මීරිගම උපවාසය හය වන දිනටත් අඛණ්ඩව–

මීරිගම උපවාසය හය වන දිනටත් අඛණ්ඩව–

මහා සංඝරත්නය මුල් වී ආරම්භ කළ මෙම උපවාසයේ අරමුණ වී ඇත්තේ බෞද්ධ කරුණු විකෘති කරමින් නිති විරෝධීව පවත්වාගෙන යන මධ්‍යස්ථානයකට එරෙහිවය. මහා සංඝරත්නය පෙන්වාදෙන්නේ මධ්‍යස්ථානය බුදුදහමට විශාල හානියක් වන බවයි

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් සාමකාමීව තම තමන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය පසුගිය 7 වන දින 5 ක කලයක් තිස්සේ මීරිගම බස් නැවතුම්පොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක යෙදෙන අනුරාධපුර අමථ ධම්ම හිමියන් ඇතුළු පිරිසට නියෝග කලාය. ඊයෙ 11 නියෝග කලාය.
යම් හෙයකින් නියෝගය කඩ කලහොත් තරාතිරම නොබලා අතඩංගුවට ගන්නා ලෙසද නියොග කර ඇත

මීරිගම පොලීසිය විසින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ං වාර්තා දෙකකින් කරුනු වාර්තා කරනු ලැබීය.
කරුණු දෙකක් මුල් කරගනිමින් පසුගිය 07 වැනිදා අනුරාධපුර අමථ ධම්ම ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කර තිබින. මීරිගම කටුවාකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන කටුවාකැලේ පරම නිබ්භාන ධර්මායතනය නීති විරෝධී බවත් එම මධ්‍යස්ථානය පවත්වාගෙන චිවර ධාරි පුද්ගලයා ශාසනයෙන් නෙරපා හැරි පුද්ගලයකුව සිටියදීත් වෙනත් නමකින් පෙනී සිටීම නීති විරෝධී බව යන කරුනු දෙකයි.

අනුරාධපුර අමථ ධම්ම ස්වාමීන් වහන්සේගේ මෙම මාරාන්තික උපවාසයටසහයෝගය දැක්වීමක් වශයෙන් ඊයේ උදේ 10 සිට පස්වරු 1 දක්වා මීරිගම වෙළඳ සංගමය සියලුම කඩවසා දමාතිබිණ .

මීරිගම කටුවාකැලේ ප්‍රදේශයේ චීවරධාරී භික්ෂූන් වහන්සේ නමක් යැයි පවසන පුද්ගලයකු විසින් පවත්වා ගෙන යනු ලබන මෙම ධර්ම මධ්‍යස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අනුමැතියක් නොමැතිව පවත්වා ගෙන යනු ලබන බවත් , මෙම ධර්ම ආයතනය පවත්වාගෙන යනු ලබන චීවරධාරී පුද්ගලයා නම් දෙකකින් පෙනී සිටින බවටත් මාරාන්තික උපවාසයේ යෙදී සිටින අනුරාධපුර අමථ ධම්ම ස්වාමීන් වහන්සේ පවසයි .
අත්තනගල්ල සහකාර පොලිස් අධ්කාරි ප්‍රභාත් දයනන්ද මයත සහ මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩි.ආර් ප්‍රියන්ත මහත්වරු විසින් උපවාසය සිදුවන ස්ථානයට පැමින නියොගය භාර දුන්නෝය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *