මිනුවන්ගොඩ සරුංගල් ආරවුලේ හතරවන ඝාතනය 22 හැවිරිදි තරුණයා කපා කොටා මරා දමයි!!

හීනටියන ගමන්ගෙදර ,කොටගෙදර ඝාතන ත්‍රිකෝණයේ සිට මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ මීට වසර තුනකට පෙර සරුංගලයක ආරවුලක් දුරදිග යාම නිසා පිය පුතු දෙදෙනාගේ දිවි අහිමි වන ලදී උඩ ගිය සරුංගලය තවත් සරුංගලයක පැටලීමෙන් මෙම ගැටුම ආරම්භ වන ලදී එහිදී 17 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා කපා කොටා ඝාතනය කරන ලදී එම සිද්ධියට සම්බන්ධ වුයේ එම නිවාස අසලම පදිංචි පුද්ගලයෙකි රණ්ඩුව ඇතිවන අවස්ථාවේ අන්නාසි කපන පිහියෙන් පිය පුතු දෙදෙනාට පහරදී ඝාතනය කරන ලදී මෙම මෙම සිද්ධිය සිදුව වසරක් ඉක්ම ගිය තැන එදා අන්නාසි කපන පිහියෙන් කපා ඝාතන සිද්ධියේ සැකකරු මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී එම ඝාතනය සිදුකලේ එවකට වයස අවු 19 වන ලක්ෂිත ලක්මාල් විසිනි අද දිනයේ ඝාතනය වන්නේ එම ලක්ෂිත ලක්මාල් වන 22 හැවිරිදි එක් දරු පියෙකි ගමන්ගෙදර මිතුරෙකුගේ නිවසක් අසල යතුරු පැදිය නවතා කථා කරමින් සිටින අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ලක්ෂිතව හප්පා යටකර ඇත පසුව ඇද වැටෙන ලක්ෂිතව දිව යන අතරේ ඔහුගේ පසුපසින් පැමිණි තිදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් කපා ඝාතනය කර ඇත බරපතල තුවාල ලබා සිටි ලක්ෂිතව රෝහලට රැගෙන යන අතර මගදී මරණයට පත්ව ඇත.ඔගිගේ පාදයක් සහ අතක් වෙන් වෙන තරමට කපා තිබු අතර බෙල්ල ප්‍රදේශයට තියුණු පහරක් ද එල්ල වී තිබුණි

මේ අද දිනයේ සිදුවීම සැකවිණි හීනටියන, ගමන්ගෙදර ,කොටගෙදර ප්‍රදේශවල නිරන්තරයෙන් මිනිස් ඝාතන සිදුවන පෙදෙස්ය කලකට ඉහත ගොරකා ගසේ අත්තක් කැපීමේ ආරවුල දුරදිග ගොස් හතළිහකට ආසන්න පිරිසක් ඝාතනය වූ ඉතිහාසයක් සහිත ප්‍රදේශයකි ප්‍රදේශයේ කලක සිට පාතාල කියාකරීන් රැසක් සිටි අතර අද ඔවුන් බොහොමයක් ජීවතුන් අතර නොමැත කලක් නිහඩව සිට තම පලිය ලේයිනම සපුරා ගන්නා මෙම සමාජයේ මෙම ඝාතනය අවසන් ඝාතනය නොවන අතර අද පස්වරුවේ වාර්තා වූයේ අද දිනයේ ඝාතනයට ලක්වූ ලක්ෂිතගේ ප්‍රධාන විරුද්ධ වාදියාගේ නිවස ගිණිබත් කර ඇති බවයි අවි ගත්තෝ අවියෙන්ම නසින බව බුදු බණේ කියන්නේ ඒ නිසාය දිවුණු සමාජය දැක දැක මිනිසුන් සතුන් මෙන් කපා කොටා ඝාතනය කරන සමාජයක අපි තවමත් ජීවත් වෙති. අදාල ඝාතන සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් වාර්තා කල අතර බොහෝ සංවේදී දර්ශන ඉවත් කිරීම සිදුකරණ ලදී

පළමු ඝාතනය

දෙවන ඝාතනය

අද ඝාතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *