මීරිගම මත් පැන් විෂවි පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

මීරිගම මත් පැන් විෂවි පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

මත්පැන් සාදයකදී මත් පැන් විශ වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව මීරිගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නැගම ගල්නෑව ප්‍රදේශයේ පදිංචි කේ.ජී.එච්.ජී අනුර කොඩිතුවක්කු(54) සහ චිත්‍රානන්ද කොඩිතොවක්කු(48) යන එකම පවුලේ සහෝදරයින්ය
පසුගියදා මීරිගම කීණදෙණිය මොට්ටෑව වත්ත ප්‍රදේශයේ තම ඥාතිවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකින් පසුව පැවති හත් දවසේ පිංකම අවසානයේ පිංකමට සහභාගී වූ පිරිසක් මත් පැන් පානය කර ඇත. මත් පානය කල පිරිසෙන් කිහිප දෙනෙකුට ඇති වූ යම් රෝගී තත්ත්වයක් නිසා වරකාපොල සහ මීරිගම රෝහල් වලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ(15) දෙදෙනෙකු මිය ගොස් ඇත. මෙම පුද්ගලයින් මත් පැන් විශ වීම නිසා මිය ගොස් ඇති බවට පොලීසිය සැකකරයි.

මොවුන් මත් පැන් පානය කරමින් සිටින අතර තුරේදී අසල් වැසියෙක් රැගෙන ආ මත් පැන් බෝතලයක් ලබා දී ඇති බවට ප්‍රදේශවාසියෙක් සදහන් කලේය. මත් පැන් ලබා දුන් බව කියන පුද්ගලයා මීරිගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මත් පැන් තිබූ බෝතලයේ කිසිදු ලේබලයක් සදහන්ව නොමැති බව පොලිසිය පවසයි. එම නිසා මෙම මත් පැන් බෝතලය මෙම පුද්ගලයාට කෙසේ ලැබුනේදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මීට වසරකට පමණ ඉහතදී බාදුරාගොඩ ප්‍රදේශයේ මත් පැන් විශ වීමකින් 14 දෙනෙකු යෑමක් වාර්තා වී තිබුණ අතර අදාළ සැකකරු රක්ශිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී ඇත. ඔහුද මේ වන විට මත් පැන් නිෂ්පාදනය සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසයි. වසර 6 කට පමණ ඉහතදී ද පල්ලෙවෙල ප්‍රදේශයේ මත්පැන් සාදයකදීද දෙදෙනෙක් මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *