මිනුවන්ගොඩ බලය කාසියේ වාසිය මත ද
මිනුවන්ගොඩ ප්‍රධාන පුරවැසියා තෝරාගැනීමට
මිනුවන්ගොඩ නගර සභාවේ බලය කවුරුන් ලබා ගනීදැයි තීරණය කිරීම කාසිය වාසිය මත තීරණය වීමට ඉඩ ඇත. තවත් හෝරා එකහ මාරකින් මිනුවන්ගොඩ ප්‍රධාන පුරවැසියා තෝරාගැනීමට නියමිත බව මිනුවන්ගොඩ නගර සභාවේ ලේකම් එච් ඒ එස් රත්නලතා මහත්මිය ප්‍රකාශ කරන ලදී.මේසදහා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන් ) නීල් ජයසේකර ද එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී මාල් මාරසිංහ ද දැනට යෝජනා වී ඇත. ජවිපෙ කිසිම පක්ෂයකට සහය නොදැක්වුවහොත් සභාවේ ඡන්ද විමසීමක් සිදුකල යුතුය.
ඒ ශ්‍රී ලනිපය එජාපයට සහය දැක්වීමට මිනුවන්ගොඩදී තීරණය කර ඇතිබවට වාර්තාවීම නිසාය.එබැවින් ඡන්දය සමාන වුවහොත් කාසියේ වාසිය උරගා බැලීමට සිදුවනු ඇත.කෙසේ හෝ ඒ ඒ දේශපාලන පක්ෂ අතර සභාවේ බලය රැක ගැනීම වෙනුවෙන් සටනක් අභ්‍යන්තරයේ ඇතිවී ඇත.දැනට පොහොට්ටුවට 7 ක් එජාප 5 ශ්‍රී ලනිප 2 සහ ජේවීපී 1 ලෙස මන්ත්‍රී දුරයන් මිනුවන්ගොඩ බෙදී ගොස් ඇත.