මිගමුව හදන හැටි නිමල් ලාන්සා කියයි

මිගමුව හදන හැටි නිමල් ලාන්සා කියයි

ඔහු මෙි බව ප්‍රකාශ කලේ මිගමුව ප්‍රදේශයේ වජන හමුවලට එක්වෙමින්ය.

මගේ කාලේ අපි හිටියේ විපක්ෂයේ. ඒ නිසා අපට ලොකු වැඩ කොටසක් කරන්න බැරුව ගියා..ඒ කාලෙ තිබුන යහපාලන ආණ්ඩුව. ඒ වගේම මේ ගමන සරත් මහතා සමග තිබුණු පුංචි පුංචි ප්‍රශ්න ආරම්භ වුන නිසා තව අවුරුදු දෙකක් මට මීගමුවට වැඩ කරන්න බැරි වුණා. ඒ කාලේ මම හා ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පිට ආසන වල වැඩ කළා. අමිපාර ත්‍රිකුණාමලය කෑගල්ල වගේ ඈත පළාත් වල මහා මාර්ග හැදුවා
.
මම එහෙම වැඩ කළේ අවුරුදු හතකට ඉස්සර. පසුගිය කාලයේ මට මීගමුවට වැඩ කරන්න බැරි උනත්, වෙනත් අයට වඩා මම වැඩ කරලා තිබෙනවා. ලක්ෂ 60000 වියදමි කරල මීගමුවට ජල ව්‍යාපෘතියක් ඇති කළා. මිගමුවට සියලු යටිතල පහසුකමි ලබාදුන්නා. මීගමුවේ වසර 57 ක ඉතිහාසය තුල නොකරපු වැඩ මම කරලා තියෙනවා. මීගමුව ඉස්සර පොඩි නැත කටත් යට වෙනවා. අපි ඒ ගංවතුර තත්ත්වයටත් කුණු කසල බැහැර කිරීමටත් විසඳුම් දී තිබෙනවා.

2015 මැතිවරණයේදී අපි ඡන්ද 30000 කින් මේ මිගමුව පරාද වුණා. අපේ පක්ෂයටම හම්බ වෙන්නේ ඡන්ද 18000 යි. . මීගමුවේ මිනිස්සු ඡන්දය දෙන්නේ රංජන් රාමනායක වගේ අයට. ඒ මිනිස්සු පැත්ත පලාතෙවත් එන මිනිස්සු නෙමෙයි. නගර සභාවත් අපි පරාද වුණා. මම අට වතාවක් ඡන්දය ඉල්ලන හත් වතාවක් ජයග්‍රහණය කළා එහෙම දිනන්නෙ අර අවුරුදු හතකට ඉස්සරින් මම කරපු වැඩ නිසා. යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන වැඩක් දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නංවන වැඩක් හරි හා කාරණා මම ඉටු කරලා තියෙනවා ඒ නිසා පොදු ජනතාව මා සමග ඉන්නවා

මිගමුවෙි ප්‍රධාන වීදිය මම කඩලා සංවර්ධනය කලා ඒ. දවස් වල සමහරු මටත් බැන්නා. නමුත් ඊට පස්සේ පර්ච් 01 ලක්ෂ 35ට 40ට වැඩි වුණා. මීගමුව බස්නැවතුමි පල ඉදිරියේ කඩ අනූ අටක් කඩලා සංවර්ධනය කලා.. සමහරු ඒකට මට විරුද්ධ වුණා. අද බලන්න මේ ගමේ බස්නැවතුම්පොළ කොච්චර ලස්සනද කියලා. දිවුලපිටිය මිරිගම වගේ පිට පළාත්වල පාරවල් මම හැදුවා. දැන් සමහර අය මෙහේ ඇවිල්ල තියෙනව අපේ පාරවල් පාසල් හදලා දෙන්නම් කියලා. ඒව කවදාක්වත් වෙන්නේ නැති කතා. මීගමුවට වඩා හොඳයි ඉස්කෝල මිරිගම තියෙනවද? දිවුලපිටියේ තියෙනවද? එයාලා තමන්ගේ ආසන වල පහසුකමි හදන්නේ නැතිව අපේ මිගමුවට ඇවිල්ලා හදන්න උත්සාහ කරනවා. මීගමුව ගොඩනැගීම සඳහා මම විශාල කාර්යභාරයක් කළා.

තව වැඩ කොටසක් තියෙනවා කරන්න.. මේ මැතිවරණය ජයග්‍රහණය කළාට පස්සෙ. ඒ වැඩ කොටස කරන්න පුළුවන්. මේ පොදුජන පෙරමුණේ ආණ්ඩුව ආපු ගමන්ම අපේ ජනාධිපතිතුමා මට මිලියන 2000 ක් දුන්නා. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වලින්. අද මල අප්‍රවහන පද්ධතිය හදන්න තවත් මිලියන 6,000 ක් මට දුන්නා. අපේ ළමයින්ට සෙල්ලම් කරන්න හොඳ පිට්ටනියක් මීගමුවෙ නෑ. එනිසා මම මිලියන 600 ක් වැය කරලා කඩොල්කැලේ පිට්ටනියක් හදනවා.. මේ මාළු වෙළඳපල ප්‍රතිසංස්කරණය කරන්න මිලියන තුන්සියයක් වෙන් කරලා තියෙනවා. දළුපොත ඇතලු ප්‍රදේශ ගං වතුරෙන් යට වෙන නිසා ඊට පිළියම් යොදන්න මිලියන 600 ක් වෙන් කරලා තියෙනවා. කාමචිචෝඩයේ විශාල මහල් නිවාසයක් ඉදි කරන්න සරලසුමි කරලා තිබෙනවා.

කිලෝ මීටර් හතළිහක මාර්ග සංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මීගමුව සංචාරක පුරවරයක් නිසා gokart අංගනයක් සහ කේබල් කාර් පද්ධතියකුත් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම කරා මයික් මීගමුවට වටිනාකමක් ලැබෙන්නේ.එතකොටයි මීගමුවට ආයෝජකයා ඉන්නේ. මුදල් සංසරණය වෙන්නේ. අපි මේ විදිහට සංවර්ධනය නොකොලොත් හැමදේටම කොළඹ දුවන්න වෙනවා. මට අපේ ජනාධිපතිතුමා මේ මිගමුව විතරක් නෙමේ වත්තලත් සංවර්ධනය කරන්න බාර දීලයි තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *