මැතිසබේ මා දුටු අසංවරම දවස අදයි

සියලූ දෙනා එකතු වෙලා සභාගයක් හදලා රට ඉදිරියට ගෙනියන්න

‘මා පාර්ලිමේන්තු ආ දවසේ සිට මෙතෙක් දුටු අසංවරම පාර්ලිමේන්තුව තමයි අද දකින්න තිබෙන්නේ. ඒ ගැන මම කණගාටු වෙනවා.‘‘ යැයි එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා අද (16) පැවසීය.

සොයිසා මහතා මෙසේ පැවසූයේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රිඩාංගනයේදී පැවති කිරිගොවි සමුළුව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

‘‘පාර්ලිම්න්තුව සම්බන්ධයෙන් සිංහල භාෂාවේ හොඳ වචනයක් තියෙනවා. වචනවල තේරුම් මම හොඳට දන්නවා. ඒ නිසා ඒ වචනය දැන් කියන්න බැහැ. මම පාර්ලිමේන්තු ආවේ 89 දී. එදා සිට මේ දක්වා මෙවැනි අසංවර හැසිරිමක් මම කිසිම දිනක දැක නැහැ.  අද අපට තියෙන ප‍්‍රශ්නය අගමැති කවුද කියන එක නෙවෙයි.

අගමැති වෙන්න ඕන කවුද කියන එකත් නෙවෙයි. රට නිසි මගට ගැනීමයි. මම අගමැති කියන, අගමැති වෙන්න බලාපොරොත්තු වෙන සියලූ දෙනා එකතු වෙලා සභාගයක් හදලා රට ඉදිරියට ගෙනියන්න. ඊළග මැතිවරණයකදී තමන්ගේ බලය උරගා බලලා තමන්ගේ බලය ශක්තිමත් කරගන්න. රට ආපසස්ට ගෙනියන්න එපා

Lankadeepa>>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *