මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්වේ ජය පෙනී පෙනී නැතිකර ගැනීම

එළඹෙන ජූනි මස 7 වන දා සිට 10 වන දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර පසුගිය දා මෙරට පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඇතුළත්ව නැත.

සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා ද එක්ව 1994 දී  පිහිටවූ  මීටර් 100 ය 4 ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිඳ හෙළමින් ඔවුන් රන් පදක්කම දිනා ගත් අතර ආසියානු ශූරතාවලියේදී පදක්කමක් හිමිකර ගැනීමේ,  අවස්ථාවක් පවතිද්දීත් එම බාලිකා කණ්ඩායම සහභාගී කරවීමට බලධාරීන් කටයුතු නොකීරීම විමතියට කරුණකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *