මෙන්න ආදර්ශය—සුනඛයකු සුවපත් කිරීම පිණිස විදේශක යුවලක් පැය 7ක් ගමිපහදි වෙහෙසෙන අයුරු—

මෙන්න ආදර්ශය—සුනඛයකු සුවපත් කිරීම පිණිස විදේශක යුවලක් පැය 7ක් ගමිපහදි වෙහෙසෙන අයුරු—

මිනිස්කම බොහෝ දුලභ සමයක නෙදර්ලන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පැමිණි විදේශ
තරුණ යුවලක්, මහමඟ සිට අනතුරකට පත් සුනඛයෙකු දැක එම සතා ප්‍රතිකාර පිණිස යැවීමට පැය හතකුත් විනාඩි විස්සක කාලයක් ගතකිරීමේ ඉතා සංවේදී අවස්ථාවක් ගම්පහදී දක්නට ලැබිණි.

 

ජෝයි සහ ෂර්ලි නැමැති මේ දෙදෙනා කටුනායක ගුවන්තොටුපොලෙන් ගම්පහට පැමිණ ඇත්තේ මහනුවර බලා දුම්රියෙන් යාම සඳහාය.

ඒ ඉකුත් 15 වෙනිදාය. උදෑසන 9.30ට මහනුවර බලා යන දුම්රියෙන් යාම පිණිස දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම දෙදෙනාට දකින්නට ලැබී ඇත්තේ අනතුරකට පත්ව එක් පාදයක් හානි වී තිබූ සුනඛයෙකි.

දැඩි සේ කම්පාවට පත් යුවල සුනඛයා අසලට ගොස් අවට සිටි අයගෙන් මෙම සතා පත්ව සිටින තත්ත්වය විමසීමේදී දැකගත හැකිව ඇත්තේ වාහනයකට හසුවීමෙන් පාදයකට හානි වී ඇති බවය.

මහනුවර බලා යන ගමන මදකට පමා කළ මෙම දෙදෙනා, කොළඹ ප්‍රදේශයෙහි ඇති සත්ත්ව
ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කතා කොට කඩිනමින් පැමිණ ප්‍රතිකාර පිණිස රැගෙන යන ලෙසට
ඉල්ලීමක් කරමින් ඔවුන් පැමිණෙන තෙක් තමන් දුම්රිය ස්ථානය අසල රැදී සිටින බව ද පවසා ඇත.

නෙදර්ලන්තයෙහි කටයුතු සිදු වන අන්දමින් කඩිනමින් පැමිණ අපහසුතාවයෙන් පසු වන සතා
රැගෙන යාවි යැයි සිතමින් වරින් වර සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය අමතන සෑම අවස්ථාවකදීම පිළිතුර වී ඇත්තේ පැය භාගයක් තුළ ළඟා වන බවය.

පැය භාග, පැය, දෙක තුනක් ගත වුවද මෙම තරුණ යුවල නුවර බලා ගමන් ගැනීම තිබියදී සුනඛයා කෙසේ හෝ භාරදීම කළ යුතු බව අදිටන් කර ගනිමින් පසුව ඇත්තේ දිවා ආහාරයක් පවා නොමැතිවය.

මේ අතරතුර මේ සිදුවීම ගම්පහ ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට සැලවීම මත එහි ගිය අවස්ථාවේ
දැකගත හැකි වූයේ දැඩි වෙහෙසකින් යුතුව විදේශ තරුණිය මෙන්ම තරුණයා ද පසුවන අන්දමය.

මාධ්‍යවේදියා තරුණියගෙන් තොරතුරු විමසා සිටි අවස්ථාවේදී දැක ගත හැකිවූයේ, තමන් දෙදෙනා සති දෙකක් මහනුවර ප්‍රදේශයෙහි සංචාරය පිණිස යාමට පැමිණි අවස්ථාවේදී සුනඛයා පසුවන තත්ත්වය දැක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමට තීරණය කොට නුවර යාම මදකට පමා කොට මෙසේ සිටින අතර පැය ගණනාවක් මෙලෙස රැදී සිටීමට සිදුව ඇති බවය.

පස්වරු 3.30 පමණ වන තුරු ද සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැමිණීමක් නොවූයෙන්
මාධ්‍යවේදියා ඔවුන් සම්බන්ධ කර ගත් දුරකතන අංකයට ඇමතීමේදී කඩිනමින් පැමිණෙන බව පැවසූයෙන්, මීට විසඳුමක් ලබා දීමේ අටියෙන් මෙම තත්ත්වය පවසා සිටියේ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා වෙතය.

යුවලගේ සංවේදී බව තේරුම් ගත් පුස්සැල්ල මහතා පවසා සිටියේ, ඔවුනට සහායවීම පිණිස
කඩිනමින් පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා දූමිරිය ස්ථානය වෙත එවන බවය ඒ අනුව පැමිණි පොලිස් පරීක්ෂකවරයා මෙම දෙදෙනාගෙන් තොරතුරු විමසා සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නොපැමිණියහොත් පොලිසිය මගින් එවන් ස්ථානයකට භාර කිරිම සිදු කරන බව පවසා සිටි අතර මෙහිදි දැඩි සතුටට පත් විදේශ තරැණිය කදුඵ සලන්නට වුවාය

ඩන්කන් ගුණවර්ධන මහතා ද ආදාල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇමතුමක් ලබාදීමේදී කඩිනමින් පැමිණෙන බව දැනුම් දුන් අතර පස්වරු 4.20ට පමණ සුනඛයා රැගෙන යාම පිණිස රථයක් පැමිණි අවස්ථාවේ සතුටට පත් තරුණියගේ දෙනෙතින් කඳුළු රූරා වැටෙන්නට වූවාය


මේ අතරතුරදී ඇයගේ සැමියා කිහිපවිටක්ම පැමිණ යමක් ආහාරයට ගන්නා ලෙස ඇයට ඇවිටිලි කළ ද සිසිල් බීම පමණක් පානය කරමින් සිටියදී අප සමඟ පවසා සිටියේ තමන් දිවා ආහාරය හෝ උදෑසන ආහාරය ද නොගෙන, රෝගාතුර සුනඛයා ප්‍රතිකාර පිණිස යවන තෙක් සිටි බවය.

තමන් සහ තම සැමියා දැඩි සේ සතුන්ට ආදරය මෙන්ම රැකවරණය ලබා දෙන බව පැවසූ තරුණිය, මෙම සුනඛයාට ද ප්‍රතිකාර ලබාදීම පිණිස අවස්ථාවක් උදාවීම ගැන විශාල සතුටක් පවතින බව ද කීවාය.

මෙහිදී එම යුවල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ දැනුම්දීම පරිදි සහනයක් සැලසීමට පැමිණි පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාට මාධ්‍යවේදී ඇතුළු සහය වූ සැමට ස්තූතිය පුද කරන බව පැවසූ දෙදෙනා සවස 6.30ට ඇති දුම්රියෙන් මහනුවර සංචාරය සඳහා පිටත්ව යන බව කියා සිටියහ.

ඒ මහමග සිටින රෝගී සත්ත්වයා සුවපත් කිරීමේ අරමුණින් පැය හතකට අධික කාලයක්
ගතකරමින් දුම්රිය ස්ථානයෙහි රැඳී සිටිමිනි.

මේ අවස්ථාවේදී මේ සිදුවීම බලා සිටි පිරිස සමඟ ඩන්කන් ගුණවර්ධන මහතා පවසා සිටියේ, කුසින් බිහිකළ දරුවන් පවා මහමග දමා යන, සතෙකු තබා අනතුරකට පත් මිනිසෙකු දෙසද නොබලන මිනිසුන් වෙසෙන සමයක සතා සිව්පාවාට පවා ආදරය කරන විදෙස් තරුණ යුවල විසින් සිදු කළ ක්‍රියාව බොහෝ දෙනෙකුට ආදර්ශයක් වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *