මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්

පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.

අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.

ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී අද සිදුවු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ තුවාල සුව කළ හැකි නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයට සිදුවු තුවාලය සුව කර ගැනීමට නොහැකි යැයි

කතානායකවරයා තීරණය කළ පසු පාර්ලිමේන්තුවට ඕනෑ තැනක රැස්විය හැකි යැයි ද කී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එසේ තිබෙන බවද කීය.ඒ අනුව ක්‍රියා කිරිම ගැන කතානායක කරු ජයසුරිය මහතාට ස්තූතිවන්ත වන බවද හෙතෙම පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *