මූනිස්සමට නිහඬ කළ නොහැකි වූ කම්බිකොටුවේ දේශපාලනය.

මූනිස්සමට නිහඬ කළ නොහැකි වූ කම්බිකොටුවේ දේශපාලනය.

මරණයට හේතුවක් ද, ගෞරවනීය මරණයකට අයිතියක් ද නොතිබූ 1989 භීෂණ සමයේ දොම්පේ ආසනයේ ජනතාව ද රැය පහන් කළේ බියෙන් ගැහෙමෙනි. පුා, කොල කොටි ආදීන්ගෙන් සමන්තවි වූ රාජ්‍ය ත්‍රස්තවාදීහු ද, නාදුනන තුවක්කුකරුවෝ ද නිදහසේ ගැවසුණු ඒ වකවානුවේදී මිනිසුන් ගේ පිහිටට එන්නට බොහෝ දෙනා අදි මදි කළහ.

ඒත් මිනිසුන්ගේ දුක දුටු කම්බිකොටුවෙ කපුගොඩ රාළහාමි තමා ගෙන් පිළිසරණ පතා ආ මිනිසුන් හිස් අතින් ආපසු හරවා යැවුවේ නැත. නමුත් ඒ උතුම් මිනිසා ද සිත් පිත් නැති නරුමයකුගේ අතේ තිබූ තුවක්කුවකින් නිකුත් වූ මූනිස්සමකින් සදහටම නිහඬ කර දැමුවේය. එහෙත් කම්බි කොටුව නිහඬ වූයේ නැත. වසර හැට හයක් තිස්සේ අදත් කම්බිකොටුවට මිනිසුන් යති. එති. දොම්පේ දේශපාලනයත් කම්බිකොටුවත් යනු දෙකක් නොව එකක් වන තරමටම එය දේශපාලනය හා බැඳී පවතී.

කම්බි කොටුවේ දේශපාලනය ගැන දැනගන්නට අප කතා කළේ දංගල්ල රජමහ විහාරාධිපති අනුරාගොඩ ධම්මාරාම හිමියන් සමඟයි. උන් වහන්සේ දොම්පේ දේශපාලනය අතැඹුලක් සේ දනිති. අතීතය සිහිපත් වීමෙන් උන් වහන්සේගේ හඬ වරෙක වේගයෙන් ද වරෙක සෙමෙන් ද ගලා ගියේ ය. මේ උන් වහන්සේගේ අතීත මතකාවර්ජනයයි.

1952 එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී, ශීු ලංකා නිදහස් පක්ෂයට ආරම්භක සාමාජිකයන් බඳවා ගන්නා අවස්ථාවේ මේ විහාරස්ථානයේ දී තමයි සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය පැවැත්වුනේ. එ තැන් සිට රටට ජාතියට අහිතකර බල වේග උතුම් වූ හැම අවස්ථාවකදීම ඒ විහාර වාසී භික්ෂූන් වහන්සේ ඊට එරෙහිව එරෙහි ව පෙරමුණට ආ බව මේ දොම්පේ කවුරුත් දන්නවා. කපුගොඩ කම්බි කොටුවෙ රාළහාමි කියන්නෙත් ඒ මුල් යුගයේ සිට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් ව කටයුතු කළ පුබල දේශපාලන චරිතයක්. ඔහුගේ පෞද්ගලික ධනයද ඉඩකඩම්ද පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැප කළා.

ඔහුට අයත්ව අක්කර පනහක් හැටක් තිබුණා. ඉඩම් කැප කළේ ක්ෂය සඳහායි. 1960 කියන්නේ ඔහුගේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්.
අහස් පැපිලියගොඩ පේරුව සහ අනුරාගොඩ පේරුව කියලා කොට්ඨාශ දෙකක් තිබුණා. සත් පිල්ලිය ගොඩ තේරුම ගොඩ තේරුම ගුණරත්න මහත්තයාට දෙන්න ඕන නිසා තම්බි කොටුවේ රාලහාමි අනුරාගොඩ කොට්ඨාසය තෝරා ගත්තා. මොන පේරුවට ගියත් සමන් දිනන බව ඔහු දැනගෙන සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ ලොකුම කඩා කඩා වැටීම සිද්ධ වුණේ 1977 දී. එහෙත් දැවැන්ත ජනතා පක්ෂය ආසන අටට වැටුනා. කවදාවත් හොල්ලන්න ට බෑ කියා කියූ දොම්පෙ ආසනයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සරත්චන්ද්‍ර රාජකරුණාට පරාජය වුණා. බණ්ඩාරනායක මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්ති ජනතාවට එදා තේරුම් ගන්නට බැරි වුණා. ජේ ආර් ජයවර්ධන ගේ ධාන්‍ය රාත්තල් අටට රැවටුණු ජනතාව මැතිනියගේ රජයට එරෙහිව ඡන්දය දුන්නා. හැත්තෑ හතේ දිනූ එක්සත් ජාතික පක්ෂ රජය මස් වර දාහතක් අඛණ්ඩව පාලනය ගෙන ගියා. ඒ කාලාන්තරය තුළත්, එක්දහස් නමසිය අසූ දෙකේ ජනාධිපතිවරණයේදීත් කම්බි කොටුවේ රාල කොටුවෙ රාලහාමිට තම පක්ෂය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරන්නට සිදු වුණා.

එහෙත් ඔහුට ඇතුලෙන් ම විවිධ කැපිලි කෙටි එල්ල වුණා. අපමණ කැප කිරීම් කළ ඔහුට මාත් සභාවට වත් ඉදිරිපත් වන්නට බැරි වෙනවා. නමුත් උපක්‍රමයක් ලෙස ඔවුන් ඉදිරිපත් කළ ලිබරල් පක්ෂය පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනා ජයග්‍රහණය කරනවා.

1989 කාලයේ ලංකාවේ භීෂණය රජ කරන්නට පටන් ගන්නවා. එය ලංකාවේ සංස්කෘතියත් ආර්ථිකයත් දේශපාලනයත් උඩු යටිකුරු කරනවා. දණින් උඩට මිනී පෙට්ටියක් උස වන්නට ඉඩ නොදුන් යුගයක් ඒක. රාත්‍රියට ලාම්පුවක් දැන් වීම පවා තහනම් කෙරුණා. හැදුනුම්පත ද බත් මුට්ටිය ද සොරා ගෙන ගියා. ඒ භීෂණය තුළ දොම්පේ ජනතාවට පිහිටට සිටියේ කපුගොඩ කම්බි කොටුවෙ රාළහාමි ඇතුළු අතලොස්සක් මානවවාදීහු පමණකි. එ් කළ මෙහෙවරට වන්දි ගෙවන්නට සිදු වුණේ ඔහුගේ ජීවිතයෙනි.

ඔහුගේ ඝාතනය ඝාතනයෙන් මුළු පළාතම කම්පාවට පත්වුණා. හඩා වැලපුණා. ඒ තවත් එක් දේශපාලකයෙක් මිය ගිය නිසා නොව, ප්රදේශයේ කාටත් උදව් උපකාර කළ හිත හොඳ මිනිහෙක් ගේ නික්ම යාම පිළිබඳවයි.

ඒ ඝාතනය කළේ කවුරුන් දැයි මා නො කීවත් දොම්පේ ජනතාව හොඳින්ම දනිති. කම්බිකොටුවේ රාල රාලහාමිගේ ප්‍රාණය නිරුද්ධ වූවද, වසර හැට හයක කාලයක් පුරා අදත් ඒ දේශපාලන ගමන ඉදිරියට යමින් පවතී. ඔහුගේ අභාවයත් සමගම දේශපාලනයට පා තැබුයේ විජේසේකර මහත්මියයි. දොම්පේ ප්‍රදේශයේ කළගුණ දන්නා ජනතාව දොම්පෙ ප්‍රාදේශීය සභාව සඳහා ඇය පත් කර ගත්හ.

කම්බිකොටුව දේශපාලන ඉතිහාසයේ තුන් වෙනි යුගය ඇරඹෙන්නේ කම්බිකොටුවේ sarසාර්ස් හෙවත් දුලිප් විජේසේකරගේ ආගමනයෙනි. ඔහු තම පියාගෙන් පියාගේත් මවගේත් ආභාෂය ලබමින් කම්බිකොටුවේ දේශපාලනය වඩාත් මානවවාදීව ඉදිරියට ගෙන යමින් සිටී.

දුලිප් විජේසේකර මහත්තයා තමන්ගේ පියා මෙන් ම කවුරු ගියත් සිනා සෙමින් උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙයි. ඔහු කෝපයට පත්ව සිටි අවස්ථාවක් මගේ ජීවිතය තුළ මා දැක නෑ. හෝ ඔහු කෝපයෙන් ද්වේශයෙන් ලෙස පාලනය කරන්නෙක් නොවේ. මහත්මා ගතිගුණ තිබෙන කෙනෙක්. 1999 පළාත් සභාවට තේරී පත් වෙනවා. නියෝජ්‍ය ඇමතිකමකුත් ලැබෙනවා. 2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා දිවයිනේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. එදා මන්ත්‍රී ධූරය අහිමි වුණත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අභාවය නිසා ඔහුට යළි පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව උදාවෙනවා. එතැන් සිට අද දක්වාම ඔහු නිහඩවම තම ගමන යනවා.

කෙසේවෙතත් ඔහුට යම් අසාධාරණයක් වූ බව මට දැනෙනවා. දොම්පේ උපන් ඩුලිප්ට සංවිධායක ධුරය ලැබෙන්නේ බියගම ආසනයටයි. අම්මා තාත්තා දේශපාලනය කළේ දොම්පේ. වසර හැට හයක් දොම්පේ දේශපාලනය කළත් ලැබුණේ බියගම ආසනය. නමුත් බිදින්නට බැරිව තිබූ එජාප බලකොටුවක් වූ බියගම ප්‍රාදේශීය සභාවත් විජේසේකර මහතාගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනවා. නිහඩව වුවත් කතා කළ යුතු තැන කතා කරමින් නොසැලී සිටිනවා.

2020 මහ මැතිවරණයත් විශේෂ වැදගත්කමක් උසුලනවා. ඒ සිංහලයන් වෙනුවෙන් පත්වුණු ජනාධිපතිවරයකුට දූෂණයෙන් වංචාවෙන් සහ හොරකමෙන් තොරවූත් ජනතා සේවයට කැපවන්නාවූත් මන්ත්‍රීවරු පිරිසක් තෝරා යැවීමට සිදුව ඇති නිසයි. ඒ සඳහා දුලිප් විජේසේකර මහතා අත්‍යන්තයෙන්ම සුදුසු බව මගේත්, දොම්පේ සහ බියගම ජනතාවගේත් එකම විශ්වාසය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *