මිරිගමට තවත් විනාශයක්–විඩියෝ සහිතයි

මිරිගමට තවත් විනාශයක්–විඩියෝ සහිතයි

මිරිගම නගරයට ආසන්නව පිහිටා තිබෙන හල්පේ ගම්මානයේ පිහිටා තිබෙන මහගම කැළෑකන්ද ප්‍රදේශයේ පරිසර සමතුලිතතාවය රැක ගැනීම සඳහා ඉතා වැදගත් ස්ථානයක්. නමුත් අද මෙම පරිසරයටද කණ කොකා හඬා තිබෙනවා. පරිසරය ගැන කිසිදු තැකීමක් නොකර මහා පරිමාණයෙන් එම පරිසර පද්ධතිය විනාශ කරන අයුරු දැකගන්නට ලැබෙනවා. ප්‍රදේශවාසීන් විසින් පමා හෝ පමාවී හෝ මෙය වැලැක්වීමට දැන් පෙරමුණ ගෙන තිබෙනවා. එයට විරෝධය දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් එම භූමියට ගොස් පවත්වනු ලැබුවා.එම ස්ථානයට පොලීසිය සහ ප්‍රදේශයේ නියෝජනය කරන දිවුලපිටිය ප්‍රදේිශිය සභා මන්ත්‍රීවරයා ද පැමිණ සිටියා.

මන්ත්‍රීවරයා මේ සඳහා මැදිහත්ව සිදුවන පස් කැපීම නැවැත්වීමට කටයුතු කරන බව ොරොන්දු වීම නිසා ප්‍රදේශවාසීන් විසින් තාවකාලිකව විරෝධතාව නවත්වනු ලැබුවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම කන්ද කැපීම තුලින් ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බවයි.

එහි වාසය කරනු ලබන සතුන් මෙන්ම ශාක විශේෂ ද මේ නිසා විනාශ වන බව ද ඔවුන් ප්‍රකාශ කරනවා. දැනටමත් දේශීය ආවේණික ශාක ද විනාශ වී තිබෙනවා. මෙි හේතුවෙන් ප්‍රදේශය උග්‍ර ජල හිගයට මුහුණ පාන බව ද ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ අවට පිහිටා තිබෙන ඓතිහාසික විහාරස්ථානය ද මේ නිසා හානි වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ අධිවේගී මාර්ගයට මුවාවෙන් මහා පරිමාණ පස් කැපීම සිදුකරන බවයි.

මෙහි සඳහා බලපත්‍ර ලබාදීමට කටයුතු කරපු භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු අදාළ ආයතන නිසි විපරමක් සිදු නොකර පරිසර පද්ධතියක් ආශ්‍රිතව පස් කැපීමට අවසර දීම පිළිබඳව ‍ප්‍රදේශවාසීහු දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ඔවුන් එම ආයතනවලින් ඉල්ලා සිටින්නේ වහාම පරීක්ෂණයක් සිදුකළ මෙම ස්ථානයේ පස් කැපීම නැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

අදාළ ව්‍යාපාරිකයා දැනටමත් සිදු කර තිබෙන පරිසර විනාශයට එරෙහිව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙි පිළිබදව ජනාධිපතිතුමා හා අගමැතිතුමා අවධානය යොමුකර මෙම ස්ථානය රැක ගැනීමට ඉදිරිපත් වන ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *