මුහුදු රකුෂා ගිල ගත් අහිංසක ධීවරයාගේ කදුළු කතාන්දරය

“නැව අපේ බෝට්ටුවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා”

අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන 26 හැවිරදි එරන්ද පුෂ්පකුමාර මෙම බිහිසුණු සිද්ධියේ අත්දැකීම් මෙසේ විස්තර කළේය.

නැව අපේ බෝට්ටුවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 09.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියාඑදා සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ අපේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.30 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.ඊට පස්සේ  බෝට්ටුවේ වීල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ. මම  උඩට ගිහින්  නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවක වැදිලා පෙරළුනා.

මම මුහුදට විසිවුනා. මම පීනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ. බොට්ටුවේ ඇතුළේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.මම උදේ 09.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.පසුව නාවික හමුදාව ඇවිත් මාව බේරගත්තා.

පෙරළුණු යාත්‍රාවක පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබිණ.

ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 04 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ජනක ගිනිගේ මහතාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසයි.

පසුගිය 11දා  අළුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය “මලිඳු පුතා” නමැති ධීවර යාත්‍රාවකි.  අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයින් 07දෙනකු  සිට තිබේ.ගාල්ල බේරුවල ධීවර වරායෙන් 2018.09.11 වන දින මුහුදු ගිය මලිදු පුතා නැමති  යාත්‍රාවක් අනතුරට පත්ව ඇත.මෙහි ධීවරයන් 07දෙනෙක් ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් ධීවරයන් 04 දෙනෙක් මියගොස් ඇත. දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. එක් ධීවරයකුගේ ජීවිතය නාවික හමුදාව විසින් බෙරාගෙන ඇත. මිය ගිය ධීවරයන්ගේ දේශයන් හා බේරාගත් ධීවරයා 12  වන දින සැන්දෑවේ ගාල්ල ධීවර වරායට ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබිණි.

ඒ අනුව ධීවරයින්ගේ මෘත ශරීර පෙරේදා (12) රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන එමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රොහල වෙත රැගෙන යන ලදී.එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගෙන තිබේ.

 අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා යොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කරයි.මියගිය ධීවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර  ඒවා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (13)කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.ඡායාරූප ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *