මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ සමස්ථ ලංකා පාසල් චෙස් ශූරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනි

මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ
සමස්ථ ලංකා පාසල් චෙස් ශූරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනි

කොරෝනා කාල සිමාවේ නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ ලැබුණු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම ශිෂ්‍යත්ව විභාගයට පෙරහුරුවක් වූ බව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගත් මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ ඒ.ඒ.ටී තරින්දි ඩයස් දියණිය කියයි.
ඇය කියා සිටියේ රෙජී රණතුංග විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමාපියන්ද තමන්ට මේ සදහා උපකාර කළ බවයි.
මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පදිංචි තරින්දි පවුලේ වැඩිමලාය. ඇයගේ පියා වනතාරක ප්‍රියදර්ශන ඩයස් සහකාර රේගු නිලධාරී යෙකි. මව මිනුවන්ගොඩ බුරුලපිටිය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගරුවරියකි.

ඉගෙනුමට මෙන්ම චෙස් ක්‍රිඩාවටද හපන්කම් දක්වන තරින්දි 2017 වසරේ 7 න් පහල ගම්පහ දිස්ත්‍රික් පාසල් චෙස් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. 2017 අවුරුදු 7 න් පහල චෙස් සමස්ථ ලංකා පාසල් චෙස් තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේද තරින්දිය. 2018 වසරේ අවුරුදු 8 න් පහල දිස්ත්‍රික් ජාතික තරුණ චෙස් තරගාවලියෙන් සමස්ත ලංකා චෙස් තරගාවලියෙත් ප්‍රථම ස්ථානය ලබා ඇති තරින්දි තායිලන්තයේ පැවති ආසියානු චෙස් තරගාවලියේ තුන්වන ස්ථානය හා මිනුවන්ගොඩ කලාපීය පරිඝණක මෘදුකාංග තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

වෛද්‍යවරියක් විමේ ආසාවෙන් සිටින තරින්දි පවසන්නේ තමන් පාසලෙන් ලබාදුන් පාඩම් එදිනම අවසන් කල බවයි. එමෙන්ම පොත් පත් කියවු බවත් කොරෝනා කාලයේ නිවසේ සිට අන්තර්ජාලයෙන් පැරණි ප්‍රශ්ණ පත්‍ර සොයාගෙන ඊට පිළිතුරු ලියූ බවත් ඇය කිවාය. ඇයගේ මෙම ජයග්‍රහණයට සහායදුන් සියළුම දෙනාට සිය ස්තූතිය පුද කරන බවද තරින්දි කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *