මෙරට භාවිතයට තහනම් ටැමඩෝල් හෙවත් ඇපල් පෙති නමින් හඳුන්වන මත්පෙති හාරදහක් මිනුවන්ගොඩ පොලිස් අත්අඩංගුවට

මෙරට භාවිතයට තහනම් ටැමඩෝල් හෙවත් ඇපල් පෙති නමින් හඳුන්වන මත්පෙති හාරදහක් මිනුවන්ගොඩ පොලිස් අත්අඩංගුවට

පාසල් දරුවන් හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කරනු ලබන ජාවාරමක් අල්ලා ගැනීමට මිනුවන්ගොඩ පොලීසියට හැකි විය මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට තහනම් ඖෂධයක් ලෙස සැලකෙන ටැමඩෝල් හෙවත් ඇපල් පෙති වර්ගය වන අතර එය මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරයි

මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැලක ව්‍යාපාරිකයකුගේ පුතකු විසින් අලෙවි කිරීමේ නිරතව තිබෙන අතර එම ස්ථානය හා ඔහුට මත්පෙති ලබාදෙන කඳාන ප්‍රදේශයේ ස්ථානයක් වටලා මෙම මත්පෙති හාරදහස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණා මේ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය

මිනුවන්ගොඩ පොලීස් ස්ථානාධිපති ජීවක රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළේය සැකකරු මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා ඉදිරියට යොමු කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *