මීගමුවේ ළමුන් දෙදෙනෙක් අතුරුදහන් වෙයි

මීගමුවේ ළමුන් දෙදෙනෙක් අතුරුදහන් වෙයි

මීගමුව, කොච්චිකඩේ ඒත්තුකාල ප්‍රදේශයේ දියනෑමට ගිය තරුණයින් 5දෙනෙකුගෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලීසිය පවසයි.

අතුරුදහන් වූ ළමුන් දෙදෙනා වයස අවුරුදු 16 යේ පසුවන බව වාර්තා වෙයි.

අදාළ ප්‍රදේශයේ හෝටලයක් පිටුපස මුහුදේ දියනෑම සඳහා සිව් දෙනෙක් ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මොවුන් එම ප්‍රදේශයේ පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් බව පැවසෙයි.

අතුරුදන් වු දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මෙහෙයුම් දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *