මිරිගම දොස්තර රුවන් රණසිංහ මාළු කන හැටි උගන්වයි-දිලිප් ට පිළිතුරු නිහඬව ලබාදෙයි.

මිරිගම දොස්තර රුවන් රණසිංහ මාළු කන හැටි උගන්වයි-දිලිප් ට පිළිතුරු නිහඬව ලබාදෙයි.

මාළු ආහාරයට ගත යුතු ආකාරය ගැන මිරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා උගන්වයි. මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි ද නිසි පිළිතුරු නිහඬව ලබාදෙයි.

මාළු සෙල්සියස් අංශක 70 ට වඩා උෂ්ණත්වයකට පිස ගැනීමෙන් ආහාරයට ගැනීමෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මාළු අනුභවය කිරීම සිදු කර මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මාධ්‍යයට කරුණු හෙළි කරයි..

පසුගිය දිනක විපක්ෂය නියෝජනය කරන දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා මාළු අනුභවය කිරීම සිද්ධිය මෙරට මෙන්ම ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුවා. මෙරට සමාජ මාධ්‍යයේ බොහෝ කතාබහකට ලක් වූවා. ඊට නිසි පිළිතුරු මෙරට වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

පෑලියගොඩ මාළු වෙළඳසැල කේන්ද්‍රකරගනිමින් covid-19 පැතිරීම නිසා මෙරට බොහෝ ජනතාව මාළු පරිභෝජනය කිරීමෙන් වැළකී සිටියා. මේ නිසා මෙරට ධීවර ප්‍රජාව ද දැඩි දුෂ්කරතාවයට පත් වනු ලැබුවා. තවමත් මාළු වෙළෙඳ පොළ නිසි පරිදි මෙරට ක්‍රියාත්මක වන්නේ නැහැ. බොහෝ ජනතාව මාලු කෑම ප්‍රතික්ෂේප කරනු ලබනවා.

මෙවැනි තත්ත්වයක් මත මිරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා රුවන් රණසිංහ මහතා මාළු හොඳින් පිස ගැනීමෙන් අනුභව කිරීම තුළින් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ප්‍රකාශ කරමි මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

මිරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා මිරිගම නගර මධ්‍යයේ පිහිටා තිබෙන මාළු වෙළදසැලට ගොස් මාළු පිසීම සඳහා මාළු ප්‍රදේශවාසීන්ට රැගෙන දුන්නා. ඔහුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව මිරිගම පොදු වෙළඳපොල තුළ එම මාළු පිස ගැනීම සිදු කළා.

ඉන් අනතුරුව එම පිසු මාළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශ වෙත පිළිගැන්වීම සිදු කළා. එහිදී එම වෛද්‍යවරුන් මාළු අනුභව අනුභවය කිරීම සිදුකල අතර මාළු අහාරයට ගැනිමට කිසිදු බියක් ඇතිකර කරගතුයුතු නැතැයි සඳහන් කළා.

මාළු ආශ්‍රිතව මාළුන්ගෙන් covid-19 පැතිරීම පිළිබඳව විද්‍යාත්මක කරුණු මෙතෙක් අනාවරණය වී නැතැයිද ඒ පැතිරෙන්නේ පෘෂ්ඨවල තැවරීමෙන් බවත් ඒවා සෙල්සියස් අංශක 70 ට වඩා උෂ්ණත්වයට පිස ගැනීමෙන් විනාශ වන බවද ඒ නිසා මාළු අනුභවය කිරීමට කිසිදු බියක් ඇති කරගත නැතයි මෙහිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙනු ලැබුවා.

මේ අනුව ඔහු විසින් විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමක් මාධ්‍යයට සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *