මෙරට ආසාදිතයින් ගණන 824 දක්වා ඉහළට

ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකු හදුනාගැනුණු අතර රාත්‍රී තවත් පුද්ගලයින් 20 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ පස්වරුවේ හදුනාගත් රෝගීන් 7 දෙනාගෙන් 6 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු ලඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 583 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මේ වන විට පුද්ගල මරණ 9 ක් වාර්තා වී තිබේ.

උපුටා ගැනිම-අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *