තය පිළිබඳව ජනතාවට කියන සමාජ විද්‍යාමක දේශපාලන වෙබ් සමාජ ඡාලා කොලමකි. සතිපතා දිග හැරෙන කේලමේ මේ සතියේ කේලාම් මෙන්න.

ගාල්ලේ රැලියේ දී වෙන දේ මෙන්න.

ගාල්ලේ ලබන 07 දා  ඒකාබද්ධ මැයි රැලිය සාර්ථක කරන්නට රටපුරාම ඒකාබද්ධයේ ඇත්තෝ කටයුතු කරන්නට පටන්ගෙන ඇත. එහෙම සැලසුම් කර ඇත්තේ, මේ අතර ඒ ගාල්ල සමනල ක්‍රිඩාපිටියේ එකම හිස්ගොඩක් වශයෙන් පෙනේන්ට හා දකින්ට හා ආණ්ඩුවට හතරගාතේ වැටෙන්නටය.ඒ සියල්ලම හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව ඒකාබද්ධයේ ඇත්තෝ කිහිපදෙනෙක්ම අපට පැවසුහ. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගාල්ලේ දොස්තර රමේෂ්, ට මෙහි වගකිම් රැසක් ලබා දී ඇත්තේ. බැසිල්, ඝෝඨාභය විසින්ය.

මේ අතර නාමල් රාජපක්ෂද හබරාදුවේ තම මිතුරාවන හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභා පති දිල්ෂාන් විදානගමගේ මහතා කීවේ සියල්ලම සකස් කරන ලෙසයි.මේ සඳහා ගම් මට්ටමින් වාහන යොදවා දකුණු පළාතෙන් මහ සෙනගක් එක් කොට දක්ෂිණ අධිවේගයෙන් ද රටපුරා පාක්ෂිකයන් ගෙන්වන්නට සියල්ලම සැලසුම් කර ඇති බව පසුගිය සතියේ ගාල්ලේ පැවැති රහසිතග රැස්විමේ දී ගාල්ල හා ඒකාබද්ධයේ මන්ත්‍රිවරු සැලසුම් කළ හ.

ගාල්ලේ පැවති අභිරස් හමුවේ දි සිදුවුයේ කුමක් ද?

ඒ ගාල්ල සරෙන්තු කඩේ අසල පිහිටි හෝටලකය. මේ සදහා කිසිදු මාධ්‍ය ආයතනයක මාධ්‍ය වේදියකුටද යන්නට අවසර නොතිබිණි. අප ගාල්ල ආරක්ෂක අංශයේ හිතවත් නිලධාරිහු  හොර රහසේ එම ස්ථානයට ගමන් කරන්නට තැත් කල ද එය අසාර්ථක විය.

ආණ්ඩුවේ සිට යළිත් විපක්ෂයට පැමිණි 16 දෙනා ගාල්ලේ සමනල ක්‍රිඩා පිටියට ආවොත් හූ කියමු….. නම දමන්න එපා බං අපි වැඩේ සෙට් කරලා තියෙන්නේ.

එක් ආසනයකින් අලි පාක්ෂිකයන් 50ක් වත් උවමනායි.

6 වෙනිදා අලියා පක්ෂයේ පක්ෂ සම්මේලනය සඳහා එක් මැතිවරණ ආසනයකින් අඩුම තරමේ 50 ක් වත් යොදවන්නට සිරිකොතින් සියලුම මැති ඇමති වරුන්ට හා සංවිධායකයන්ට උපදෙස් දී ඇත. මේ අනුව, අවම වශයෙන් පාක්ෂිකයන් පනහක්වත් එක් මැතිවරණ කොට්ඨාසයකින් ගමන් කරන්නට වාහන සපයා ඇත. මේය ලංගම හෝ පුද්ගලික බස් රථයි. මේ සියල්ලටම මුදල්ගෙවා හැයැර් එකට ගන්නා මෙන් සිරිකොතින් උප‍දෙස් ලබා දී තිබිණි.

බහුතර බලය නෑ අල්ලමු ද බලය

දකුණේ පළාත් පාලන ආයතනවලින් කිසිදු පක්ෂයක් සඳහා බහුතර බලයක් හිමි නොවු පළාත් පාලන ආයතන හතරක් විය. තංගල්ල,අම්බලන්ගොඩ, හම්බන්තොට හා ගාල්ල එම නගර සභාය. මෙයින් අම්බලන්ගොඩ  බලය පොදුජන පෙරමුණට පහසුවෙන් ම හිමි විය. ගාල්ල නගර සභාව ගේමක් දී පොදුජන පෙරමුණ දිනාගත්තේ එජාපයේ මුස්ලිම් මන්ත්‍රී වරුන්ට උප නගරාධිපති දුරය ලබා දෙමිනි. තංගල්ල නගර සභාවේ බලය කුසපත් ඇදීමක් මඟින් එජාපයට හිමි විය. තංගල්ල නගර සභාවේ කුසපත් ඇදීමකට යාමකට සිදුවුයේ සමාන ඡන්ද ලබා ගත් නිසාය. මෙසේ සමාන ඡන්ද ලබා ගැනීමට හේතු වුයේ සන්ධානයේ මන්ත්‍රීරුන් දෙදෙනා එහි දී පොදුජන පෙරමුණට උදව් නොකල නිසාය. හම්බන්තොට නගර සභාව රැස් වුව ද ඒ සදහා සන්ධාන සහ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් නොපැමිණීම නිසා සභාවේ බලය ලබා දීම කල් දැමීම පළාත් පාලන කොමසාරිස්වරයාට සිදුවිය.

එසේ කල් දැමු හම්බන්තොට නගර සභාව පසුගිය බ්‍රහස්පතින්දා රැස් වු අතර එහි බලය ලබා ගැනීමට ආසන හතරක් පමණක් හිමි එක්සත් ජනතා නිදහස් සංධානයට හැකි විය. ආසන 09 බැගින් හිමිව තිබු එජාපයට හා පොදුජන පෙරමුණට එහි බලය ලබා ගැනීමට නොහැකි වුයේ මෙවර සංන්ධානයෙන් තරඟ කර හිටපු නගරාධිපති එරාජ්  ට පොදුජන පෙරමුණේ සහය හිමි වීම නිසාය. කෙසේ නමුත් තංගල්ලේ දී සන්ධානය පොදුජන පෙරමුණට උදව් නොකර ද හම්බන්තොට දී පොදුජන පෙරමුණ සන්ධානයට උදව් දෙමින් උප නගරාධිපති කමින් පමණක් සෑහීමකට පත්විය. මේ සදහා සෑහෙන බරක් ගෙන කටයුතු කරේ හිටපු කතානායක චමල්ය. ඔහුට අවශ්‍ය වුයේ කෙසේ හෝ එජාපයට බලය ලබා නොදී තබා ගැනීමටය.

මේ නිසා ම සභාව රැස්වන්නට දිනකට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කැද වු මන්ත්‍රී චමල් එරාජ් ට නගරාධිපති දුරය කෙටි කලකට හෝ ලබා දී නගර සභාව ලබා ගත යුතුය යන මතය ඉදිරිපත් කර අතර ඒ අනුව මන්ත්‍රීවරුන්ට එයට එකඟතාවය ප්‍රකාශ කරන ලදී. කෙසේ නමුත් උප නගරාධිපතිදුරය හිටපු උප නගරාධිපති දිසානායකට ලබා දීමට යෝජනාවක් පැමිණිය ද නාගරික මන්ත්‍රී ගාමිණී ද නැගී සිටිමින් කියා සිටියේ තමන් මෙතෙක් කරන ලද දේශපානයට සාධාරණයක් ලෙස මෙවර උප නගරාධිපතිදුරය ලබා දෙන ලෙසයි. කෙසේ නමුත් දිසානායක තනතුරු නොයිල්ලු නිසාම ගාමිණී ද එය ලැබුණු අතර එයින් ප්‍රශ්නය විසදිනි.

කෙසේ නමුත් සභාව ආරම්භ කරන ලද දිනයේ එජාප මන්ත්‍රීවරුන්ගෙන් දිසානායක ට යෝජනාවක් ආවේ එජාපයෙන් ඔබතුමාව නගරාධිපති අපේකෂකයා ලෙස නම් කරන බව කියාය. අපි ඔය තුමාව නම් කරන්නම්. අපිට උප නගරාධිපති කම දෙන්න. තව එක මන්ත්‍රී කෙනෙක් එක්කහු කරගෙන එන්න. කෙසේ නමුත් එජාපයේ එම යෝජනාව ඉවත දැනු දිසානායක එරාජ්ට ඡන්දය භාවිතා කර අතර ඒ අනුව මාස දෙකහමාරකට වැඩි කාලයක් ඇදුනු හම්බන්තොට නගර සභා බල අරගලය එසේ නිමාවට පත්විය.

එරාජ් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට සහාය දැක්වීම ගැන ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයත්වයට තමන් විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සිය සමාජජාලා ගිණුමක් ඔස්සේ සටහනක් තබා ඇත.

නාමල් රාජපක්‍ෂ මහතා සිය ට්විටර් ගිණුමේ මේ බව සඳහන් කරමින් තබා ඇති සටහන මෙසේය.

සෙල්ලම් ලෙල්ලම් වෙනවා සෙල්ම් තුවක්කු හම්බන්තොටින්

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ සහය හිටපු නගරාධිපති එරාජ් ට ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් සිය විරෝධය ප්‍රකාශ කර තිබිණි. එරාජ් යණු පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මත්තල ගුවන් තොටුපල නැරඹීමට පැමිණි එජාප මන්ත්‍රීවරුන්ට සෙල්ලම් තුවක්කු පෙන්වුවා යැයි රටේ ම ප්‍රසිද්ධියට පත්ව තිබු නගරාධිපතිවරයාය. ඔහුට මෙම තනතුර නැවත ලැබීම සම්බන්ධයෙන් සිය ටිවිටර් ගිණුම හරහා ද පනිවිඩයක් තබමින් මෙම කටයුත්තට ඔහු විරුද්ධ බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් සිය ලොකු තාත්තා වන මන්ත්‍රී චමල් නායකත්වයෙන් සිදුකර දේශපාලන උපක්‍රමය සම්බන්ධයෙන් ඔහු එලිපිට ප්‍රකාශ නිකුත් නොකිරීමට වගබලා ගෙන තිබිණි. මේ අතර ඇමති අමරවීර සහ මන්ත්‍රී අජිත් හම්බන්තොට පැවති අවමඟුල් උත්සවයක දී හමුවිය. අපරාදේ තංගල්ල සභාව පිහිටු වන වෙලාවේ ඔය අය මගෙන් උදව් ඉල්ලුවා නම් දෙනවා. කවුරුවත් ආවේ නැති නිසා තමයි අපේ අය නිහඩව හිටියේ. ඇමති අමරවීර කියද්දී මන්ත්‍රී අජිත් කීවේ එම දිනවල තමන් ඇතුළු පිරිසක් විදේශ සංචාරයක නිරතව සිටි නිසා ඒ පිළිබදව කටයුතු කිරීමට නොහැකි වු බවයි.

අලියා පක්ෂයේ විජේපාලගේ මාධ්‍ය හමුව

මේ අතර මන්ත්‍රී විජේපාල හම්බන්තොට කර සංචාරයක් අතර තුරදී මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් වීමේ දී සිදු වු අඩුපාඩවක් නිසා  මාධ්‍ය වෙදීන් සිතුවේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡාව පවත්වන බවයි. ඒ නිසාම මාධ්‍ය වේදියෙකු අදාළ සාකච්ඡාව සදහා සහභාගී වන්නේ දැයි මන්ත්‍රී ගාමිණී ගෙන් විමසුවේ මේ දිනවල එජාපයේ  පෙරලිකාර චරිතයක් නිසාය. මෙය දැගත් ගාමිණී හම්බන්තොට දකුණේ මන්ත්‍රීවරුන්ට කතා කරද ඔවුන් කියා සිටියේ එවැන්නක් නොදන්නා බවයි.

නමුත් ඊට ටික වේලාවකට පසු ගාමිණී ඇමතූ නිලමේ කියා සිටියේ මන්ත්‍රී විජේපාල මාධ්‍ය සාකච්ඡාවක් කැදවා ඇති බවත් අපේ නිවසකට පැමිණෙන ලෙත්ය. ඒ අනුව මාධ්‍ය සාකච්ඡාව ඇරඹී අතර නිලමේ සහ විජේපාල කියා සිටියේ දැන් පක්ෂයේ ප්‍රශ්න අවසන් නිසා ඉදිරියේ දී රටට සංවර්ධනය රැගෙන ඒමට හැකි බවයි.

කෙසේ නමුත් මන්ත්‍රී ගාමිණී කීවේ වෙනත් කතාවකි, මොන මොන ප්‍රතිසංස්කරණ කරත් වැඩක් නෑ. ජනතාවගේ දුක හදුනන නායකයෙක් ආවේ නැත්නම් එජාපයට අඔ සරණයි කියා කතාව පටන් ගත් ගාමිණී එජාපයේ හෝද හෝද මඩේ දැම්මේය.

වැඩේ හරි නෑ නේ. අනුන්නේ මඟුල් ගෙදරට රිංගලා කතා කරා වගේ නේ.

කෙසේ නමුත් මේ අතර වාරයේ නිලමේ මන්ත්‍රී ගාමිණී ට කීප විටත්ම ඇඟිල්ලෙන් ඇන්න ද ගාමීණී නතර කරේ සියළු දේ කියාය. මාධ්‍ය සාකච්ඡාවෙන් මාධ්‍යවේදීන් ඉවත්ව ගිය පසු නැවත් නිලමේ ගාමිනීව හමුවිය. වැඩේ හරි නෑ නේ. අනුන්නේ මඟුල් ගෙදරට රිංගලා කතා කරා වගේ නේ. නිලමේ කී විට ගාමිණී කීවේ නෑ නෑ මට මාධ්‍යවේදීන් එන්න කියපු නිසා ආවේ. අනිත් එක මම කිව්වා මගේ කතාව වෙනම දාන්න මෙතන වුන කතාවක් විදියට දාන්න එපා කියලා. කියාය. කෙසේ නමුත් නිලමේ ඊට වැඩිය දෙයක් ගාමිණීට කියන්න ගියේ නැත.

එජාප  නියෝජ්‍ය නායක දුන් තනතුර මට එපා

ඇමති සජිත් විසින් මන්ත්‍රී ගාමිණී ට ලබා දී තිබු නිවාස සංවර්ධන අධිකාරියේ උප දේශණ තනතුර තමාට අවශ්‍ය නොවන බව පවසමින් ඒ බව ඇමති සජිත්ට ලිපියකින් දන්වා ඇත. ඔහු මේ පිළිබදව වැඩිදුරටත් දක්වා ඇත්තේ ජනතාවට සේවයක් කිරීමට නොහැකි කොල කෑල්ලට පමණක් සීමා වු උපදේශණ තනතුරු වලින් තමන්ට වැඩක් නොවන බවයි.

දෙණියායේ  ඇමති සාගලගේ රහස් හමුව කමක්ද?

දකුණු පළාත් සභා එජාප මන්ත්‍රීවරුන් හා අමාත්‍ය සාගල අතර හමුවක් පසුගිය සතියේ දී දෙනියායෙ දී  පැවැත්විණි. මීට පෙරද මෙම හමුව සදහා දින යොදා ගෙන තිබුණ ද පසුව එය අවලංගු වු අතර මන්ත්‍රී චන්දන සහ ගයාන් නැවත කෙසේ හෝ මෙම හමුව සඳහා ඉඩක් වෙන්කරවා ගෙන තිබිණි. මේ අතර  මාතර මිරිස්ස ප්‍රදේශයේ ඇති වු සංචාරක ගැටළුවක් නිසා ඒ සඳහා සාකච්ඡාවක් සඳහා  හදිසියේ ඇමති සාගලට යන්නට වු අතර ඒ නිසා ම ඔහු යම් පමාවකින් මෙම හමුව සඳහා පැමිණෙන බව මන්ත්‍රීවරුන්ට දන්වා තිබිණි. කෙසේ නමුත් අදාළ සාකච්ඡාව අතර තුර දී පැමිණ සිටි පාර්ශව දෙකක් අතර ඇති වු බහින් බස් වීමක් නිසා ඇමති සාගල විනාඩි කිහිපයක ප්‍රමාදයකින් මන්ත්‍රී හමුවට පැමිණ තිබිණි.

ඇමති සාගල දිග එක කොට කොට ලඟට ගනියි.

සාකච්ඡාව සදහා සුදානම් කර තිබුනේ දිගු මේසයකි. මේ මේසේ දිග වැඩියි. එන්න අපිට මේ පොඩි මෙසේ ඉදලා සාකච්ඡාව කරමු. සාකච්ඡාව ආරම්භයේ දී ම දකුණේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාව සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කිරීමට ඇමති සාගල සමත් විය. මන්ත්‍රීවරුන්ගේ මෙම සාකච්ඡාව සදහා කරුණු කිහිපයක් විය. සුපුරුදු පරිදි දකුණේ විපක්ෂ නායක නිලමේ ප්‍රමාද වී සිටි නිසා අදාළ කාරණ එකින් එක ඉදිරිපත් කරේ අශෝක ධනවංශ විසිනි. ඔබතුමා දක්ෂිණ සංවර්ධන ඇමති වෙලා හිටියත් අපේ පළාත් මන්ත්‍රීවරුන්ට සංවර්ධයට මුදල් ලැබී නෑ. ඒ වගේම අපේ වාහන පර්මිට් එකත්, අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් අපිට අවශ්‍යයි කියන එක තමයි අපේ මුලීක ඉල්ලීම් ටික. අශෝක එකින් එක විස්තර කරමින් ඉදිරිපත් කර අතර පසුව ඇමති සාගල ඒවාට පිළිතුරු දෙන්නට විය.

මට තවම ලොකු බලතල නෑ මම ඇමති තමයි….

මම දක්ෂිණ සංවර්ධන ඇමති වුනාට ඒකේ තාම ලොකු බලතල නෑ. ලොකු මුදලක් ලැබෙන්නෙත් නෑ. මොනවා වුනත් මම මේ අයට ලක්ෂ 50 ගානේ දෙන්නම් වැඩ කරන්න. ඒ වගේම අපේ ප්‍රාදෙහීය සභා මන්ත්‍රීවරුන්ටත් ලක්ෂ 2 ක ගානේ දෙන්නම්. ඇමති සාගල එසේ කී විට මන්ත්‍රී වෙදආරච්චි කීවේ ලක්ෂ 50 ප්‍රමාණවත් නොවන බවයි. දැනට මෙකෙන් වැඩ කරන්නකෝ ඉදිරියේ දී අපි තව බලමු. අගමැතිතුමා සමඟ සාකච්ඡාව ගැනත් මම වෙලාවක් බලලා කියන්නම්. ඔය වාහන පර්මිට් ප්‍රශ්නය පසුගිය දවසකත් කතා කරා.

එදා එහෙමයි අද නම් මෙහෙමයි.

නමුත් ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි නිසා ඒ සඳහා කැමති වුනේ නෑ. ඒ වුනාට ඇමතිතුමා ඒ අයගේ කාලේ ඔය මන්ත්‍රීවරුන් කවුද කියලා බැලුවේ නෑ. දුන්නා. මන්ත්‍රීවරයෙක් එසේ කියද්දී ඇමති සාගල කීවේ ඒ සම්බන්ධයෙන් ද නැවත අගමැතිවරයා දැනුවත් කරන බවයි. ඇයි ඇමතිතුමා පසුගිය ඡන්දේ පරාජය වුන ගමන්ම පොලිස් ඇමති කමෙන් අයින් වුනේ. ඔබතුමාගේ ක්‍රියාකලාප පරාජයට බලපෑවද? ප්‍රශ්නය මන්ත්‍රී ජයසිරිගෙනි, නෑ නෑ ක්‍රියාත්මක පොලිස් කොමිසමක් එක්ක ඇමතිකම කරන එක ලේසි නෑ. ඒක කලින් අයත් එක්ක සන්සන්දය කරන්න බෑ. කෙහොම වුනත් ඉහල අය සමහර කාරණා සදහා කෙලිනම පොලිස්පතිවරයා ව සම්බන්ධ කරගෙන තිබුණා. ඒ නිසා මම හිතුවා අයින් වෙන එක හොදයි කියලා.

සමහර මැති ඇමතිවරු  කැමැති කතාව දන්නවා ද?

මේ අකාරයෙන් ඉතාම සුහද ආකාරයෙන් පැවති මේ සාකච්ඡාව අවසානභාගයේ දී මන්ත්‍රී ගාමීණී කීවේ ඇමති තුමා ඔබතුමා නම් බොක්කෙන්ම කතා කරනවා අපි කැමති ඒ කතාවට. මම ඉදිරියේ දී හම්බන්තොට තියෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයාට ඔබතුමා ට ආරාධනා කරන බවයි. කෙසේ නමුත් ඒ සදහා ඇමති සාගල කීවේ දිස්ත්‍රික් නායකයාට ආරාධනා කර පසුව තමාට ආරාධනා කරන ලෙසයි. රාත්‍රීයේ ආහාර වෙලක් ද ඇමති සාගල විසින් සුදානම් කර තිබු අතර එයටද සහභාගී වු මන්ත්‍රී කණ්ඩායම නැවත පැමිණෙද්දී රෑ බෝ වී තිබිණි.

අගමැති සීගිමට ආවේ ඇයි….

පසුගිය සතියේ අගමැති රනිල් සිනිගමට ආවේ නොකරන ලද භාරයක් ඔප්පු කිරීමට ද? යන්න පිළිබදව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන පුෂ්පකුමාර ද සොයිසා මහතා වැඩිදුර පැහැදිලි කිරීමක් දුරකථනය මඟින් සිදු කලේය. ගිය සතියේ පත්තරේ ගිය කතාව හරි. ඕක මෙහෙමයි වුනේ මම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර ද සොයිසා මම තමයි විශ්වාසභංගයට කලින් දවසේ සීනිගමට භාර වුනේ මේකෙන් අගමැතිතුමා ව රැකදෙන්න කියලා.

එහෙම භාර වෙලා අපි කොළඹට යන කම් පයින් සහ වාහන වලින් ගියා. ඒ ගමන එදා රාත්‍රී මාධ්‍ය වලත් ගියා. මම ඔය ගැන බලපිටියේ  හිටපු එජාප මන්ත්‍රීවරයෙකුගේ අයියා කෙනෙකුට කිව්වා. ඒ කියපු වෙලාවේ මිනිහා මට කිව්වා අපෝ ඕක වැඩක් නෑ අපි ඉන්නේ රනිල්ව එලවන්න. අපේ මල්ලිලා රනිල්ව එලවන්න ගේමක් ගහලා තියෙන්නේ කියලා. මොනවා වුනත් ඔවුන්වත් සම්බන්ධ කරගන්න කියලා හිතාගෙන මම ඔහුට විස්තරේ කිව්වා. පස්සේ විශ්වාසභංගය දිනුවට පස්සේ අපි හම්බවුනා.

අගමැතිගේ නව උපදේශක රාජිත ඇමති ද?

මිනිහා ඇහුවා දැන් කෙහොමද ඕක ඔප්පු කරන්නේ කියලා මම කිව්වා මම මේ ගැන රාජිත ඇමති තුමාට කිව්වා. එතුමා කිව්වා කැබිනට් එක දිවුරුම් දුන්නාට පසු මේ වැඩේ කරමු කියලා. ඒත් එක්කම භාරය වුන වදිය සහ ඔප්පු කරන විදියත් මම කිව්වා.  ඒ අනුව අපි හිටියේ මේ භාරය ඔප්පු කරන්න කැබිනට් එක දිවුරුම් දුන්නාට පස්සේ. මේ අතර අර රනිල් අගමැතිතුමාට බැන බැන හිටපු මගෙන් විස්තරය අහගනිපු අයියයි හිටපු මන්ත්‍රී මල්ලියි. මලික් ඇමතිතුමාව හම්බවෙලා බෙන්තර දී අර මම කරපු වැඩේ එයාලා කරා වගේ කියලා භාරය ඔප්පු කරන්න කියලා අගමැතිතුමාව සීනිගමට ගෙන ආවා.

ඇත්තටම එදා ඒ ඔප්පු කරේ භාර නොවුන භාරයක්. ඇත්තටම භාර වුනේ මම. ඒ භාරය තාම එහෙමමයි. දැන් ඉදිරියේ දී රාජිත ඇමතිතුමා ලංකාවට ආවට පස්සේ මම ඒ භාරය ඔප්පු කරන්න වැඩ කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මම ඇමති ගයන්තටත් රත්ගම සංවිධායක සංජීව් ටත් කිව්වා. ඔය ගොල්ලෝ ඔප්පු කරේ භාර නොවුන භාරයක් කියලා. ඒ අය ත් මේ ගැන දන්නේ නෑ. දැන් මම රාජිත ඇමතිවරයා ලංකාවට ආපු වාම ඔහුත් සමඟ අගමැතිතුමා හමුවෙලා මේකේ ඇත්ත නැත්ත ඔහුට කියනවා. එතකොට හොර භාර ඔප්පු කරපු අය රටට හෙලිවේවි.

හම්බන්තොට කාල්ලටන් දන්සැල හරියට එදා අරලියගමගහ මැදුර දන්සැල වාගේ ද ?

සුපුරුදු පරිදි මෙවරත් පෙහොය දිනයට කාල්ටන් නිවසේ පවත් වන ධර්මදේශනාව පැවැත්වුයේ හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙනි. වෙසක් පෙහොය නිසාම මේ සඳහා වැඩි පිරිසක් සහභාගී වී තිබිණි. කෙසේ නමුත් මන්ත්‍රීවරුන් නිවාඩුව නිසා පැමිණ සිටියේ අඩුවෙනි. විශේෂයෙන්ම එදින ඇමති හිටපු ඇමති බැසිල්ට සහ මන්ත්‍රී නාමල් ට ද එෆ්.සී.අයි.ඩී යේ අත්සන් යෙදීමට තිබු දිනයක් නිසා ඔවුන් ද එහි නොසියේය.

මහින්ද කීයු 2020 පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා මෙන්න

කෙසේ නමුත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැදවුම්කරු අජිත් ප්‍රසන්න සහ ප්‍රාදේශීයය සභා මන්ත්‍රීවරු ඇතුළු ජනතාව විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය. බණ දේශනාව අවසානයේ දී හිටපු මන්ත්‍රී අජිත් මහින්ද සමඟ කතාවට වැටුනි, විසි වෙනි සංශෝධනය යි බැසිල් ද ගෝඨා ද කියන කතාව තමයි මේ දවස් වල වැඩිපුරම යන්නේ අජිත් කතාව පටන්ගත්තේ එසේය. මේකනේ අජිත් අපේ පක්ෂයේ මත කිහිපයක් තියනවා. ඒ අනුව වැඩ කරනවා. අනිත් එක අපි තාම තීරණය කරලා නෑ 2020 අපේක්ෂකයා. ඒක ඒ වෙලාවට බලනවා. මහින්ද එසේ කියා අජිත් ට දවල් කෑමට ආරාධනා කළේය.

අවුරුදු අස්සේ වෙසක් වෙසක් අස්සේ අලි සංගිත පුටු  සෙල්ලම් හම්බන්තොට….

තංගල්ල වෙළඳ සංගමය විසින් සංවිධානය කරනු ලැබු අළුත් අවුරුදු උත්සවය පසුගිය සදුදා තංගල්ල නගරයේ දී පැවැත්විණි. තංගල්ලේ එජාප ප්‍රබලයන් වන ඇමති දිලිප්, මන්ත්‍රී නිහාල් නගරාධිපති රවිදු   යන වෙදආරච්චි ලා සියළු දෙනා සහභාගී වු මෙම අළුත් අවුරුදු උත්සවය ඉතා අපුරු එකක් විය. මෙහි දී අවසාන අංගයක් වු සංගීත පුටු තරඟය කාගෙත් අවධානයට ලක්විය.

වෙදආරචිචිලා තිදෙනාම තරඟ වැදුණු මෙහි දී රවිදු ඉවත් වුවද අවසානයට පැමිණියේ වෙදආදරච්චි සහෝදරයන් දෙදෙනාය. කෙසේ නමුත් ඒ අවස්ථාවේ දී මන්ත්‍රී නිහාල් එයින් ඉවත් වීමට සුදානම් වුවද වෙළඳ ප්‍රජාවගේ දැඩි ඉල්ලීම නිසාම තරඟයට සහභාගී වු අතර අවසනයේ ඉතා උණුසුම් පිලිගැනීමක් යටතේ පැවති සහෝදරයින් දෙදෙනාගේ සංගීත පුටු තරඟයේ ජය ඇමති දිලිප් ට හිමි විය.

මෙවර පොදුජන පෙරමුණේ මැයි දින රැලිය ගාල්ලේ දී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මෙහි වැඩිම බරක් පැටවී ඇත්තේ මන්ත්‍රී රමේෂ්ටය. කෙසේ නමුත් මෙවර මැයි දින රැලියේ දී රණවිරුවන් වෙනුවෙන් වෙනම පෙලපාලියකින් පැමිණීමට මව්බිම වෙනුවෙන් රණවිරුවවෝ තීරණය කර ඇත. එසේම ඔවුන් වෙනුවෙන් එක් කතාවක් වෙන් කරන ලෙස ඔවුන් පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇත.

මහින්ද කඩල දන් සැල් වදිති…….

වෙසක් පෙහොය නිමිත්තෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබු කඩල දන්සලක් එම කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි. කඩල දන්සල ආරම්භය සටහන් කරන විටම අහම්බෙන් මෙන් නැවැත් වු වාහනයේ සිටියේ හිටපු ඇමති මහින්ද යාපාය. කෝ මටත් කඩල ගොට්ටක් දෙන්න කෝ කියා කඩල ඉල්ලා ගත් මහින්ද යාපා ඇසුවේ දැන් ද පටන් ගත්තේ කියාය. ඔව් ඔබතුමා තමයි මුලින්ම ආවේ. ආ ඒකත් හොඳයි අහම්බෙන් හරි කඩල දන්සලකුත් විවෘත්ත කරා නේ කී හිටපු ඇමති මහින්ද යාපා එතනින් පිටත් විය.

ආණ්ඩුව හැරගිය 16 කල්ලියට හිටිය ඇමතිවරයකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇමතූවේ අයි?

විශ්වාසභංගයට පක්ෂ වී 16 දෙනාගේ කල්ලිය තුළ සිටින දකුණේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගිය 30 දින ඇමතුමක් ලැබිණි. ඇමතිතුමා හෙට කැබිනට් සංශෝධනයේ දී ඔබතුමාටත් කැබිනට් ඇමතිකමක් වෙන්කරලා තියනවා. ජනාධිපතිතුමා කිව්වා ඇවිත් භාර ගන්න කියලා. හොදයි බෙහෝම ස්තූතියි කියන්න.

නමුත් මම මේ රජය තුළ තව දුරටත් ඇමතිකම් කරන්න සුදානමක් නෑ. කී අදාල හිටපු අමාත්‍යවරයා තමා ගැන විශ්වාසය තැබීම සමබන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූති කළේය. එසේම අදාළ 16 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය සදහා සහභාගී වන බවට ප්‍රකාශ වුවද අප කේලමාට වෙත වාර්තා වන්නේ ඔවුන් එම මැයි රැලිය සඳහා සහභාගී නොවන බවත් මේ වන තෙක් පාක්ෂිකයන් ද අදාළ මැයි රැලිය සදහා සහභාගී විය යුතු බවට දැනුවත් කර නොමැති බවයි.

නියෝජ්‍ය නායක සජිත් පේමදාස හම්බන්තොට දී  කී රහස දන්නවා ද?

ඇමති සජිගේ 59 වන උදා ගම්මානය ඇල්පිටිය බටුහේන රම්‍යගම දී විවෘර්ත විය. ඇමති ගයන්ත මෙන්ම හිටපු ඇමති රූපා කරුනාතිලක ගේ පුත් සංජීව් ද එක්ව සිටි මෙහි දී ඇමති සජිත් සංජීව් සහ ගයන්ත සමඟින් තම පියා රූපා කරුනාතිලක අමාත්‍යවරයා සමඟින් එදා ගම්උදා වැඩ සටහන ක්‍රියාත්මක කර ආකාරය ගැන සිහිපත් කළේය. ඇමති සජිගේ 60 වන උදාගම්මානය වන හම්බන්තොට සිරි බෝ පුර අමරදේවගම නිවාස යෝජනා ක්‍රමය පසුගිය සතියේ විවෘර්ත විය.

කලාකරුවන් රැසකගේ හා අමරදේවයන්ගේ බිරිද ද පැමිණ සිටි මෙම උත්සවය අපුරු උත්සවයක් විය. මෙහි දී සභාවේ සිටි ඇමති සජිත් ගේ දුරකථනයට එම අවස්ථාවේ දී එස්.එම්.එස්. එකක් ලැබිණි. ඒ සමඟ ම සිය කතාව සඳහා ඔහුට ආරාධනා ලැබිණි. අද මම කසාද බැදලා අවුරුදු 20 ක් වෙනවා. මේ නෝනා දැන් එස්.එම්.එස් එකක් එව්වාම තමයි ඒක මතක් වුනේ. මොනවා වුනත් අද විශේෂ දවසක් කී අමති සජිත් පැමිණ සිටි කලාකරුවන් සමඟින් ගීත කිහිපයක් ද ගායනා කළේය.

දකුණු පළාත් මහ ඇමති හැන්ද අතට ගනි……

නව වසරේ දී විදේශ ගතව සිටි මහ ඇමති ශාන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙදීන් හමුවිය. සුපුරුදු ලෙන්ගතු කමින් නව වසරට සුබ පැතූ ඔහු වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් හමුවේ කරුණු දැක්වීය. මොන තත්ත්වයක් යටතේ උනත් මම ඊලඟ පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලනවා.

එකටම එන්නේ මහ මැතිවරණය ද ? ජනාධිපතිවරණය ද?

කවුරු මොනවා කිව්වත් මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය එනවා. එතන තමයි හැරවුම් ලක්ෂය. පසුගිය පළාත් සභාවේ දී කියවලා තිබුණා මම පෙහොට්ටුව දිනපු පළාත් සභා වලට මුද්දර ගාස්තු දෙන්නේ නෑ කියලා. එහෙම එකක් නෑ. ඔය කියන මුදල් ගාන දකුණු පළාත් සභාව ආරම්භයේ සිටම ආපු ගානක ඒ මුදල නම් ඉතින් කවදාවත් දෙන්න බෑ. මුදල් තියන පරිදි හැමෝන්ටම දෙනවා. මම නම් ඉතින් මඩකලපුවේ මැයි දින රැස්වීමට යනවා. පොදුජන පෙරමුණ ගාල්ලේ මෙවර මැයි රැලිය තියන්නේ එජාපය දිනපු ගාල්ල නගර සභාව එජපයෙ කට්ටියක් එක්ක එකතු වෙලා පොදුජන පෙරමුණට ගනිපු නිසා විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *